Showing posts with label සාමාන්‍ය. Show all posts
Showing posts with label සාමාන්‍ය. Show all posts

Saturday, October 29, 2011

හාද්දක් ඕනිද ?......... :-*

"හරි තිබහයි.එන්නකො, අපි යමු මොනව හරි බොන්න"
"හ්ම්ම් ඒකනම් හොඳයි. මටත් දැන් තිබහයි"


"ඒක නෙමෙයි බබා අද මගේ ළඟ 300 යි තියෙන්නෙ. අපි ඒ ගානට හරි යන්න මොනා හරි ගමු. කමක් නෑ නේද ?"

"අනේ ඒකට කමක් නෑ පැටියො. අද මගේ ගානෙ එන්න ඉතිං යමුකො."

"එහෙම බෑ"

"මොනවද බැරි ?"

"ඔයාගෙ ගානෙන් නෙමෙයි, මම ගෙවන්නෙ හරිද"

"ඇයි ඒ මම සල්ලි දුන්නම හොඳ නැද්ද ?"

"ඒක හරි නෑ නෙ බබා. ඔයා කෙල්ලෙක්නෙ ඉතිං හැමෝම කියාවි මම ඔයාව රවට්ටගෙන කියලා."


"ඇයි ඉතිං ඔයා ගෙවද්දිත් ඒ අය මම ගැනත් එහෙම හිතාවි."

"අනේ ඇති ඇති...... එහෙම වෙන්නෙ නෑ. දැන් යමුකෝ"

------------------------------------------------------------------------------------------------------------------------------
"ඔයාට මොනවද ඕන සුදූ, මම නම් චොකෝ ඩ්‍රින්ක් 1ක් ගන්නව."

"ම්ම්ම් බලමුකෝ.............. මට ඔරේන්ජ් 1ක්."

"ඔයාට බඩගිනිත් ඇති. ඉන්න මම මොනව හරි අරන් එන්නම්."

"අනේ එපා පැටියෝ. ඔයා පව්, අපරාදෙ සල්ලි, ඉන්න පණ්ඩිතය නොවී"

"ඔයත් ඉන්න පණ්ඩිතී නොවී ටිකක් ඔහොම මම ටක් ගාලා එන්නම්"

------------------------------------------------------------------------------------------------------------------------------
"ආ ඇයි මේ ඩ්‍රින්ක් දෙක මාරු කලේ ? දැන් ඔරේන්ජ් බොන්න කැමති නෑද පණ්ඩිතී"

"නෑ නෑ එහෙම නෙවි. දැන් ඔයා ඕක බොන්නකෝ....... මම මේක හොදද ?"

"හි හි හරි හරි ඉතිං"

"කෝ ඉතිං බොන්නැද්ද ? ඇයි ඔයා මම බීපුව බොන්න කැමති නැද්ද ?"

"අනේ මෝඩි. එහෙම දෙයක් නෑ රත්තරං"

"එහෙනම්. බොන්නෙ නැතුව මන් දිහාම බලගෙන ඉන්නෙ, මොනවද ඔච්ච්ර බලන්නෙ ?"

"ම්ම්ම්ම්ම්ම් බැලුවෙ ඔයාගෙ ලස්සන, ඇත්තටම හරියට රෝස මලකටත් වැඩිය ලස්සනයි. ඔයා මගේම වුන හැටි මම හිතුවෙ මේ."

"එහෙමද පැංචෝ... මට ඉතිං බලන්න ලස්සන දෙයක් නෑ නෙ"

"එහෙනම් ඉතිං ලස්සන දෙයක් හොයා ගන්න එකයි ඇත්තෙ"

Friday, September 30, 2011

ඉතිහාසය සොරාගැනීම:@

හයියා........ඔන්න තා පෝස්ට් එකක් දාන්න යන්නෙ. මේකනම් කරපු වීරක් ක්‍රියාවක් ගැන තමයි. ඒත් දැන්නම් හිතෙනව මේක මහ මෝඩ වැඩක්. පව් වැඩක් කියලා. ඔයාලත් කියවලාම බලන්නකෝ........

මේකයි සිද්ධිය.........අපි 10,11 දි අපිට ඉතිහාසය ඉගැන්නුවෙ සුමනසිරි සර් කියලා සර් කෙනෙක් මම ගොඩක් ගරු කරන සර් කෙනෙක්..... ඇත්තටම සර් ඉතිහාසය ගැන නොදන්න දෙයක් නෑ වගේ කියලා තමයි අපිට නම් පෙනුනෙ. කොහොම වුනත් සර්ට මාව හෙනට සැටිස් වෙලා තිබ්බෙ. ඉතිහාසයට ටිකක් වැඩියෙන් ලකුණු ගන්න නිසා. ඒ වුනාට සර් ඒ බව පෙන්නන්නෙ නෑ.. සමහර වෙලාවට සර්ට මම හෙන ඇනයක්.මොකද ස්‍ර් අහන ප්‍රශ්න වලට උත්තර දන්නවනම් අත උස්සන කියලා තියෙන්නෙ, එතකොට සර් ට කැමති කෙනෙක්ගෙන් සර් උත්තරේ අහනවා. මට ඉතින් ඒ බව නිතරම අමතක වෙලා පැනල දෙන්න යනව නෙ :P.. අපි පන්තියෙ අන්තිම පේලියෙ තම්යි හිටියෙ. අන්තිම පේළියෙ හිටිහට පන්තියෙ මීට්‍ර් ටික සේරම එතන ඉන්නව කියල සර්ල මිස්ල දන්න නිසා අපිට ඉස්සරහට එන්න කිව්වෙත් නෑ :P



දන්නවනෙ ඉතින් ඒ කලේ අපි සර් ලා හැදින්නුවෙ එක එක අනුවර්ත නාම වලින තමයි. අපේ ඉතිහාසය සර් ට අපි කිව්වෙ මහාචාර්ය ස්නෙප් කියලා. මොකද සර් පන්තියට කඩාගෙන බිදගෙන ඇවිත් එක පාරට හැරීපොටර් එකේ ස්නෙප් වගේම කිසි කතාවක් නැතුව අතින් සිග්නල් එක දෙනව නැගිටින්න :P
සර් වැඩි හරියක් ඉතිහාසය ප්‍රශ්න තමයි අපිට කරේ o/l විභාගෙටම තම්යි අපිව හුරු කලේ.

