Friday, September 30, 2011

ඉතිහාසය සොරාගැනීම:@

හයියා........ඔන්න තා පෝස්ට් එකක් දාන්න යන්නෙ. මේකනම් කරපු වීරක් ක්‍රියාවක් ගැන තමයි. ඒත් දැන්නම් හිතෙනව මේක මහ මෝඩ වැඩක්. පව් වැඩක් කියලා. ඔයාලත් කියවලාම බලන්නකෝ........

මේකයි සිද්ධිය.........අපි 10,11 දි අපිට ඉතිහාසය ඉගැන්නුවෙ සුමනසිරි සර් කියලා සර් කෙනෙක් මම ගොඩක් ගරු කරන සර් කෙනෙක්..... ඇත්තටම සර් ඉතිහාසය ගැන නොදන්න දෙයක් නෑ වගේ කියලා තමයි අපිට නම් පෙනුනෙ. කොහොම වුනත් සර්ට මාව හෙනට සැටිස් වෙලා තිබ්බෙ. ඉතිහාසයට ටිකක් වැඩියෙන් ලකුණු ගන්න නිසා. ඒ වුනාට සර් ඒ බව පෙන්නන්නෙ නෑ.. සමහර වෙලාවට සර්ට මම හෙන ඇනයක්.මොකද ස්‍ර් අහන ප්‍රශ්න වලට උත්තර දන්නවනම් අත උස්සන කියලා තියෙන්නෙ, එතකොට සර් ට කැමති කෙනෙක්ගෙන් සර් උත්තරේ අහනවා. මට ඉතින් ඒ බව නිතරම අමතක වෙලා පැනල දෙන්න යනව නෙ :P.. අපි පන්තියෙ අන්තිම පේලියෙ තම්යි හිටියෙ. අන්තිම පේළියෙ හිටිහට පන්තියෙ මීට්‍ර් ටික සේරම එතන ඉන්නව කියල සර්ල මිස්ල දන්න නිසා අපිට ඉස්සරහට එන්න කිව්වෙත් නෑ :P



දන්නවනෙ ඉතින් ඒ කලේ අපි සර් ලා හැදින්නුවෙ එක එක අනුවර්ත නාම වලින තමයි. අපේ ඉතිහාසය සර් ට අපි කිව්වෙ මහාචාර්ය ස්නෙප් කියලා. මොකද සර් පන්තියට කඩාගෙන බිදගෙන ඇවිත් එක පාරට හැරීපොටර් එකේ ස්නෙප් වගේම කිසි කතාවක් නැතුව අතින් සිග්නල් එක දෙනව නැගිටින්න :P
සර් වැඩි හරියක් ඉතිහාසය ප්‍රශ්න තමයි අපිට කරේ o/l විභාගෙටම තම්යි අපිව හුරු කලේ.

කොහොම හරි සර් පන්තියට එද්දි හැමදාම සර්ගෙ අතේ තියනවා කහ පාට පොතක්. අච්චු පොතක්. අපි ඉතින් බබාල වගේ ඔය පොත ගානට නෝට් කරන් තමයි හිටියෙ. ඉතින් සර් අපිට ඉතිහාසය ප්‍රශ්න දෙන අත්පොත තමයි ඒක......
දවසක් අපි සෙට් එක පුස්තාකලෙට වෙලා ඉද්දි සර් අවා එතනට ඇවිත් පුස්තකාලෙ භාර මිස් එක්ක මොනාද කතා කරලා කොනේම තිබ්බ පොත් රැක් එකකින් පොතක් තියලා යන්න ගියා. මමයි මගේ තා යාළුවෙක් මේ සීන් එක බලන් හිටියෙ. සර් ගියාට පස්සෙ අපි හෙමීට පොතක හොයන්න වගේ ප්ලේස් එකට ගියා මෙන්න වැඩක් සර් පන්තියට එද්දි ගේන පොත එතන තියනවා.

