Friday, September 7, 2012

ෆ්ලැනන් ප්‍රදීපාගාරය : නොවිසදුනු අභිරහස - Unsolved Mysteries : Flannan Isles Lighthouse

ස්කොට්ලන්තයට වයඹ දෙසින් වූ 'අවුටර් හිබ්‍රිඩ්ස්' හි පිහිටා ඇති දූපත් සමූහක් වන ෆ්ලැනන් දූපත් වලට කිට්ටුම ගොඩබිම අයිස්ලන්තය වේ.ෆ්ලැනන් දූපත් සමූහයෙන් විශාලතම දූපත වනුයේ 'අයිලින් මෝර්' ය.ෆ්ලැනන් දූපත් සමූහය මිනිස් වාසයෙන් තොර පාළු මූසල අඩවියක් ලෙස සැලකෙයි.


Flannan Isles Lighthouse is a lighthouse near the highest point on Eilean Mòr, one of the Flannan Isles in the Outer Hebrides off the west coast of Scotland. It is best known for the mysterious disappearance of its keepers in 1900

1890 ගණන් වල බ්‍රිතාන්‍ය නාවික වෙළදාම විශාල ලෙස ව්‍යාප්ත වූ අතර ස්කැනේඩියානු වරායට යොමු වූ විශාල ප්‍රමාණයේ නෞකා වලට ෆ්ලැනන් දූපත් ඉසව්වෙන් යාත්‍රා කිරීමට සිදු විය.ෆ්ලැනන් දූපත් පිහිටා ඇති ස්කොට්ලන්ත වයඹදිග මුහුදේ නිතරම පාහේ තිබුණු ප්‍රචණ්ඩ ස්වභාවයත් හා විෂම කාලගුණයත් නිසාවෙන් මෙම නෞකා ෆ්ලැනන්හි ගල් පර වල දරුණු ලෙස ගැටී වැනසුණු අවස්ථා බහුල විය.මේ නිසා රාත්‍රි කාලයේදී නෞකා වලට මඟ පෙන්වීම සදහා අඩි 275ක් උසැති ප්‍රදීපාගාරයක් අයිලින් මෝර් දූපතෙහි ස්ථාපිත කිරීමට 1895 වසරේදී කටයුතු ආරම්භ කරන ලදි.වසර දෙකකින් ප්‍රදීපාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලා පොරොත්තු වුවත් දරුණු කුණාටු සහ අයහපත් කාලගුණයෙන් සිදු වූ බාධා නිසා වැඩ කටයුතු නිම කිරීම සඳහා වසර 4ක් ගත විය.නමුත් අවසානයේදී 1899 දෙසැම්බරයේදී ප්‍රදීපාගාරයේ වැඩ කටයුතු නිමාවට පත් විය.


Flannan Isles Lighthouse is a lighthouse near the highest point on Eilean Mòr, one of the Flannan Isles in the Outer Hebrides off the west coast of Scotland. It is best known for the mysterious disappearance of its keepers in 1900
අයිලින් මෝර්හි ප්‍රදීපාගාරය
ෆ්ලැනන් දූපත් ඉසව්වෙන් රාත්‍රී කාලයේ යාත්‍රා කල නෞකාවලට ආරක්ෂාව සපයමින් අයිලින් මෝර්හි ඉටිපන්දම් 140000 බලයකින් යුත් ප්‍රදීපය දීප්තිමත්ව බැබලුනේ එක් වසරක් පම්ණි.කිසිවෙකුට විසදිය නොහැකි මහා අභිරහසක් ඉතිරි කර 1900 දෙසැම්බර් මාසයේ දිනක එය නිවී ගියේය.