කොහොම හරි සර් පන්තියට එද්දි හැමදාම සර්ගෙ අතේ තියනවා කහ පාට පොතක්. අච්චු පොතක්. අපි ඉතින් බබාල වගේ ඔය පොත ගානට නෝට් කරන් තමයි හිටියෙ. ඉතින් සර් අපිට ඉතිහාසය ප්‍රශ්න දෙන අත්පොත තමයි ඒක......
දවසක් අපි සෙට් එක පුස්තාකලෙට වෙලා ඉද්දි සර් අවා එතනට ඇවිත් පුස්තකාලෙ භාර මිස් එක්ක මොනාද කතා කරලා කොනේම තිබ්බ පොත් රැක් එකකින් පොතක් තියලා යන්න ගියා. මමයි මගේ තා යාළුවෙක් මේ සීන් එක බලන් හිටියෙ. සර් ගියාට පස්සෙ අපි හෙමීට පොතක හොයන්න වගේ ප්ලේස් එකට ගියා මෙන්න වැඩක් සර් පන්තියට එද්දි ගේන පොත එතන තියනවා.

ඉතින් අපි ෆන් එකට වගේ පොත උස්සමු කියලා කතා වුනා..ගෝලයෝ සෙට එකම වගේ වැඩේට කැමති.පොඩි ෆන් එකකුත් තියන නිසා. කොහොම හරි පුසතකාලෙ තියන කැමරා වලිනුත් බේරිල මට පොත එලියට පන්න ගන්න පුලුවන් වුනා. එලියට ගෙනාව විතරයි යකෝ පොතට අයිති කාරයො පිරිලා. මගේ මහන්සිය නිසා මම කිව්ව නෑ මුල් සතිය මම ගෙනියනව කියලා..... අපි ප්‍රශ්න ටික බලාගෙන ආයිමත් පොත ගිහින් තියන්න තමයි හිටියෙ.... එහෙමයි කියමුකෝ තාමත් පොත මගෙන් පිට ගියේ නම් නෑ :D :D

ඊට පස්සෙ සර් පන්තියට එද්දි සර් ගෙ අතේ කහ පාට පොතක් නෑ.සතියක් විතර යනකම් ප්‍රශ්නත් අඩුයි සර්ගෙ මූණත් එච්ච්ර හොඳ නෑ.. ඔහොම සති දෙකක් විතර ගියා. සර් ඒ පොතේ තා කොපයක් හොයාගෙන... :-(
අපි ඉවරයි එදා ඉදලා සර් අපිට දුන්න ප්‍රශ්න ගාන දෙගුණ කරලා.... ප්‍රශ්න කරන්න බැරි වෙච්චි දවස් ටිකත් අල්ලන්න ඕන කියල.

Monday, September 26, 2011

~කාර්ඩ් cArd කාර්ඩ්ස්~


හයියා ෆෙන්ඩ්ස්....... ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්න ආවේ..මේ පෝස්ට් එක බලලා ඉතින් හිතන්න එපා මම ශෝ දානව කියල. අනේ එහෙම දෙයක් නෑ ලියන්න දෙයක් නැති කමට මේක හොදයි කියලා හිතුනා ඒකයි මේ... :P (පොඩ්ඩක් ඉතින් ශෝ 1ක් වගේ තමයි)


ඔන්න එහෙනම් මට මතක හැටියට මට වැටුන මුල්ම කාඩ් එක "වයිටා" අනේ මන්දා අපේ උන් මට කොහොමද වයිටා කිව්වෙ කියලා.. මට පොඩ්ඩක් හරි ඒක ගැලපෙනවනම් ඒ දත් ටිකකට තමයි :P
ඊට පස්සෙ ටිකක් කල් තිබ්බ කාඩ් එකක් වැටුනා "ස්කූබී" කියල.. ඒක 7 වසරෙ වගේ ඉදන් 8,9 වෙනකම්ම වගේ ඇදිලා ගියා..මට ඉතින් චුට්ටිත්තක් කන් හොලවන්න් පුලුවන් නිසා තමයි අපේ පන්තියෙ උන් මට ස්කුබී කිව්වෙ.....
ඔන්න ඉතින් 8 දි වගේ තා කාඩ් එකක් එලියට අවා "කලු කොල්ලා" කියලා... ඒකනම් වැඩිය ගියේ නැති වුනාට තාම සමර වුන් කියනවා ඒක. ඒක නම් මට ගැලපෙනවා නියමෙට.