ඉතින් අපි ෆන් එකට වගේ පොත උස්සමු කියලා කතා වුනා..ගෝලයෝ සෙට එකම වගේ වැඩේට කැමති.පොඩි ෆන් එකකුත් තියන නිසා. කොහොම හරි පුසතකාලෙ තියන කැමරා වලිනුත් බේරිල මට පොත එලියට පන්න ගන්න පුලුවන් වුනා. එලියට ගෙනාව විතරයි යකෝ පොතට අයිති කාරයො පිරිලා. මගේ මහන්සිය නිසා මම කිව්ව නෑ මුල් සතිය මම ගෙනියනව කියලා..... අපි ප්‍රශ්න ටික බලාගෙන ආයිමත් පොත ගිහින් තියන්න තමයි හිටියෙ.... එහෙමයි කියමුකෝ තාමත් පොත මගෙන් පිට ගියේ නම් නෑ :D :D

ඊට පස්සෙ සර් පන්තියට එද්දි සර් ගෙ අතේ කහ පාට පොතක් නෑ.සතියක් විතර යනකම් ප්‍රශ්නත් අඩුයි සර්ගෙ මූණත් එච්ච්ර හොඳ නෑ.. ඔහොම සති දෙකක් විතර ගියා. සර් ඒ පොතේ තා කොපයක් හොයාගෙන... :-(
අපි ඉවරයි එදා ඉදලා සර් අපිට දුන්න ප්‍රශ්න ගාන දෙගුණ කරලා.... ප්‍රශ්න කරන්න බැරි වෙච්චි දවස් ටිකත් අල්ලන්න ඕන කියල.

Monday, September 26, 2011

~කාර්ඩ් cArd කාර්ඩ්ස්~


හයියා ෆෙන්ඩ්ස්....... ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්න ආවේ..මේ පෝස්ට් එක බලලා ඉතින් හිතන්න එපා මම ශෝ දානව කියල. අනේ එහෙම දෙයක් නෑ ලියන්න දෙයක් නැති කමට මේක හොදයි කියලා හිතුනා ඒකයි මේ... :P (පොඩ්ඩක් ඉතින් ශෝ 1ක් වගේ තමයි)


ඔන්න එහෙනම් මට මතක හැටියට මට වැටුන මුල්ම කාඩ් එක "වයිටා" අනේ මන්දා අපේ උන් මට කොහොමද වයිටා කිව්වෙ කියලා.. මට පොඩ්ඩක් හරි ඒක ගැලපෙනවනම් ඒ දත් ටිකකට තමයි :P
ඊට පස්සෙ ටිකක් කල් තිබ්බ කාඩ් එකක් වැටුනා "ස්කූබී" කියල.. ඒක 7 වසරෙ වගේ ඉදන් 8,9 වෙනකම්ම වගේ ඇදිලා ගියා..මට ඉතින් චුට්ටිත්තක් කන් හොලවන්න් පුලුවන් නිසා තමයි අපේ පන්තියෙ උන් මට ස්කුබී කිව්වෙ.....
ඔන්න ඉතින් 8 දි වගේ තා කාඩ් එකක් එලියට අවා "කලු කොල්ලා" කියලා... ඒකනම් වැඩිය ගියේ නැති වුනාට තාම සමර වුන් කියනවා ඒක. ඒක නම් මට ගැලපෙනවා නියමෙට.

ඉතින් අපි 10 ට වගේ ආවම ස්වර්නවාහිනියෙ කාර්ටුන් එකක් ගියා සෙන්පති අඩවිය කියලා. ෆට්ට කාර්ටුන් එක ඒක. කට්ටිය ඉතින් ඔන්න ටින් ටින් ගාලා ඒකෙ නම් දානවා ගෝලයන්ට.. මටත් වැටුනා 1ක් "සිනමාරිස්" කියලා :P. ඒ කාඩ් එකනම් ගොඩක් කල් කියන්නෙ තාමත් තියනවා :D

12 දි ඉන්ග්ලිශ් ඩේ එකට අපි නාට්ටියක් කලා.. මැක්සා කොමඩියක් ....... :v ඒක් මම ඇක්ට් කලේ සුසෙයි කියලා චරිතෙකට.. නාට්ටිය ඉවර වුනා විතරයි මුන් මට "සුසෙයි" කියන්න පටන් ගත්ත.. ඒත් එච්ච්ර ෆේමස් වුනේ නම් නෑ.. තාම තියනවා ඒත්.. :D

ඊළඟ කාඩ් එක වැටෙන්නෙ ෆේස් බුක් එකෙන් ඒක දැන් හැමෝම දන්න "ටිං ටිං" තමයි ඉතින්..... සේරම කාඩ් වලින් මම පණ වගේ ආදරේ ඒකට.. පොඩ්ඩක් වත් මට ගැළපෙන්නෙ නම් නෑ.. ඒත් ඒක දුන්න කෙනා නිසා ඒ කාඩ් එක විශේෂයි... :)