ප්‍රදීපාගාරය පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමික නාවිකයන් සිව් දෙනෙකු වාහාම සේවයේ යොදවනු ලැබුවේය.තෝමස් මාර්ශල්,ජේම්ස් ඩූකට්,ඩොනල් මැක් ආතර් සහ ජෝශප් මුවර් යනු නාවිකයන් සිව් දෙනාය.මොවුන් සේවයේ යෙදුනේ වරකට තිදෙනා බැගින් වූ සේවා මුර මාරු ක්‍රමයකටය.සෑම විටම තිදෙනෙකු සේවය කළ යුතු අතර එක අයෙකුට නිවාඩු ගැනීමේ අවස්ථාව මෙමගින් උදා විය.1900 දෙසැම්බර් 6 වෙනි දින තම සති දෙකක නිවාඩුව ජෝශප් මුවර් හට ලැබුණි.නමුත් නත්තලට ප්‍රථම තාමගේ නිවාඩුව ඉවර වීම පිළිබද කණස්සල්ලක් ඔහු තුළ වුවත් තමා පුදුමාකාර වාසනාවන්තයෙකු බව ඔහුට වැටහුනේ පසුවය.


1900 දෙසැම්බර්යේ 21 වන දින මුවර්ගේ නිවාඩුව අවසන් විය.නැවත අයිලින් මෝර් කරා යා යුත්තේ හෙස්පිරස් නැමති කුඩා නෞකාවෙනි.ප්‍රදීපාගාරයට අවෂ්‍ය සැපයුම් හා සේවකයන්ගේ ලියුම් ප්‍රවාහනය මෙම කුඩා නෞකාව මගින් සිදු කලේය.තම සඟයන්ගේ නත්තල් තෑගි සහ තැපෑලද භාර ගත් ජෝශප් මුවර් ප්‍රදීපාගරයට යාමට සූදානමින් පසු වූවත් ෆ්ලැනන් දූපත් ඉසව්වේ තිබූ අයහපත් කාලගුණය නිසා නාවික කටයුතු සදහා නුසුදුසු වතාවරනයක් ඇති කර තිබුණි.දෙසැම්බර් 26 වැනි දින රුදුරු වී තුබූ සයුර මදක් සන්සුන් වීම නිසා හෙස්පිරස් යත්‍රාවට දූපත කරා ගමන් කිරීමට අවසර ලැබුණි.නෞකාව දුපත කරා ළං වත්ම සයුරේ ප්‍රචණ්ඩ ස්වභාවය නැවත වර්ධනය විය.මහත් පරිශ්‍රමයක් යොදා හෙසිපිරස් නෞකාව කෙසේ හෝ දූපතේ නැගෙනහිර අතට යොමු කර ගැනීමට කපිතාන් වරයා සමත් විය.ෆ්ලැනන් ප්‍රදීපාගරයේ ප්‍රදීපය තව දුරටත් දැල්වෙමින් නොතිබුණි.හෙස්පිරස් නෞකාවෙන් නිකුත් කළ කිසිදු සංඥාවකට ප්‍රදීපාගාරයෙ මුදුන් තට්ටුවේ ජනේලයෙන් ප්‍රතිචාර නොලැබිණි.යම් කිසි වරදක් සිදු වී ඇති බව ජෝශප් මුවර්ට වැටහිනි.



නැවෙහි පිරිස කිසිත් නොදොඩා ප්‍රදීපාගාරයේ මුදුන දෙස බලා බිය මුසු බැල්මෙන් බලා සිටියහ.මුවර් හැරෙන්නට අනෙක් කිසිවෙක් දූපත යාමට මැලි කමක් දැක්වීය.අපමණ චකිතයකින් වුවත් තම සඟයන්ට සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීමට යාමට මුවර් තීරණය කලේය.හෙස්පිරස් නෞකාවෙන් පහත් කරනු ලැබූ කුඩා බෝට්ටුවක නැගුණු ජෝශප් මුවර් වියරු රළ ගෙඩි අතර පොරබඳා මහත් ආයසයෙන් අයිලින් මොර්හි කුඩා තොටුපළට ලඟා වූවේ ය.