ඉතින් අපි 10 ට වගේ ආවම ස්වර්නවාහිනියෙ කාර්ටුන් එකක් ගියා සෙන්පති අඩවිය කියලා. ෆට්ට කාර්ටුන් එක ඒක. කට්ටිය ඉතින් ඔන්න ටින් ටින් ගාලා ඒකෙ නම් දානවා ගෝලයන්ට.. මටත් වැටුනා 1ක් "සිනමාරිස්" කියලා :P. ඒ කාඩ් එකනම් ගොඩක් කල් කියන්නෙ තාමත් තියනවා :D

12 දි ඉන්ග්ලිශ් ඩේ එකට අපි නාට්ටියක් කලා.. මැක්සා කොමඩියක් ....... :v ඒක් මම ඇක්ට් කලේ සුසෙයි කියලා චරිතෙකට.. නාට්ටිය ඉවර වුනා විතරයි මුන් මට "සුසෙයි" කියන්න පටන් ගත්ත.. ඒත් එච්ච්ර ෆේමස් වුනේ නම් නෑ.. තාම තියනවා ඒත්.. :D

ඊළඟ කාඩ් එක වැටෙන්නෙ ෆේස් බුක් එකෙන් ඒක දැන් හැමෝම දන්න "ටිං ටිං" තමයි ඉතින්..... සේරම කාඩ් වලින් මම පණ වගේ ආදරේ ඒකට.. පොඩ්ඩක් වත් මට ගැළපෙන්නෙ නම් නෑ.. ඒත් ඒක දුන්න කෙනා නිසා ඒ කාඩ් එක විශේෂයි... :)

පොඩ්ඩක් ශෝ වගේ නේද සොරි වෙන්න ඕන හරී :)

Monday, September 19, 2011

දේවාලේ ඉහේ කඩන් වැටිලා ගොනත් ඇනපි ... #P

ම්ම්ම්ම් ගොඩක් දවසකට පස්සෙ පෝස්ට් එකක් දාන්න යන්නෙ......
ගොඩක් දේවල් නම් සිද්ධ වුනා ඒත් පෝස්ට් එකකට ගැලපෙන තරම් සුන්දර දේවල් නම් නෙමෙයි... චූටි ගැන පෝස්ට් එක දාලා දවස් දෙකයි ගියේ කාගෙද පූසෙක් ඇවිත් ඌවත් මැරුවා....

ඔන්න ඉතින් අද කතාවනම් ටිකක් ෆනී එකක් ඈ......
මෙන්න මේකයි සිද්ධිය.. මගේ නෑදෑ කෙනෙක් වෙන අයියා කෙනෙක්ට තමයි මේ ඇබැද්ධිය සිද්ධ වෙලා තීන්නෙ...එයාට අපි කියන්නේ සුදූ කියලා...


ඔන්න එදත් වෙනදා වගේම හවස 6 ට විතර වැඩ ඉවර වෙලා සුදූ මොටෝ සයිකල් එකෙන් ගෙදර යන්න ගියාලු. ප්‍රධාන පාරෙන් ගිහින් අලුත කොන්කිරිට් කරපු අතුරු පාරක ගොඩක් දුර යන්න ඕන එයාලගෙ ගෙදරට. ඉතින් මේ කොන්කිරිට් පාර දිගේ පිඹගෙන යද්දි තාත්තා කෙනෙක් පාරෙ දාගෙන පොඩි එකෙකුට හම්බානකට නෙළනවලු. සුදු කියන්නෙත් මේවා ඉවස ගන්න බැරි මිනිහනෙ ඒක නිසා බයික් එක නවත්තලා මූ ගිහින් අර තාත්තට අල්ලගෙන නෙළලා පොඩි උන්ට ගහනවා කියලා......

ඊට පස්සෙ තමයි වැඩේ කියන්නෙ ....... ගුටි කාපු අර මිනිහා අඬ අඬ පාර අයිනෙම තිබ්බ ඒ මිනිහගේ ගෙදරට ගිහින් ගහක් මුල තියල තිබ්බ වහ බෝතලයක් අතට ගත්තලු බොන්න කියලා...
වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලා ගොනත් ඇන්නයි කියලා සුදු අයියා බිරාන්ත වුනාලු....... :O
මේකෙන් ගැලවෙන්න ඕන නිසා සුදු අයියා අර මිනිහාගෙ පැත්තට කෑ ගහගෙන දිව්වලු... මේන්න බොලේ වැඩේ කියල අර මිනිහත් හිටු කියලා දන් දුවන්න ගත්තලු....... සුදුවත් ජෙට් එක වගේ පස්සෙන්ම එලවනවලු

වෙලක් දිගේ හිටු කියලා දුවපු මේ මිනිහා වෙලෙන් එහා පැත්තෙ තිබ්බ කැලේ කට පැනල කැලෙත් කාඩාගෙන දුවන්න ගත්තලු..... සුදුවත් පස්සෙන්මලු
ඔන්න ඉතින් හම්බ දුරක් දුවපු මේ මිනිහා නැවතුනාලු නැවතිලා වහ බෝතලේ අරගෙන මූඩිය ගැලෙව්වලු........................................................ ඒ ලගම තිබ්බ පාලු ළිඳක් ඇතුලට ඒක විසි කරාලු.............

හි හි හිහ් ...... හනේද කියන්නෙ මෙහෙමත් සමයං කියල සුදුවා අර මිනිහා අල්ලගෙන තා දෙක තුනක් ඇනල හති දාගෙන ගෙදර ආවලු......... :D

ප.ලි. :- සත්‍යය සිදු වීමකි... ෆනී ගතියක් නැත්නම් සොරි වෙන්න ඈ :)

Monday, August 29, 2011

කවදාවත් යන්න එපා චූටී....

