Tuesday, April 17, 2018

පෞලාගේ අත්භූත අතුරුදන් වීම : නොවිසදුනු අභිරහස් - Unsolved Mysteries : The Disappearance of Paula Jean Welden

පෞලා ජීන් වෙල්ඩෙන්, එක්සත් ජනපදයේ වෙර්මොන්ට් වල බෙනින්ටන් විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ වයස අවු 18ක් වූ ශිෂ්‍යාවකි. වර්ෂ 1946 දෙසැම්බර් මස 01 වන දින පෞලා ජීන්ගේ මිතුරිය වූ එලිසබත් පාර්කර් විද්‍යාල බලධරයන්ට පවසා සිටියේ එලිමහනේ ඇවිදින්න ගිය පෞලා නැවත සිය කාමරයට පැමිණ නොමැති බවයි. බෙනින්ටන් විද්‍යාලයට යාබදව සැතපුම් 270කට ආසන්න දුර ප්‍රමාණයක් ඇති ප්‍රසිද්ධ වෙර්මොන්ට් අඩිපාර පිහටා තිබුනේය. මෙම අඩිපාර සංචාරක ආකර්ෂණය දිනා ඇති තැනක් විය. වෙර්මොන්ට් අඩි පාර කැනඩාව සහ වෙර්මොන්ට් වෙන් කරන දේශ සීමාව ඔස්සේ වැටී තිබිණි. පෞලා ජීන් වර්මවුන්ට් අඩි පාර ඔස්සේ ඇවිද ගොස් මංමුලා වී ඇතයි සැක සිතූ විද්‍යාල බලධරයන් ඇය සොයා වෙර්මොන්ට් වල සෙවුම් කණ්ඩායාම් යෙදවූහ. ප්‍රදේශ වාසීන්ගෙන්ද සෙවුම් කණ්ඩායමට අසන්නට ලැබුනේ පෞලාව වෙර්මොන්ට් අඩිපාර අසල දක්නට ලැබුණ බවකි.
පෞලා ජීන් වෙල්ඩෙන්

Sunday, April 15, 2018

කවුද කූපර්? කොහෙද කූපර්? : නොවිසදුනු අභිරහස් - Unsolved Mysteries : Who (and where) is DB Cooper?

වර්ෂ 1971 නොවෙම්බර් මස 24 දිනය, නොර්ත් වෙස්ට් ගුවන් සමාගමට අයත් අංක 305 ගුවන් යානය පෝර්ට්ලන්ඩ් ගුවන් තොටුපළෙන් පිටත් වූයේ විනාඩි 30 ක ගුවන් කාලයක් නිමා කර සියෙටැල් ගුවන් තොටට ලගා වීමටයි. අප කථාවේ කථා නායකයා වන ඩැන් කූපර්ද මෙම ගුවන් ගමනට සහභාහී වී සිටියේය, මැදි වයසේ පසු වෙන මිනිසෙකු වූ කූපර් එදින අදුරු පැහැ ඇදුමකින් සැරසී කලුපැහැති ටයි පටියක් පැලද සිටියේය. පහසුවෙන් ඔහුට අයත් අසුනට බර වූ කූපර් සිගෙරෙට්ටුවක් දල්වා ගත්තේය. ඉතා මිත්‍රශීලීව ගුවන් සේවිකාව ඇමතූ ඔහු බර්බන් එකක් හා සෝඩා බෝතලයක් ඇණවුම් කර ගෙන්වගත්තේ එවෙලේම මුදල් ගෙවාය. අවුරුදු 23ක් වූ පමන වයස වූ රූමත් ගුවන් සේවිකාවක් ඇමතූ කූපර් ඇය අත මත යමක් කුරුටු ගෑ කඩදාසියක් තැබුවේය. එහි ඇත්තේ ඔහුගේ දුරකතන අංකයයි සැක සිතූ ගුවන් සේවිකාව එය ප්‍රතික්ෂේප කලාය.
During the flight he ordered a glass of bourbon before asking a flight attendant to write a note: 'I HAVE A BOMB IN MY BRIEFCASE. I WILL USE IT IF NECESSARY. I WANT YOU TO SIT NEXT TO ME. YOU ARE BING (sic) HIJACKED.'
FBI සතු කූපර්ගේ සිතුවමක්

ඇගේ මුහුණ දෙස එක එල්ලේ බැලූ කූපර් "මෙනෙවිය, ඔබ ඔය ලියමන බැලුවානම් වඩා හොදයි" යනුවෙන් පවසා මදකින් "මා සතුව බෝම්බයක් තිබෙනවා" යි ද පැවසුවේය.

ජූලියා වොලස් ඝාතණය : නොවිසදුනු අභිරහස - Unsolved Mysteries : The Murder Of Julia Wallace

ජූලියා වොලස් බ්‍රිතාන්‍යයේ ලිවර්පූල්හි ජීවත් වූ අවු: 29ක් වූ විවාහක ගෘහණියකි. දිනය 1931 ජනවාරි 19, ජූලියාගේ සැමියා වූ විලියම් තම ප්‍රදේශයේ පැවති චෙස් තරගයකට සහභාගී වීමට නිවෙසින් පිටත් විය. නැවත නිවෙසට පැමිණි ව්ලියම්ට සිය බිරියගෙන් අසන්නට ලැබුනේ ඔහුගේ මිතුරෙකු දුරකතන ඇමතුමකින් ඔහු වෙනුවෙන් තැබූ පණිවිඩයකි. නමුත් මේ පණිවිඩය තැබූ තැනැත්තාගේ නම වූ කෝල්ටෲ ඔහුට හුරු නමක් නොවීය. කෙසේ වුවත් ඊළග දිනයේ විලියම් තමාට ලැබුණු පණිවිඩයේ සදහන් ලිපිනය වූ "අංක 25, නැගෙනහිර මෙන්ලොව් උද්‍යානය" වෙත ගියේය. හොරාවක් පමණ වෙහෙසුනු ඔහුට අවසානයේ දැනගැනීමට ලැබුණේ උක්ත ලිපිනය ව්‍යාජ එකක් බවයි.

මෙම නොමග යැවීම නිසා කනස්සල්ලට හා කෝපයට පත් විලියම් නැවත් සිය නිවෙස කරා පිය මැන්නේය. නිවෙසට ඇතුලු වූ ඔහු දුටු දසුනෙන් වික්ශිප්ත වී ගියේය. ඔහුගේ ආදරණිය ජූලියා ලේ විලක් මැද මියගොස් සිටියාය.

Police photograph of Julia Wallace's battered corpse. But who was the culprit?
ලේ විලක් මැද මියැදුන ජූලියා

Related Posts Plugin for WordPress, Blogger...