බොට්ටුවෙන් බැස ගත් මුවර් ප්‍රදීපාගාරය දෙසට වේගයෙන් දිව ගියේය.ප්‍රදීපාගාරයේ දොරටුව හොදින් වසා තිබුණි.නමුත් එය අගුල් දමා නැත.ප්‍රදීපාගාරයට ඇතුලු වූ මුවර් කවාකාර පඩි පෙළ ඉහළට ගියේය.සේවකයන් ආහාර ගැනීමට භාවිතා කරන කාමරයට ඇතුළු වී ඔහුට පිඟන්, කෝප්ප, හැදි ගෑරුප්පු ආදිය මැනවින් පිරිසිදු කොට පිළිවෙලකට තබා තිබෙනු දක්නට ලැබිණි.නමුත් සියල්ල වසා ගෙන පැවතියේ අමානුෂික නිහැඩියාවකි.

කාමරයක් පසා පරීක්ෂා කරමින් ඉහළට ගිය මුවර්ට තම සඟයන් පිළිබදව හෝඩුවාවක් හෝ සිදු වී කිසියම් දෙයක් පිළිබදවත් හොඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.සියල්ල නිසි අයුරින්ම පැවතින.ඔහුට පරික්ෂා කිරීමට ඉතුරු වී තිබුනේ ප්‍රදීපය දැල්වෙන මුදුනේම පිහිටි කාමරය පමණි.ඔහුගේ ධෛර්ය හීන වන්නට පටන් ගත්තේය.සිය සඟයන්ගේ නම් අමතමින් කෑ ගැසුවත් පීළිතුරක් නොලැබිණි.කාමරයට ඇතුලු වී එහි ඇති දර්ශනයට මුහුණ දීමට බිය වූ මුවර් නැවත් දිවගොස උම්මත්තකයෙකු මෙන් බොට්ටුවද පදවාගෙන නෞකාවට ගියේය.

අත්දැකීම කපිතන්ට විස්තර කර මුවර් ලාම්පු කාමරයට ඇතුලු වීමට තවත් කවුරුන් හෝ සමඟ යාමට වුවමනා බව පැවසුවත් කිසිම නාවිකයෙකු එයට ඉදිරිපත් නොවූහ.අවසානයේදී කපිතාන්වරයාගේ නියෝගය මත නාවිකයෝ දෙදෙනෙක් මුවර් සමඟ දූපතට පැමිණියහ.ප්‍රදීපාගාරයේ සේවකයන් කිසියම් ආපදාවකට මුහුණ පා ලාම්පු කාමරයේ ඇතැයි ඔවුන් අනුමාන කළහ.කාමරය තුළ යම්කිසි ශබ්දයක් ඇත්දයි බැලීමට අයෙක් දොරට කන තබා බැලුවේය.කිසිම ශබ්දයක් නැත.අවසානයේදී ඔවුන් දොර විවෘත්ත කළහ.ඔවුන් අනුමාන කළ අයුරින් අසනීප වි හෝ මිය ගිය අයගේ සිරුරු එහි නොතිබිණි.කාමරය හිස්ය.සියල්ල පිළිවලට ඇත.එසේනම් සේවකයන්ට සිදු වූයේ කුමක්ද ?

මුවර් සහ නාවිකයන් දෙදෙනා ගොඩනැගිල්ල ක්‍රමවත්ව පරීක්ෂාකර බැලූහ.සේවකයන්ගේ කොට්ට මෙට්ට, ඇද ඇතිරිලි ක්‍රමවත්ව සකස් කර තිබුණි.ඇදුම් පැළදුම් අතරින්ද අඩු පාඩුවක් සිදු වී ඇති බවක් නොපෙනුනි.ලාච්චු වල සෑහෙන මුදල් ප්‍රමාණයක්ද විය.
සේවකයන් තිදෙනා තම සේවය අතහැර කිසිවිටෙක දූපතෙන් පිටව නොයන බව මුවර් සහතික කලේය.එසේ යාමට අවශ්‍යතවක් තිබුණත් දූපතෙන් පිට වීමට මාර්ගයක් ඔවුනට නොතිබුන බවද පසුගිය සති දෙක තුළ කිසිදු යාත්‍රාවක් දූපත අසලටවත් නොපැමිණි බවද තහවුරු විය.