මේ පෝස්ට එක දාන්න හිතුනේ පෙරේදා වෙච්චි පොඩි සිද්ධියක් නිසා... ප්ලේස් එක ඉතින් අපේ ගෙදරම තම්යි... අදාල පුද්ගලයා... නමින් චූටි.. එයා ගිරා පැටියෙක්

අපි හැම අවුරුද්දෙම වෙසක් පෝය ට කතරගම යනවා.. ඉතින් මේ පාරත් ගියා. ගිහින් එද්දි මග ඒ කිව්වේ තංගල්ලට කිට්ටුව් කට්ට කඩුව කියලා ලස්සන ගමක තියන නෑ ගෙදරක ගියා.. ඒ ගෙදර තිබ්බ වත්ත වටේටම තිබ්බේ වැව..... මූණු සත පහ වගේ හදාගෙන කතරගම ගිය මටයි මලයටයි නම් දිවිය ලෝකේ වගේ...අපි දවස් දෙකක් එහේ හිටියා... දවස් දෙකේම මායි මගේ මලයයි හිටියේ වැවේමයි... ඇති තරම් පීනුවා.. ඇති තරම් ඔරු පැද්දා....
ඉතින් මේ ගෙදර පුංචි කූඩුවක හිටියා ගිරා පැටව් 3න් දෙනෙක්... අපේ මල්ලිත් ගිරවෙක් හදන්න ආසාවෙන් හිටි නිසා කොහොම හරි අඩලා අඩලා එක ගිරා පැටියෙක් ඉල්ලන් ආවා. හරි ආදරෙන් කවල පොවල ඒ පැටියව බලා ගත්තෙ අපේ මල්ලි තම්යි. ඒක නිසාද කොහෙද ඌ අපි කාත් එක්කවත් කතා කරන්නෑ. චෑස් චෑස් ගන්නෙත් මලය එක්ක විතරයි.අපේ මල්ලිත් ඌට පුදුම විදියට ආදරෙයි.ගෙදර හැමෝමත් ඌට හරිම ආදරේයි. ඒත් මටනම් ඌ ඒතරම් අල්ලන්නෙ නෑ මොකද ඌ මාව ගනන් ගන්නෙවත් නෑ. ඒ වුනාට මාත් ඌට ආදරෙයි. දැන් සතියකට විතර කලින් ඉදන් චූටියා පියාඹනවා. ටික ටික තමයි. අපේ මල්ලිත් පරවියෙක් වගේ ඌව උඩ දානවා. ඌත් අරහෙන් මෙහෙන් කපලා කොහොම හරි ගානට ලෑන්ඩ් කරනවා. අපි ඌව හදන්නේ කූඩු කරලා නෙමේ. ගේ ඇතුලෙ ඌට කැමති තැනක ඌ ඉන්නවා.

ඉතින් පෙරේදා මල්ලි චූටිත් එක්ක පාරට ගිහින් ගෙදර පැත්තට අත ඇරලා. ඌ පියාඹගෙන එද්දි එහා ගෙදර පූසා උගේ පස්සෙන් එලවලා. චූටි ගැම්ම් දාලා කැලේට පියාඹලා බේරිලා. ඒත් මල්ලිට ඌව හොයා ගන්න බැරි වෙලා.
අම්මේ චූටි ගියා කියාගෙන ගෙදර ඇවිත් සද්දයක් නැතුව වාඩි වෙලා හිටියා.
අම්ම ඉතින් බැන්න දැන් ඌව සතෙක් කාලා දාවි කියලා හරියට පියාඹන්නත් බැරි නිසා.මල්ලි කිසි සද්දයක් නෑ.හවස තාත්තා ගෙදර ආවා විතරයි මෙන්න මලයා ඉකි ගහ ගහ අඬනවා.ඒ මදිවට නංගත් අඬනව.
අම්මට තද වෙලා චූටි කෑ ගහන්නෙත් මල්ලිගෙ කට හඩට විතරක් නිසා ගිහින් කෑ ගහලා හොයපිය කියල යැව්වා. නංගියි මල්ලියි දෙන්නම ගියා ඌව හොයන්න. පහළ ගෙදර වත්තට.. ඒකෙ කුරුදු වවලා නිසා කැලේ වෙලා.. ඒ ගෙදර අය සුද්ද කරන්නෙත් නෑ..බලන් ඉදලා බැරි නිසා සයිමන්ව දම් වැලේ ගැට ගහන් මාත් ඔපරේෂන් චූටි එකට එන්ටර් වුනා...
වෙලාව හවස 6 ත් පහු වෙලා.කරුවලත් වැටිලා.. මෙන එක පාරටම මල්ලි චූටි කතා කරන සද්දේ අහුනා කියගෙන කැලේ ඇතුළටම දිව්වා. මේකට මොනා හරි වුනොත් කියලා සයිමන්වත් ඇදගෙන මාත් දිව්වා..

මෙන්න වැඩක් චූටිවත් අරගෙන මල්ලි එනවා. මාර සතුටක් දැනුනෙ.. අපේ මල්ලිට සතුට වැඩි කමට කදුලුත් ඇවිත්. චූටිත් තුරුළු කරන් ගෙදර දිව්වා.. ගිහිපු ගමන් පළතුරු පිගානක්ම ලෑස්ති කරලා දුන්නා චූටිට වළදන්න.. අප්පේ මොකුත් වුනේ නෑ වගේ මෙන්න මේකා කාගෙන කාගෙන යන හැටි... හැමෝම සතුටෙන් බලන් හිටියා.
පෙරේදායින් පස්සෙ ඉදන් තාමත් අපේ මල්ලි චූටිව පියාඹන්න පුරුදු කරන්න කියලා එලියේ එක්කන් ගියේනම් නෑ.


පහළ ෆොටෝ එක ගත්තේ චූටි මුලින්ම ඉදපු ගෙදරදි.. ඒකේ ඔලුව හංගගෙන අන්තිමට ඉන්නෙ අපේ චූටියා.


Wednesday, August 3, 2011

කණගාටුවට පත්ව ලියමි........:@@

ඇත්තටම මේ වගේ පෝස්ට් එකක් දාන්න වෙච්ච එක ගැන ගොඩාක් කණගාටුයි.
වැඩි කතා නැතුව මේ පෝස්ට් එක දාන්න මට හිතිච්ච මගෙයි මගේ හොඳම යාලුවගෙයි පොඩි SMS සංවාදයෙන් ටිකක් දාලම ඉන්නම් කෝ.....

