Wednesday, June 1, 2011

ඉංගිරීසි නම ....kjgjk

මූඩ් එක මොක උනත් මටත් ටික වෙන්න හිනා ගිය කතා වක් තම කියන්න යන්නෙ හරිය.කොයි තරම් හිනා යන කතාවක් උනත් මම කියන විදියට හිනා යන එකක් නම් නෑ.ඒත් කමක් නෑ කොහොම හරි හිනා වෙන්නකෝ ඈ.


මේ කතාවෙ කතා නායකයා අපේ තාත්තගෙ ගෝලයෙක් තමා.ගෝලයෙක් කිව්වට අපේ තාත්තා ගුරුවරයෙක්වත්,මැරයෙක්වත්,ලොක්කෙක්වත් නෙමෙ හරිද.
පොඩ්ඩක් විතර මගේ මලයත් සම්බන්දයි.

ඔන්න අපේ අම්මට නංගයි මලයයි යන පාසලෙන් කැදවීමක් ලැබිලා.නංගගේ ප්‍රගති වර්ථාව ගන්න කියලා.ඉතින් අම්ම ගියා කියමුකො.මලයට ඉංගිරීසිය උගන්වන ඉංගිරීසි මිසීට අම්ම මීට් වෙලා...........දවස් ගානක් තිස්සෙ කට පඩම කරන් උන්න අපේ මලයගෙ ගුණ කථනයක් අම්මට කියලා ..............(අපේ අම්ම වැඩිය ඉස්කෝලෙ පැත්තෙ නොයන්නෙ නොයන්නෙ ඇයි කියලා මටත් ගොනාට වගේ තේරුනා එදා)

කොහොම හරි අම්ම ගෙදර ආව කියමුකෝ ........
තත්තත් නිවාඩුවක් දාලා ගෙදර තමා හිටියෙ.. ගෝලයත් හවස් වෙලා අපේ ගෙවල් පැත්තෙ ආවා....මිසී කියපු විදියටම මලයගෙ ගුණ කථනයක් අම්මත් තාත්තට කිව්ව මේ වෙලාවෙ..........
"මම උත්සහා ගන්නෙ මේ ළමයට ඉංගිරීසියෙන් නම හරි ලියන්න පුරුදු කරන්න" කියල අම්මත් එක්ක මිසී කියලා.ඕකත් අපේ අම්ම කිව්වා.ඔන්න ඉතින් ඕක අර ගෝලයටත් ඇහුනා........
එයාගෙ නම බී.බී.චමින්ද ..... ඉතින් මෙයා කියනවා මටත් 10 යෙදි විතර ඉංගිරීසියෙන් නමවත් ලියන්න බැරිය කියලා.ඊළඟට තමයි කතාව .........

මෙයා 10 දි ඉංගිරිසි පේපරේ ලියලා නම ලියා ගන්න බැරිව දගල දගල ඉදලා තියෙන්නෙ ... ලග හිටපු යලුවෙකුට කියලා පොර කොහොම හරි චමින්ද කියන එක ඉංගිරිසියෙන් ලියවගෙන.
බී.බී.කියලා ඉංගිරීසියෙන් ලියන්න දන්න නිසා අර කොල්ල ලියපු එකට මුලින් B.B.කියලා දාල මිසීට දුන්නලු.

ඔන්න ලකුණු දෙන දවසත් ටික් ගාලා ආවලු.හැමෝගෙම නමයි ලකුණුයි මිසී කිව්වට මේ පොරගේ ලකුණු කියලා නෑ.පොරත් දැන් පුල් හොල්මන්ලු.
ඔන්න ඉතින් සේරගෙම ලකුණු කියලා ඉවර වෙලා ඉතුරු පේපර් එකේ නම කියලා මිසී කතා කරාලු
"කවුද මේ .......... 'B.B.Cricket'....... කියන්නෙ .........?"
Related Posts Plugin for WordPress, Blogger...