ජෝශප් මුවර් හා හෙස්පිරස් නෞකාවෙහි කපිතාන් ප්‍රදීපාගාරයේ ලොග් පොත පරීක්ෂා කර බැලුවේ සේවකයන් තිදෙනාට සිදු වී කිසියම් දෙයක් ගැන හෝඩුවාවක් සොයා ගැනීමටය.

"දෙසැම්බර් 12 : දූපතට වයඹ දෙසින් අධික වේගයෙන් සුළං හමයි.කිසි දිනෙක නුදුටු ආකාරයේ දරුණු කුණාටුවක්.මුහුද ඉතා ප්‍රචන්ඩයි,රැල්ල ඉතා උස්ය.ඩුකට් වහා කිපෙන සුළුයි".
නමුත් ලොග් පොතෙහි සදහන් ආකාරයේ කිසිදු දරුණු කුණාටුවක් ලුවිස්හි සිට සැතපුම් 20ක් ඇතුළතවත් වාර්තා නොවීය.

මීළඟ ලොග් සටහන එදිනම මධ්‍යම රාත්‍රියේ යෙදූ එකකි."කුණාටුව තවමත් එලෙසෙමයි.සුළං තවත් දරුණු වෙයි.පිටතට යා නොහැකිය.අසලින් යන නෞකාවක් තම නලා හඩවමින් ගමන් කරයි.කැබින් කාමර වල අලෝකය දැකිය හැක.ඩූකට් නිහැඩියි, මැක් ආතර් හඬමින් සිටී".
ඩොනල් මැක් ආතර් යනු ඉතාමත් පළපුරුදු නාවිකයෙකි.ඔහු ඕනෑ තරම් දරුණු කුණාටු වලට මහ මුහුද මැද මුහුණ දී තිබේ.එසේනම් මෙවර ඔහු කඳුළු සැලීම පුදුමයට කරුණක් නොවේද ?

"දෙසැම්බර් 13 : කුණාටුව රාත්‍රිය පුරාම තවමත් පවතියි.සුළගේ දිශාව බටහිර සිට උතුරු දෙසට වෙනස් විය.ඩූකට් නිහැඬිය.මැක් ආතර් යාඥා කරයි".
තාමාගෙ සඟයන්ගෙන් කිසිවෙක් යාඥා කරනු ලැබූ බවක් ජෝශප් මුවර්ට මතකයක් නැත.ඇරැත් තමා හා සේවය් යෙදී සිටි මැක් ආතර් වැනි පළපුරුදු නාවිකයෙකු හැඬීම සහ ඊළඟ දවසේ යාඥා කිරීම මුවර්ට විශ්වාස කළ නොහැකි දෙයක් විය.ඔවුන් දිඟටම ලොග් පොත කියවූවේය.

දෙසැම්බර් 14 වන දින කිසිම ලොග් සටහනක් යොදා නැත.එසේ කිරීමට හේතුවක් හෝ දක්වා නොතිබුණි.මුවර් සහ කපිතාන්ට ලොග් පොතෙහි යොදා තිබූ අවසාන සටහන දැක ගත හැකි විය.
"දෙසැම්බර් 15 : ප.ව. 1.00.කුණාටුව අවසන්.මුහුද සන්සුන්ය.දෙවියනේ ඒක අවසානයි".