"**** කොහොමද ඔයාට අද කොලේජ් ගියාද,
නිව් ෆෙන්ඩ්ස් ල එහෙම හම්බ වුනාද ආ... හි හි.."

"මම දැනුයි ගෙදර ආවේ.ගොඩාක් මහන්සියි.
ඔව් අලුත් යාලුවොනම් හම්බ වුනා.. ඒත් ඔයා වගේ හොඳ යාළුවෙක් නම් නෑ."


"හි හි ඔව් ඒකනම් ඇත්ත.මම වගේ 1යි මේ ලෝකෙටම ඉන්නේ."


"විහිලු නෙමෙයි *****.ඔයා වගේ කෙනෙක් මේ කොහෙවත් නෑ.
අද මම බස් එකේ එද්දි කොල්ලො සෙට් 1ක් මාව වට කරන් මට වද දුන්නා *****.
මම බස් එකෙන් බහින්න හැදුවෙ.එතකොට 1ක් කෙනෙක් මගේ අතින් ඇදලා ගත්තා.
මගේ කකුලත් මොකක්ද වුනා.මගේ නිය පොතු වලට ඒ බෝයි ගෙ අත තුවාලත් වුනා."

(**** දාලා තියෙන්නේ අපි දෙන්නගේ නම් වලට හොදේ...හි හි නැත්නම් බලයි මොනවත් මේ තරු කියල)
මෙතනින් එහා සංවාදේ ඕන නෑ......


ඇත්තට අද කාලේ තනියම කෙල්ලෙක්ට බස් එකක්ක යන්න නැති හැටි. සමහර කොල්ලනට නිකන් කෙල්ලො දකපු නැති උන් වගේ. මේවා වැඩිපුරම වෙන්නෙ කොල්ලො සෙට් 1ක් යන්කොට තමයි. මොකද එතනදි සමහර කොල්ලො කැපිලා පේන්න යි කාඩ් බොඩ් විරයො වෙන්නයි බස් වල තනියම යන කෙල්ලන්ට වද දීලා තිරිසන් සතුටක් ලබනවා.

Wednesday, July 20, 2011

ICE බූරුවා....##



ඔයාලට කොහොම වේද දන්නෙ නෑ…..(මම ලියන විදිහ නිසා) ඒත් මටනම් ගොඩක් හිනා ගිය කතාවක් ගැන තමා මේ පෝස්ට් එක
මේ කතාව සිද්ධ වෙලා තියෙන්නෙ අපේ චූටි සීයට තමයි.ඇත්තටම සීයා කිව්වට එයාට ඒ තරම් වයසක් නෑ.නෑ කමට තමයි සීයා.අපේ තාත්තට වඩා ඕනනම් අවුරුදු 2ක් විතර වැඩි ඇති. අපි ඉතිං නිවාඩු පාඩුවෙ ඉන්න හැන්දෑ වෙලාවල් වලට චූටි සීයාලාගෙ ගෙදර යනවා පොඩි චැටක් දාන් ඉන්න..ඇත්තටම අපේ ගෙදර අය ගියාට මම යන්නෙ නෑ.පාඩම් කරන්න තියනවා කියලා නවතිනවා…..(බුකිය පාඩම් කරන්න)

පෙරේදා චූටි සීයලා අපේ ගෙදරා අවා.ඒයාගෙ පවුලයි.ඒ කියන්නෙ චූටි ආච්චියි,එයාලගෙ පුතයි.ඒ කියන්නෙ මගේ මාමායි හික්ස් මාමා කිව්වට මේකා අපේ මල්ලිටත් වඩා බාලයි. චූටි සීයා හරිම විනෝදයට යට බර කෙනෙක් තමයි.ඒයාට තියෙන්නෙ හරිම සුන්දර අතීතයක්,කට්ටිය එකතු වුනාම එයාගෙ අතීත අමතක නොවන සිද්ධි කියලා හැමෝම හිනස්සනවා.
පෙරේදදා රෑ අපේ ගෙදර ආ වෙලාවෙ කියපු ඒ වගේ සිද්ධියක් තමයි අද පෝස්ට් එක ඔන්න ඉතින් ඉස්කෝලෙ ගිහිල්ල ඉවර වුනාම අපේ චූටි සීයා එයාගෙ යාලුවෙක් එක්ක එක එක තැන් වල වැඩට ගියාලු.එයාගේ බලාපොරොත්තුව තිබ්බෙ රියදුරෙක් වෙන්නලු.කොහොම හරි ඒ බලාපොරොත්තුවනම් ඉෂ්ඨ වෙලා දැන් එයා ලංගමේ වැඩ.ඉතිං ඒ වැඩ කර කර ගිය කාලේම තම්යි කොග්ගල නිදහස් වෙළඳකාලාපය හදන්න පටන් අරන් තියෙනනෙ.ඒකෙ ගොඩක් වැඩ කරලා තියෙන්නෙ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන්.
අපේ සීයටයි එයාගෙ යාලුවටයිත් ඒකෙ රස්සාවක් සෙට් වෙලා.ඉතිං දෙන්නත් එක්ක හැම්දාම උදේට වැඩට යනවලු. එතන තට්ටු දෙකක බිල්ඩින් එකක් හද හද තිබ්බලු.දෙන්න අයිස් පාරක් ගහන් ඉන්නව දැක්ක ලොක්කෙක් මෙයාලව අර බිල්ඩන් එකේ වැඩට දැම්මලු.දෙන්නම ඉතින් හරි සතුටෙන් බිල්ඩින් එකේ උඩටම නැග්ගලු.මුහුදු හුළං පාරත් හොදට වැදි වැදි දෙන්නා උඩම තට්ටුවට වෙලා පච හල හල හිටියලු.

