අද පෝස්ට එක ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච් සිදුවීම් වගයක් ගැන. ඒ කියන්නෙ සාමාන්‍ය පෙළ විභාගය කිට්ටුව වෙච්චි දේවල් ටිකක්.
10 වසරෙදි අපිට විද්‍යාව උගන්වන්න හිටියෙ සර් කෙනෙක්. සර් ට අපි ආදරේට කිව්වෙ "බැටිස්ටා" කියල තමයි. මොකද එයාත් තනිකරම බැටිස්ට වගේ. කොණ්ඩෙත් නට්ටටම කපලා ඒකට තට්ටෙ කියන්නත් බෑ මොකද යාන්තමට වගේ කොණ්ඩ ගස් නටු ටිකත් පේන්න තිබ්බා.අපේ සර් හරිම සැරයි. පොඩි දේටත් දෙන්නෙ පැලෙන්න. වේවැල් පාරවල් කෑවහම කොල්ලන්ට වාඩි වෙන්නවත් බෑ. ඒ වගේම තමයි නිකන් ඉන්නකොටත් කම්මුල් පාරකට සූදානම් වෙලා තමයි ඉන්න ඕන. හැබැයි හරි හොදයි අපේ සර්. උගන්වන එකනම් බොක්කෙන්ම කරනව. කොච්ච්රද කිව්වොත් අනික් සර් ල මිස්ලගේ පීරියඩ් බලෙන් අරන්ම අපිට උගන්වනවා.
සර් විද්‍යාව ඉගැන්වුවේ අපේ පන්තිය ඒ කියන්නෙ D එකටයි අල්ලපු පන්තිය C එකටයි. C එකේ පන්ති බාර සර්ට තමයි. ඉතිං සාර් කරන්නෙ පන්ති දෙකම එකට දාගෙන පීරියඩ් 2ක 3ක් අරන් උගන්වනවා. උදේ පාන්දර අපේ පන්තිභාර සර් එන්න කලින්
"හා හා ඉක්මනට වරෙල්ල පුටුත් අරන් එහා පන්තියට"
කියල අපිව බලෙන්ම ඇදන් යනවා විද්යාව උගන්වන්න. අකමැත්තෙන් වුනත් අපිත් ඉතිං යනවා. ඇත්තටම අපේ කොල්ලන්ට හරිම හිරි හැරයි සර් ගෙන්. ගුටි ගහන එකමයි වැඩේ. සර් ට කවුරු හරි නෝට් උනොත් ඒකට හැමදාම ගුටි තමයි. ඉතිං මේ වගේ නෝට් වෙච්ච් අය ටික දෙනෙක් හිටියා. ටිකකක් කිව්වට ගොඩක්. ඒ වගේ අය ඉස්සරහ පේළිවලට තමයි වාඩි කරව ගන්නෙ. එහෙම අරන් පොඩි දේටත් කම්මුල් පාරක් තමයි ඉතිං.
මම ඉතිං ඒ වගේ නෝට් වුන කෙනෙකුත් නෙමෙයි. ඒ වගේම වැඩිය කැපිලා පෙනුන චරිතෙකුත් නෙමෙයි. ඔන්න දවසක් අපේ පන්ති දෙකම එකට දාලා සර් ඉගැන්නුවා. දෙවෙනි පීරියෙඩ් එකේ මැද විතර වෙද්දි මට ඔලුව කෙලින් තියන් ඉන්නම බෑ. ඉබේම ඇස් පිය වෙනවා. මන් ටිකක් දෙපැත්ත හැරිලා බැලූවාම් පේනව තා 1ක් 2න්නෙක් නිදි වගේ. අනේ ඉතිං උන්ට හොඳනම් මට මොකෝ කියල හිතුනා මට. එහෙම හිතුවට ෆුල් ට්‍රයි කලේ ඇස් ඇරගෙන ඉන්න.
විනාඩි 2ක් 3ක්.. නැත්නම් 5ක් 10ක් වෙන්න ඇති.
'පටාස්'
සද්දෙ මොකක්ද කියලා බලද්දි සර් මගේ ඉස්සරහා.
Showing posts with label පාසල. Show all posts
Showing posts with label පාසල. Show all posts
Friday, November 4, 2011
Friday, September 30, 2011
ඉතිහාසය සොරාගැනීම:@
හයියා........ඔන්න තා පෝස්ට් එකක් දාන්න යන්නෙ. මේකනම් කරපු වීරක් ක්‍රියාවක් ගැන තමයි. ඒත් දැන්නම් හිතෙනව මේක මහ මෝඩ වැඩක්. පව් වැඩක් කියලා. ඔයාලත් කියවලාම බලන්නකෝ........

දන්නවනෙ ඉතින් ඒ කලේ අපි සර් ලා හැදින්නුවෙ එක එක අනුවර්ත නාම වලින තමයි. අපේ ඉතිහාසය සර් ට අපි කිව්වෙ මහාචාර්ය ස්නෙප් කියලා. මොකද සර් පන්තියට කඩාගෙන බිදගෙන ඇවිත් එක පාරට හැරීපොටර් එකේ ස්නෙප් වගේම කිසි කතාවක් නැතුව අතින් සිග්නල් එක දෙනව නැගිටින්න :P
සර් වැඩි හරියක් ඉතිහාසය ප්‍රශ්න තමයි අපිට කරේ o/l විභාගෙටම තම්යි අපිව හුරු කලේ.
