Tuesday, April 17, 2018

පෞලාගේ අත්භූත අතුරුදන් වීම : නොවිසදුනු අභිරහස් - Unsolved Mysteries : The Disappearance of Paula Jean Welden

පෞලා ජීන් වෙල්ඩෙන්, එක්සත් ජනපදයේ වෙර්මොන්ට් වල බෙනින්ටන් විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ වයස අවු 18ක් වූ ශිෂ්‍යාවකි. වර්ෂ 1946 දෙසැම්බර් මස 01 වන දින පෞලා ජීන්ගේ මිතුරිය වූ එලිසබත් පාර්කර් විද්‍යාල බලධරයන්ට පවසා සිටියේ එලිමහනේ ඇවිදින්න ගිය පෞලා නැවත සිය කාමරයට පැමිණ නොමැති බවයි. බෙනින්ටන් විද්‍යාලයට යාබදව සැතපුම් 270කට ආසන්න දුර ප්‍රමාණයක් ඇති ප්‍රසිද්ධ වෙර්මොන්ට් අඩිපාර පිහටා තිබුනේය. මෙම අඩිපාර සංචාරක ආකර්ෂණය දිනා ඇති තැනක් විය. වෙර්මොන්ට් අඩි පාර කැනඩාව සහ වෙර්මොන්ට් වෙන් කරන දේශ සීමාව ඔස්සේ වැටී තිබිණි. පෞලා ජීන් වර්මවුන්ට් අඩි පාර ඔස්සේ ඇවිද ගොස් මංමුලා වී ඇතයි සැක සිතූ විද්‍යාල බලධරයන් ඇය සොයා වෙර්මොන්ට් වල සෙවුම් කණ්ඩායාම් යෙදවූහ. ප්‍රදේශ වාසීන්ගෙන්ද සෙවුම් කණ්ඩායමට අසන්නට ලැබුනේ පෞලාව වෙර්මොන්ට් අඩිපාර අසල දක්නට ලැබුණ බවකි.
පෞලා ජීන් වෙල්ඩෙන්
අදාල ප්‍රදේශය දින ගනනක් තිස්සේ කෙතරම් සූක්ෂමව පිරික්සුවත් පෞලා ගැන කිසුදු හෝඩුවාවක් සොයා ගැනීමට සෙවුම් කණ්ඩායම් හෝ පොලීසිය අසමත් විය. පෞලා සොයා දියත් කල මෙහෙයුම් වෙනත්ම අතකට යොමු කල තොරතුරක් පොලීසියට ලැබුනේ පෞලාගේ අතුරුදන් වීමේන් දින කිහිපයක් ගත වූ තැනය. මැසචුසෙට් වල අවහන් හල් සේවිකාවක් පොලීසියට දන්වා තිබුනේ පෞලාගේ හැඩ රුව විස්තරයට සමාන කනස්සල්ලට පත් මුහුණක් තිබූ යුවතියකට ඇය විසින් අවන්හලේදී සංග්‍රහ කල බවයි. මේ අතරතුර පෞලාගේ පියාද සැක කටයුතු ලෙස දින එකහමාරක් තිස්සේ අතුරුදන් වී සිටියේය. ඔහුගේ මේ අමුතු හැසිරීම නිසා පොලිසියේ ප්‍රධාන සැකය ඔහු වෙත යොමු විය. පසුව විශ්වාෂ කටයුතු තොරතුරු මාර්ගවලින් පොලීසියට දැන ගන්න ලැබුනේ පෞලා හා ඇගේ දෙමව්පියන්ගේ අර්බුධකාරී ජීවිත ගැනයි. පෞලාගේ දෙමව්පියන්ගෙන් කල ප්‍රශ්න කිරීම් හමුවේ දැනගන්නට ලැබුනේ ඉහත තොරතුරු සත්‍ය බවයි. කෙසේ නමුදු පොලිසියට අනාවරනය කර ගත හැකි වූයේ අතුරුදන් වූ දිනට සතියක පෙර සිට පෞලා සිය දෙමව්පියන් බැහැදැකුමට නොපැමිණි බවයි. මේ නිසා පෞලාගේ පියා මූලික කරගෙන සිදු කෙරුන පරීක්ෂණ කටයුතු තව දුරටත් ඉදිරියට යා හැකි සාක්ෂි නොමැතිව ඇණහිටියේය.
වෙර්මොන්ට් අඩිපාර
පෞලාගේ අතුරුදන් වීමෙන් පසු එළඹි දශකය තුළ බෙනින්ටන් වල ජීවත් වූ අමුතු මිනිසෙකු තමන් පෞලා වළ දැමූ ස්ථානය දන්නේයැයි පවසමින් දෙවතාවක් පමණ සිය මිතුරන් කිසියම් ස්ථානයක් පෙන්වීමට කැටුව ගොස් තිබුණේය. නමුත් ඔහුට පොලීසියට හෝ අන් කිසිවෙකුට තමන් පවසන දෙය සනාථ කරන ස්ථානයක් හෝ සාක්ෂි ලබාදීමට නොහැකි විය. අපරාධයක් පිළිබද සාක්ෂි නොමැතිකම හා සිරුරක් හමු නොවීම යන කාරනා මත පෞලාගේ පරීක්ෂණ කටයුතු යට ගියේය. පෞලාගේ මෙම අත්භූත අතුරුදන් වීමට කිසියම් අදිසි බලවේගයක් වගකිය යුතු බවට ජනතාව අතර රාවයක් පැතිරින. පසු කාලීනව ඉංග්‍රීසි ජාතික කතුවරයෙකු වූ ජෝෂප් සිට්‍රෝ "බෙනින්ටන් ත්‍රිකෝණය" යනුවෙන් විස්තර කල තර්කයක් ඉදිරිපත් කලේය. මෙයින් පැවසුනේ බෙනින්ටන් පෙදෙසේ ඇති විශේෂ ශක්තියක් පිටසක්වළ ජීවීන් එම පෙදෙසට ආකර්ෂණය කර ගන්නා බවත් එම ජීවීන් විසින් පෞලාව කිසිදු සාක්ෂියක් නොතබාම පැහැරගෙන ගොස් යන්නට හැකි බවයි.

වසර 1946 දෙසැම්බර් මස පළමු වෙනිදායින් පසු අද වන තෙක්ම පෞලා ජීන් ගැන කිසිම හෝඩුවාවක් ලැබී නොමැත. පෞලාගේ අතුරුදහන් වීම අදටත් ලොවට විසදාගත නොහැකි අභිරහසකි.


තොරතුරු - අන්තර්ජාලය ඇසුරෙනි.

No comments:

Post a Comment

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...