ලොක්කට පොඩි සැකයක් වගේ ඇති වෙච්චි නිසා එයා දෙන්නගෙ වැඩ බලන්න හිතන් උඩ තට්ටුවට ගියාලු.සීයගෙ යාලුවා ඒ කියන්නෙ රං මහත්තයා ලොක්ක එනවා දැක්කලු.පොර හෙනට කලබල වෙලා,
"අමල් ඔන්න බං ලොක්කෙක් උඩට එනවා,ඉක්මනට ඇවිත් මේක අල්ලපන්"
කියාගෙන දුවලා ගිහින් ලඟ තිබුණ බූරුවෙක්ගෙ පැත්තකින් ඇල්ලුවලු.අපේ සීයත් මෙලෝ සිහියක් නැතුව ගිහින් අනිත් පැත්තෙන් ඇල්ලුවලු.ලොක්කත් උඩට ඇවිත් සීන එක බලන් ඉද්දි දෙන්නත් එක්ක බූරුවා උස්සගෙන පහලට බැස්සලු.යටම තට්ටුවෙ කොනකින් බූරුව තියපු දෙන්න පැත්ත්කට ගිහින් ලොක්කට පේන්න බොරුවට එක එක වැඩ කරනවලු. ලොක්ක මොකුත් නොකිය සේරම බලන් ඉදලා දෙන්නටම අඩගැහුවලු,
"මේ තමුසෙලා දෙන්න මෙහාට එනවා,ඔය බූරුවා උස්සන් ගිය දෙන්න එනවා මෙහාට"
ගේම් ඕවර් කියලා හිතාගෙන දෙන්නම ලොක්ක ලඟට ගියාලු.එපාර ලොක්ක කිව්වලු,
"අයිසේ…...,මේච්ච්ර අමාරුවෙන් උඩට ගෙන්න ගත්තු බූරුවා…… තමුසෙලා දෙන්න එකතුවෙලා ආයිමත් පල්ළෙහාට ගිහින් දැම්මෙ කාගෙන අහලද ඕයි"
"හෙට ඉදන් දවස් තුනක් නිවාඩු ගන්නවා, දෙන්නම.දැන් ඉතින් මෙතන උගුඩුවො දෙන්න වගේ මගේ මූණ දිහා බලන් ඉන් නැතුව යනවා යන්න."

වැල් වටාරම් වැඩී වගේ තේරෙනවනම් සොරි හොදේ

Wednesday, June 1, 2011

ඉංගිරීසි නම ....kjgjk

මූඩ් එක මොක උනත් මටත් ටික වෙන්න හිනා ගිය කතා වක් තම කියන්න යන්නෙ හරිය.කොයි තරම් හිනා යන කතාවක් උනත් මම කියන විදියට හිනා යන එකක් නම් නෑ.ඒත් කමක් නෑ කොහොම හරි හිනා වෙන්නකෝ ඈ.


මේ කතාවෙ කතා නායකයා අපේ තාත්තගෙ ගෝලයෙක් තමා.ගෝලයෙක් කිව්වට අපේ තාත්තා ගුරුවරයෙක්වත්,මැරයෙක්වත්,ලොක්කෙක්වත් නෙමෙ හරිද.
පොඩ්ඩක් විතර මගේ මලයත් සම්බන්දයි.

ඔන්න අපේ අම්මට නංගයි මලයයි යන පාසලෙන් කැදවීමක් ලැබිලා.නංගගේ ප්‍රගති වර්ථාව ගන්න කියලා.ඉතින් අම්ම ගියා කියමුකො.මලයට ඉංගිරීසිය උගන්වන ඉංගිරීසි මිසීට අම්ම මීට් වෙලා...........දවස් ගානක් තිස්සෙ කට පඩම කරන් උන්න අපේ මලයගෙ ගුණ කථනයක් අම්මට කියලා ..............(අපේ අම්ම වැඩිය ඉස්කෝලෙ පැත්තෙ නොයන්නෙ නොයන්නෙ ඇයි කියලා මටත් ගොනාට වගේ තේරුනා එදා)

කොහොම හරි අම්ම ගෙදර ආව කියමුකෝ ........
තත්තත් නිවාඩුවක් දාලා ගෙදර තමා හිටියෙ.. ගෝලයත් හවස් වෙලා අපේ ගෙවල් පැත්තෙ ආවා....මිසී කියපු විදියටම මලයගෙ ගුණ කථනයක් අම්මත් තාත්තට කිව්ව මේ වෙලාවෙ..........
"මම උත්සහා ගන්නෙ මේ ළමයට ඉංගිරීසියෙන් නම හරි ලියන්න පුරුදු කරන්න" කියල අම්මත් එක්ක මිසී කියලා.ඕකත් අපේ අම්ම කිව්වා.ඔන්න ඉතින් ඕක අර ගෝලයටත් ඇහුනා........
එයාගෙ නම බී.බී.චමින්ද ..... ඉතින් මෙයා කියනවා මටත් 10 යෙදි විතර ඉංගිරීසියෙන් නමවත් ලියන්න බැරිය කියලා.ඊළඟට තමයි කතාව .........

මෙයා 10 දි ඉංගිරිසි පේපරේ ලියලා නම ලියා ගන්න බැරිව දගල දගල ඉදලා තියෙන්නෙ ... ලග හිටපු යලුවෙකුට කියලා පොර කොහොම හරි චමින්ද කියන එක ඉංගිරිසියෙන් ලියවගෙන.
බී.බී.කියලා ඉංගිරීසියෙන් ලියන්න දන්න නිසා අර කොල්ල ලියපු එකට මුලින් B.B.කියලා දාල මිසීට දුන්නලු.

