Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts

Saturday, October 29, 2011

හාද්දක් ඕනිද ?......... :-*

"හරි තිබහයි.එන්නකො, අපි යමු මොනව හරි බොන්න"
"හ්ම්ම් ඒකනම් හොඳයි. මටත් දැන් තිබහයි"


"ඒක නෙමෙයි බබා අද මගේ ළඟ 300 යි තියෙන්නෙ. අපි ඒ ගානට හරි යන්න මොනා හරි ගමු. කමක් නෑ නේද ?"

"අනේ ඒකට කමක් නෑ පැටියො. අද මගේ ගානෙ එන්න ඉතිං යමුකො."

"එහෙම බෑ"

"මොනවද බැරි ?"

"ඔයාගෙ ගානෙන් නෙමෙයි, මම ගෙවන්නෙ හරිද"

"ඇයි ඒ මම සල්ලි දුන්නම හොඳ නැද්ද ?"

"ඒක හරි නෑ නෙ බබා. ඔයා කෙල්ලෙක්නෙ ඉතිං හැමෝම කියාවි මම ඔයාව රවට්ටගෙන කියලා."


"ඇයි ඉතිං ඔයා ගෙවද්දිත් ඒ අය මම ගැනත් එහෙම හිතාවි."

"අනේ ඇති ඇති...... එහෙම වෙන්නෙ නෑ. දැන් යමුකෝ"

------------------------------------------------------------------------------------------------------------------------------
"ඔයාට මොනවද ඕන සුදූ, මම නම් චොකෝ ඩ්‍රින්ක් 1ක් ගන්නව."

"ම්ම්ම් බලමුකෝ.............. මට ඔරේන්ජ් 1ක්."

"ඔයාට බඩගිනිත් ඇති. ඉන්න මම මොනව හරි අරන් එන්නම්."

"අනේ එපා පැටියෝ. ඔයා පව්, අපරාදෙ සල්ලි, ඉන්න පණ්ඩිතය නොවී"

"ඔයත් ඉන්න පණ්ඩිතී නොවී ටිකක් ඔහොම මම ටක් ගාලා එන්නම්"

------------------------------------------------------------------------------------------------------------------------------
"ආ ඇයි මේ ඩ්‍රින්ක් දෙක මාරු කලේ ? දැන් ඔරේන්ජ් බොන්න කැමති නෑද පණ්ඩිතී"

"නෑ නෑ එහෙම නෙවි. දැන් ඔයා ඕක බොන්නකෝ....... මම මේක හොදද ?"

"හි හි හරි හරි ඉතිං"

"කෝ ඉතිං බොන්නැද්ද ? ඇයි ඔයා මම බීපුව බොන්න කැමති නැද්ද ?"

"අනේ මෝඩි. එහෙම දෙයක් නෑ රත්තරං"

"එහෙනම්. බොන්නෙ නැතුව මන් දිහාම බලගෙන ඉන්නෙ, මොනවද ඔච්ච්ර බලන්නෙ ?"

"ම්ම්ම්ම්ම්ම් බැලුවෙ ඔයාගෙ ලස්සන, ඇත්තටම හරියට රෝස මලකටත් වැඩිය ලස්සනයි. ඔයා මගේම වුන හැටි මම හිතුවෙ මේ."

"එහෙමද පැංචෝ... මට ඉතිං බලන්න ලස්සන දෙයක් නෑ නෙ"

"එහෙනම් ඉතිං ලස්සන දෙයක් හොයා ගන්න එකයි ඇත්තෙ"

Wednesday, July 6, 2011

සෘණ වීම....(-)




මුල්ම දවස් ටික......
දවසකට sms 50ක් 60ක්
සමහර විට ඊටත් වැඩි ඇති
මතකයි නේද

පස්සෙ පස්සෙ....
දවසකට sms 20ක් 30ක්
සමහර විට ඊටත් අඩු ඇති
මතකයි නේද

ඊටත් පස්සෙ කාලේ.....
දවසේ එක වරුවක විතරක්
sms 5ක් 10ක්
මතකයි නේද

අන්තිම ටිකේ.......
මගේ sms 3න 4කටම
එකම එක reply 1ක්
මතකයි නේද

ඒත් දැන්.........
දවස් 2ක 3කට පාරක් වත්
මම දාන sms 1ක්
delivered to 07########
ඒත් දවස් ගාණක් ගෙවුනත්
reply 1ක් වත් නෑ

ඉතිං දැන් මම
call 1ක් ගත්තාම
ට්‍රීං.... ට්‍රීං..... ට්‍රීං.......
User busy.......:''''(
පේනවා නේද ඔයාට

Friday, February 4, 2011

පැරදුන ප්‍රේමය වෙනුවෙන් පළිගන්න එපා!!!!!!!!!!!