කොහොම හරි සර් පන්තියට එද්දි හැමදාම සර්ගෙ අතේ තියනවා කහ පාට පොතක්. අච්චු පොතක්. අපි ඉතින් බබාල වගේ ඔය පොත ගානට නෝට් කරන් තමයි හිටියෙ. ඉතින් සර් අපිට ඉතිහාසය ප්‍රශ්න දෙන අත්පොත තමයි ඒක......
දවසක් අපි සෙට් එක පුස්තාකලෙට වෙලා ඉද්දි සර් අවා එතනට ඇවිත් පුස්තකාලෙ භාර මිස් එක්ක මොනාද කතා කරලා කොනේම තිබ්බ පොත් රැක් එකකින් පොතක් තියලා යන්න ගියා. මමයි මගේ තා යාළුවෙක් මේ සීන් එක බලන් හිටියෙ. සර් ගියාට පස්සෙ අපි හෙමීට පොතක හොයන්න වගේ ප්ලේස් එකට ගියා මෙන්න වැඩක් සර් පන්තියට එද්දි ගේන පොත එතන තියනවා.
ඉතින් අපි ෆන් එකට වගේ පොත උස්සමු කියලා කතා වුනා..ගෝලයෝ සෙට එකම වගේ වැඩේට කැමති.පොඩි ෆන් එකකුත් තියන නිසා. කොහොම හරි පුසතකාලෙ තියන කැමරා වලිනුත් බේරිල මට පොත එලියට පන්න ගන්න පුලුවන් වුනා. එලියට ගෙනාව විතරයි යකෝ පොතට අයිති කාරයො පිරිලා. මගේ මහන්සිය නිසා මම කිව්ව නෑ මුල් සතිය මම ගෙනියනව කියලා..... අපි ප්‍රශ්න ටික බලාගෙන ආයිමත් පොත ගිහින් තියන්න තමයි හිටියෙ.... එහෙමයි කියමුකෝ තාමත් පොත මගෙන් පිට ගියේ නම් නෑ :D :D
ඊට පස්සෙ සර් පන්තියට එද්දි සර් ගෙ අතේ කහ පාට පොතක් නෑ.සතියක් විතර යනකම් ප්‍රශ්නත් අඩුයි සර්ගෙ මූණත් එච්ච්ර හොඳ නෑ.. ඔහොම සති දෙකක් විතර ගියා. සර් ඒ පොතේ තා කොපයක් හොයාගෙන... :-(
අපි ඉවරයි එදා ඉදලා සර් අපිට දුන්න ප්‍රශ්න ගාන දෙගුණ කරලා.... ප්‍රශ්න කරන්න බැරි වෙච්චි දවස් ටිකත් අල්ලන්න ඕන කියල.
Saturday, January 29, 2011
වලිය ......බොරුව........ සහ කටුව!
අද දවල් වෙච්ච සිරා සිද්ධියක් නිසා ආපු සිතුවිලි ටිකක් තමා මේ.පාසල් සමයේ කොල්ලො ඉතින් වලියක් දා ගන්න එක හරිම සාමාන්‍ය දෙයක් නෙ.අනික ගොඩක්ම වලි යන්නේ ගැහැණු පාර්ෂවය සම්බන්ධයෙන් කියලත් ගොඩක් අය සාමාන්‍යයෙන් දන්න දෙයක් නේ.මේ ලිපියත් ඒ දෙකටම අදාල දෙයක් තමා..........
ඔන්න ඉතින් අපි ඊයේ පාසලේ දි පොඩි පහේ බජව්වක් දා ගෙන තමා හිටියේ.මගේ එක යාලුවෙක් හොදටම වගේ මූඩ් ගහල හිටි බව අපේ සෙට් එකට තේරුනා.බලද්දි මෙන්න බොලේ සැර වලියක් සෙට් වෙලා.ඒකත් කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයකට.මොනා වුනත් අපේ එකානෙ කියලා කට්ටියම සෙට් උනා අද වලියට.මොකද අපේ එකාට ගේම දාපු උන් අද ප.ව.1.00 ට ගාල්ලේ ඔය වගේ වලි වලට බොහොම නමගිය තැනකට තමා එන්න කියලා තිබ්බේ.
මොකත් එකයි කියලා අපි අද සෙට් වෙන්න ඊයෙම කතා කරගත්තා.කොහොමින් කොහොම හරි දන්න කියන හැම එකාවම මේ වැඩේට සෙට් කරගන්න අපෙ සෙට් එකට පුලුවන් වුනා.
Friday, January 28, 2011
පැනීම ....... පැනීමට නොව!!!
පැනීම වනාහි දඩුවම් ලැබිය යුතු වරදකි....නමුදු,
හිරේ විලංගුවේ දැමිය නොහැක!
පැනීම වීරක්‍රියාවක්ද???????
කස්ටිය පනින ආකාර දෙකක් මා දැක ඇත.
ක්‍රම දෙකම අත්හදා බලාද ඇත්තෙමි...........
හිත ගස්සා ගනිමින් ...
හොර ගල් අහුලමින් ...
තාප්පයට ආලය කරන්නාක් මෙන් එහි දැවටෙමින්...
Subscribe to:
Posts (Atom)