ඔන්න ලකුණු දෙන දවසත් ටික් ගාලා ආවලු.හැමෝගෙම නමයි ලකුණුයි මිසී කිව්වට මේ පොරගේ ලකුණු කියලා නෑ.පොරත් දැන් පුල් හොල්මන්ලු.
ඔන්න ඉතින් සේරගෙම ලකුණු කියලා ඉවර වෙලා ඉතුරු පේපර් එකේ නම කියලා මිසී කතා කරාලු
"කවුද මේ .......... 'B.B.Cricket'....... කියන්නෙ .........?"

Sunday, April 24, 2011

මිදි ගොඩාක් තිත්තලූ .............@#$# :D

ගොඩ දවසකින් බ්ලොගිය පැත්තෙ එන්න බැරි වුනා ............... මේ ලගකදි මට ආපු සිතු විල්ලක් මැකිලා යන්න කලියෙන් බ්ලොගියෙ ලියලා දාන්න ඕන කියලා හිතුනා........


ට්ටිය හැමෝම ඉතින් නරියා සහ මිදි වැල කතාව දන්වනේ................. ඒක නිසා ඉතින් මම ඒ කතාව කියලා දෙන්න යන්නෙ නෑ ....... :D
ගොඩාක් අය කියනවා මේ කතාවෙදි නරියා මෝඩ වැඩක් කලේ කියලා.නරියා කපටි උනත් මිදි පොකුරේ කේස් එකේදී මෝඩ උනා කියලා ගොඩාක් අය කියනවා.ඒත් මට හිතෙන්නෙ නරියා තමයි හපනා.හිකිස් .. ඒ කිව්වේ නරියා හෙනට මොලේ ඇති වැඩක් තමයි මිදි තිත්තයි කියලා කරලා තියෙන්නෙ....(මට හිතෙන විදිය)

මෙන්න මට එහෙම හිතෙන්න හේතුව :- නරියා ඒ වෙලාවෙ ගොඩාක් බඩගින්නෙ තමා ඉදලා තියෙන්නෙ.ඒක ඉතින් හැමොම දන්නොනෙ.මිදි පොකුරත් පොරට කඩා ගන්න බැරි තරම් උඩින් තමා තිබිලා තියෙන්න.ඉතින් මේ නරියා හදීසියේවත් උත්සහය වටිනවා කියලා මිදි පොකුර කඩා ගන්න හති වැටෙනකන් උඩ පැන්නනම් මොකද වෙන්නෙඒ.නරිය ඉවරයි............. බඩගින්නෙම මැරෙන්න තමා වෙන්නේ.
ඔන්න ඉතින් දුර දිග හිතපු මේ නරියා මිදි තිත්තයි කියලා යන ගියාලු.

ඉතින් ඇයි දෙවියනේ මිනිස්සුන්ට බැරි(මාත් අතුළුව) ලබා ගන්න බැරි දේවල් පස්සෙ දුවලා නිකන් ජීවිතේ නාස්ති කර ගන්නෙ නැතුව තමන්ට ලබාගන පුලුවන්, ලැබෙනවයි කියාලා චුට්ටට්ක් හරි හිතන්න පුලුවන් දේවල් ලබාගන්න උත්සහ කරන්න................. :-)

Saturday, March 19, 2011

මගේ මලයා .......

මගේ මලයා ..............වයසින් බාල උන නිසා මලයා වුනාට මූට ඇමතිය යුත්තේ සීයේ කියාය. අනේ ද කියන්නේ මම මේකා ගැන මොනවා ලියන්නද .........? ලියන්න ගියොත් මට බ්ලොග් මදි වෙයි.ඒ තරමට මේකාගේ ගුණ වර්ණනා කළ හැකිය.මොනා වුනත් මු හරි හිත හොද ඒකාය.එහෙම කියන්නේ අහල පහළ උන් මිස අපි නොවෙමු...ගෙදරට ඉරට්ටක් දෙකට කැඩෙන වැඩක් නොකරන නමුදු අහළ පහළ උන්ට නම් මු හරි ප්‍රයෝජනවත් එකෙකි..මන්ද යත් .. එවුන්ගේ තනි රැකිමට,වතු පිටි සුද්ධ කිරිමට,ගස් වල ගෙඩි කැඩීමට වැනි එදිනෙදා කටයුතු රාශියකට මු නැතුවම බැරිය ..... පාසල් නොමැති දිනයක්නම් උදෑසනම අහල පහල ගෙවල් වල සේවයට වාර්ථා කරන මේකා නැවත ගෙදරට වාර්තා කරනුයේ දිවා අහර සඳහාය.එම ආහාර වේල ලබාගත් විගස නැවත සේවයට වාර්තා කරයි..... මේකා වැඩ නිම වී ගෙදර පැමිණෙන්නේ හැන්දෑවේ 6.00 පසු වූ විටය..