මේ සිතුවිලි ටික මගේ හිතට ආවේ මගේ යාලුවෙක් කිව්ව කතාවක් නිසා.
බ්‍රහස්පතින්දා දවසේ පාසලේ උදේ රැස්වීමෙ තමා අපි හිටියෙ.රැස්වීමේ වෙච්ච දේවලට කොච්චර අවදානයෙන් හිටියද කියනවනම් රැස්වීම ඉවර වෙන්න පාසල් ගීතය වාදනය වෙනකම් අපි දන්නේ නෑ.....(හික්ස් ඇත්තටම එච්චරම නෑ)කොහොම වුනත් උදේ රැස්වීමෙදි හැමදාම වගේ එක එක මතෘකා ඇදිලා ආවා කතා කරන්න.ටික වෙලාවක් ගියහම මතෘකාව කෙල්ලන්ගෙ පැත්තට මාරු වුනා....ඒ කිව්වේ ආදරය පැත්තට ..... සමහරු සමහරුන්ට එක එක කෙල්ලන්ගෙ නම් කියලා විහිළු තහළු එහෙමත් කර ගත්තා.අපේ කොල්ලන්ට වැදිච්ච බූට්,පස්සෙන් යන කෙල්ලන් ගැන එහෙමත් කතා වුනා.ඔය අතරෙ මගේ එක යාලුවෙක් කියපු කතාවක් මට දිරෙව්වෙ නෑ.මගේ යාලුවට බූට් පාරක් වැදිලා තමා තිබ්බේ.එයා කිව්වා .... "මට වුන දෙයින් පස්සෙ හිතෙන්නෙම කෙල්ලො දෙතුන් දෙනෙක් අඬවන්න."
මගේ යාලුවා වුනත් මම ඒ කිව්ව කතාවට තදින් විරුද්ධ වුනා.මොනා වුනත් මගේ යාලුවගෙ හිතේ තියන වේදනාව මට තේරෙනවා.(මොකද මාත් ඒ වගේ අත් දැකීමකට මුහුණ දීලා ඉන්න නිසා)හැබයි මම කාටවත් ඒ ගැන දොස් කියන්නෙවත්,කාගෙන්වත් පළිගන්නවත් හිතුවෙ නෑ......ඉදිරියට හිතන්නෙත් නෑ!!!...දැන් කස්ටිය හිතන්න එපා මම මහා ශෝ කරයෙක් කියලා..... කරන්න දෙයක් නෑ.මම කියන්නෙ මගේ අදහස් .. ඒවා අනිත් අයගේ ඒවට නොගැළපෙන්නත් පුලුවන්.කොහොම වුනත් මාත් එක්ක අමනාප නොවී මගේ අදහසුත් පොඩ්ඩක් බලන්න .........

Wednesday, February 2, 2011

සැඟවී ගිය ඔබ නිසා .....

මිතුරන් ඉදිරියේ
අමතක කළ බැව් පවසමින්
මතු පිටින් සිනහ වූවද
යටි සිත මගේ තව හඬයි
ඔබ නිසා ........

දින තුනක් ගිය තැන
නුදුටුවා නම් ඔබ ආ වඟ
වියළී ගිය කදුලක් නෙතු අඟ
නොරැදෙන්නට තිබුණා
ඔබ නිසා ........

හිතන්නට බැරි දුරක සිට
ළඟටම ආවත් මෙදා
සලකුණක් වත් නොතබා
සැඟවී ගියා දෑස් ඉදිරියේ

නොමකමි මගේ සිතුවිලි
ඔබ වෙනුවෙන් උපන්
සිනහ වෙමි කඳුල පිසදමා
දැන් සිනහ වන්නේ
ඔබ නිසා .........

Sunday, January 30, 2011

නොතේරෙන ආදරය..!


නොදැක තිබුණත් කිසි දා
පෙමින් බැඳුනා ඔබ හා
හීන ලෝකෙක තනි වී
අද හඬයි මසිත සිතුවිලි!

ඔබේ රුව දුටු මුල්ම දිනයේ
කඩා වැටුනා මසිත සිතුවිලි!

බුද්ධිය පිළිගත්තද
සිත පිළිනොගනී තවමත්
සුර දුවක් නොලැබේ .....
කිසි දිනමා හට

නෙත - සිත දෙකම ඔබ සොයයි
සිතට වඩා නෙතු අසරණයි!
සිත ඔබ සොයා ආවත් ....
නෙතු කෙලෙසක පැමිණෙන්නද ?

Saturday, January 29, 2011

දකින්න ආසයි !!!!!!


ඔබ නොදැක ගෙවුනා ...
දිනකටත් වඩා .!!!!!
මගෙ හිතට , නෙතට දැනුනා ....
අනන්ත කාලයක් මෙන් ....

හිත මගේ හඩනවා ...
මටත් හොරෙන් ....
ඇයි තව නාවේ ..
අදිසියෙන්වත්.!!!!

බලා හිදිමි මා ...
ඉදිරියටත් ..... හා
ඉන් එහාටත්........
දැක ගන්නට
සොමි සඳ වන් ඔබේ වත .!!!!
Related Posts Plugin for WordPress, Blogger...