පොඩ්ඩක් ශෝ වගේ නේද සොරි වෙන්න ඕන හරී :)

Monday, September 19, 2011

දේවාලේ ඉහේ කඩන් වැටිලා ගොනත් ඇනපි ... #P

ම්ම්ම්ම් ගොඩක් දවසකට පස්සෙ පෝස්ට් එකක් දාන්න යන්නෙ......
ගොඩක් දේවල් නම් සිද්ධ වුනා ඒත් පෝස්ට් එකකට ගැලපෙන තරම් සුන්දර දේවල් නම් නෙමෙයි... චූටි ගැන පෝස්ට් එක දාලා දවස් දෙකයි ගියේ කාගෙද පූසෙක් ඇවිත් ඌවත් මැරුවා....

ඔන්න ඉතින් අද කතාවනම් ටිකක් ෆනී එකක් ඈ......
මෙන්න මේකයි සිද්ධිය.. මගේ නෑදෑ කෙනෙක් වෙන අයියා කෙනෙක්ට තමයි මේ ඇබැද්ධිය සිද්ධ වෙලා තීන්නෙ...එයාට අපි කියන්නේ සුදූ කියලා...


ඔන්න එදත් වෙනදා වගේම හවස 6 ට විතර වැඩ ඉවර වෙලා සුදූ මොටෝ සයිකල් එකෙන් ගෙදර යන්න ගියාලු. ප්‍රධාන පාරෙන් ගිහින් අලුත කොන්කිරිට් කරපු අතුරු පාරක ගොඩක් දුර යන්න ඕන එයාලගෙ ගෙදරට. ඉතින් මේ කොන්කිරිට් පාර දිගේ පිඹගෙන යද්දි තාත්තා කෙනෙක් පාරෙ දාගෙන පොඩි එකෙකුට හම්බානකට නෙළනවලු. සුදු කියන්නෙත් මේවා ඉවස ගන්න බැරි මිනිහනෙ ඒක නිසා බයික් එක නවත්තලා මූ ගිහින් අර තාත්තට අල්ලගෙන නෙළලා පොඩි උන්ට ගහනවා කියලා......

ඊට පස්සෙ තමයි වැඩේ කියන්නෙ ....... ගුටි කාපු අර මිනිහා අඬ අඬ පාර අයිනෙම තිබ්බ ඒ මිනිහගේ ගෙදරට ගිහින් ගහක් මුල තියල තිබ්බ වහ බෝතලයක් අතට ගත්තලු බොන්න කියලා...
වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලා ගොනත් ඇන්නයි කියලා සුදු අයියා බිරාන්ත වුනාලු....... :O
මේකෙන් ගැලවෙන්න ඕන නිසා සුදු අයියා අර මිනිහාගෙ පැත්තට කෑ ගහගෙන දිව්වලු... මේන්න බොලේ වැඩේ කියල අර මිනිහත් හිටු කියලා දන් දුවන්න ගත්තලු....... සුදුවත් ජෙට් එක වගේ පස්සෙන්ම එලවනවලු

වෙලක් දිගේ හිටු කියලා දුවපු මේ මිනිහා වෙලෙන් එහා පැත්තෙ තිබ්බ කැලේ කට පැනල කැලෙත් කාඩාගෙන දුවන්න ගත්තලු..... සුදුවත් පස්සෙන්මලු
ඔන්න ඉතින් හම්බ දුරක් දුවපු මේ මිනිහා නැවතුනාලු නැවතිලා වහ බෝතලේ අරගෙන මූඩිය ගැලෙව්වලු........................................................ ඒ ලගම තිබ්බ පාලු ළිඳක් ඇතුලට ඒක විසි කරාලු.............

හි හි හිහ් ...... හනේද කියන්නෙ මෙහෙමත් සමයං කියල සුදුවා අර මිනිහා අල්ලගෙන තා දෙක තුනක් ඇනල හති දාගෙන ගෙදර ආවලු......... :D

ප.ලි. :- සත්‍යය සිදු වීමකි... ෆනී ගතියක් නැත්නම් සොරි වෙන්න ඈ :)
Related Posts Plugin for WordPress, Blogger...