අම්මා සහ තාත්තා කට කැඩෙනකම් කිවත් මු සිටිනේ නෑහුන ගානටය ... ඒ හේතුව නිසාදෝ අම්මට සහ තාත්තාට මූට කියලාම එපා වෙලාය.පිටට හොද එකා වුවද මූ ගෙදරට මහා හොරාය..සුත්තර කාරයෙකි...මගෝඩියෙකි.මේකා කෙසේ වුනත් හොද පුරුද්දක් ලෙස ගෙදර සියල්ලන්ටම කලියෙන් අවදි වෙයි.එය හොද පුරුද්දක් බව පාසල් පොතකද තිබුනා මට ලාවට මතකය.නමුදු මූනම් උදේම නැගිටිනුයේ වෙන කිසි කාරණාවකට නොව .. අපේ තාත්තාගේ සක්කුවට බැසගැනිම සදහාය.දිනක් හොර රහසේ තාත්තාගේ සාක්කුවට බහින විට මේකා තාත්තාගේ අතටම මාට්ටු විය.එදානම් ඇති වෙන්න සම්බුව මූට ලැබුණි.ඒ ලැබිලත් මූට මදිය.තවමත් සාක්කුවට බසී.........සම්බුවෙන් පසු මූ පුරුද්දක් ලෙස මගේ දුප්පත් සක්කුවටද විදියි.මේකාගේ වීරක්‍රියානම් බොහෝය.තාල වර්ගයේ ගස් වලට නැගිමට මූ තරම් හපනෙක අපේ ගමේ තියා අහල ගමකවත් ඉන්නවාය කියා මම අසා නොමැත.ඒ තරමට මු හොර කුරුම්බා කැඩීමෙහිලා හපනෙකි.දිනක් අප පිට්ටනියේ කොඩිගස් ගසමින් සිටියදී එක පාරටම මු මිසින්ග් විය.හවස ගෙදර යන විට පහළ ගෙදර කලු මාමා අපේ ගෙදර විත් මූගේ හපන් කමක් කියා දැම්මාය.අපේ අම්මට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇතයි මට තාමත් සිතෙයි.මූ කර ඇති හපන් කෙටියෙන් මෙසේය,


පහළ ගෙදර කලු මාමාට අපි සෙල්ලම් කරන පිට්ටනියට එහා පැත්තේ වත්තක් ඇත.ඒ වත්තේ පිට්ටනිය පැත්තට වන්නට හොඳට ගෙඩි පිරිනණු තැඹිලි ගසක් ඇත,කිසිම කොල්ලෙක් තියා බල්ලෙක්වත් ඒ වත්තේ ගස් වලට අත තියන්නේ නැත.මන්ද යත් කලු මාමාලාගේ ගෙදරට එක එල්ලේම මේ වත්තේ ගස් දැක ගත හැකිය.කෙසේ වෙතත් අපේ එකා මා කලින් සඳහන් කරන ලද ගසට ගොඩ වී සිටියදී කලු මාමාගේ අතටම මාට්ටු වි ඇත.කලු මාමා "මොකද ගහේ නැගන් කරන්නේ....?" යැයි ඇසු කල මූ කියා ඇත්තේ "අපේ අයියලත් එක්ක හැංගිමුත්තම් සෙල්ලම් කරනෝ..මේකෙ ගෙඩි වලට වැහුනම පේන්නෙ නැති නිසා මම මෙතන හැංගුනා" යයි කියාලාය.අනේ ඉතින් මුගේ කට කන්න එපයි.......






Friday, February 4, 2011

පැරදුන ප්‍රේමය වෙනුවෙන් පළිගන්න එපා!!!!!!!!!!!


මේ සිතුවිලි ටික මගේ හිතට ආවේ මගේ යාලුවෙක් කිව්ව කතාවක් නිසා.
බ්‍රහස්පතින්දා දවසේ පාසලේ උදේ රැස්වීමෙ තමා අපි හිටියෙ.රැස්වීමේ වෙච්ච දේවලට කොච්චර අවදානයෙන් හිටියද කියනවනම් රැස්වීම ඉවර වෙන්න පාසල් ගීතය වාදනය වෙනකම් අපි දන්නේ නෑ.....(හික්ස් ඇත්තටම එච්චරම නෑ)කොහොම වුනත් උදේ රැස්වීමෙදි හැමදාම වගේ එක එක මතෘකා ඇදිලා ආවා කතා කරන්න.ටික වෙලාවක් ගියහම මතෘකාව කෙල්ලන්ගෙ පැත්තට මාරු වුනා....ඒ කිව්වේ ආදරය පැත්තට ..... සමහරු සමහරුන්ට එක එක කෙල්ලන්ගෙ නම් කියලා විහිළු තහළු එහෙමත් කර ගත්තා.අපේ කොල්ලන්ට වැදිච්ච බූට්,පස්සෙන් යන කෙල්ලන් ගැන එහෙමත් කතා වුනා.ඔය අතරෙ මගේ එක යාලුවෙක් කියපු කතාවක් මට දිරෙව්වෙ නෑ.මගේ යාලුවට බූට් පාරක් වැදිලා තමා තිබ්බේ.එයා කිව්වා .... "මට වුන දෙයින් පස්සෙ හිතෙන්නෙම කෙල්ලො දෙතුන් දෙනෙක් අඬවන්න."
මගේ යාලුවා වුනත් මම ඒ කිව්ව කතාවට තදින් විරුද්ධ වුනා.මොනා වුනත් මගේ යාලුවගෙ හිතේ තියන වේදනාව මට තේරෙනවා.(මොකද මාත් ඒ වගේ අත් දැකීමකට මුහුණ දීලා ඉන්න නිසා)හැබයි මම කාටවත් ඒ ගැන දොස් කියන්නෙවත්,කාගෙන්වත් පළිගන්නවත් හිතුවෙ නෑ......ඉදිරියට හිතන්නෙත් නෑ!!!...දැන් කස්ටිය හිතන්න එපා මම මහා ශෝ කරයෙක් කියලා..... කරන්න දෙයක් නෑ.මම කියන්නෙ මගේ අදහස් .. ඒවා අනිත් අයගේ ඒවට නොගැළපෙන්නත් පුලුවන්.කොහොම වුනත් මාත් එක්ක අමනාප නොවී මගේ අදහසුත් පොඩ්ඩක් බලන්න .........
Related Posts Plugin for WordPress, Blogger...