නමුත් ගැටලුව සේවකයන් තිදෙනාටම සිදු වූයේ කුමක්ද යන්නය.ඔවුන් තිදෙනාම එක වරම අතුරුදන් වී ඇත.ඔවුන්ට යමක් සිදු වී නම් ඒ දෙසැම්බර් 15 වැනි දින සවස 1 න් පසුව බව නිගමනය විය.පරීක්ෂකයන් දූපතෙහි සෑම අගලකම විපරම් කළ මුත් සැක කටයුතු යමක් හෝ සේවකයන් තිදෙනා ගැන හෝඩුවාවක් හෝ සොයා ගැනීමට නොහැකි විය.කිසිම තැනෙක වාර්ථා නොවූ අයිලින් මෝර් දූපතට පමණක් බලපෑ කුණාටුව කුමක්ද ? එය තෝමස් මාර්ශල් උණ විකාරයෙන් දුටු සිහිනයක්ද ? එසේනම් මැක් ආතර් බිය වුනේ කුමකටද ? ඔහු දෙවියන් යැද්දේ ඇයි ?
සේවකයන් තිදෙනා පිටතට යාමට උත්සාහ ගැනීමේදී කුණාටුවට හසු වූවේයැයි සිතිය නොහැක.මන්ද යත් පළපුරුදු නාවිකයන් කුණාටු අවස්ථාවකදී ප්‍රදීපාගාරය තුළට වී දොරවල් වසා ආරක්ෂා සහිතව සිටිනු විනා පිටතට පැමිණ වුවමානාවෙනම තම ජීවිත අනතුරේ හෙළාහනී ද ? ඇරැත් ඔවුන්ගේ වැහි කබා සහ බූට් සපත්තුද තිබූ තැන් වලම පවතී.ඒවා නොපැළද ඔවුන් කිසි විටෙක පිටතට යා නොහැකිය.
එසේනම් එක් සේවකයෙකු විසින් අනික් දෙදෙනා ඝාතනය කර තමන්ද සියදිවි හානි කර ගත්තේද ? නමුත් පොරව,පිහිය ඇතුලු සියලු ආවුද ඒවා තිය යුතු නියමිත තැන් වලම සුරැකිව තිබිණි.එසේ සිදු වූවත් ඔවුන්ගේ සිරුරු ?
නැතිනම් කිසියම් අමනුෂ්‍ය බලවේගයක් විසින් ඔවුන්ව ගිල ගනු ලැබුවේවත් ද?

නිශ්චිත වශයෙන්ම අයිලින් මෝර්හි එදා සිදු වූයේ කුමක්දැයි අද වන තුරු කිසිවෙකුට පැවසිය නොහැක.අතුරුදන් සේවකයන් තිදෙනා පිළිබඳ කිසිම හොඩුවාවක් අද වන තුරුත් ලැබී නොමැත.ෆ්ලැනන්හි ප්‍රදීපාගාරය ලොවට හෙලිනොවූ අභිරහසක් රැකගෙන තවමත් අමානුෂික නිහැඬියව තුළම ගිලී පවතියි.

තොරතුරු - අන්තර්ජාලය ඇසුරෙන්

6 comments:

  1. නියම ලිපියක් මචන්.
    ලියලා තියන විදියත් නියමයි.

    -තාරක

    ReplyDelete
  2. @Anonymous තෑන්ක්ස් තාරක..
    ලියපු විදියනම් මට ආවෙණික නෑ :(
    තා පෝස්ට් ටිකක් තියේ ඉස්සරහට දාන්නම්කො

    ReplyDelete
  3. මැක්සා ලිපිය මචන් .....

    ReplyDelete
  4. වටිනා ලිපියක් සහෝ අකුරු ටිකක් ලොකු කලා නම් අගෙයි අයෙමත් එන්නම් ජය .......

    ReplyDelete
  5. @රොබින්,ධම්මික - තෑන්ක්ස් වේවා !

    @සචිත් - තෑන්ක්ස් සහෝ..මේ ටෙම්ප්ලේට් එකේ අවුලක් වගේ :( අකුරු ලොකු කලාට වෙනසක් වෙන්නෙ නෑ :(

    ReplyDelete

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...