Showing posts with label යහළුවෝ. Show all posts
Showing posts with label යහළුවෝ. Show all posts

Friday, October 7, 2011

ගමේ මං nd තුන් කට්ටුව

සහෝදරයෙක්, සහෝදරියෙක්, හොඳ යාලුවෙක් , හිතවතෙක් , ඥාතියෙක් නැති ලෝකෙක ජීවත් වෙලා වැඩක් නැතිලු.ම්ම්ම්ම් ඉතිං මේ පෝස්ට් එක මගේ ගමේ හොදම යාලුවො දෙන්න එක්ක කරපු හපන් කම් ගැන... :)

මම දැන් ඉන්න ගමේ ඉතිං මගේ වයසේ කොල්ලො 1ක් වත් නෑ.. කෙල්ලොනම් ටිකක් ඉන්නවා.. ගෙවල් ලගම ඉන්නෙත් එක කෙල්ලෙක්.. ඒ වුනාට අපේ මලයගේ වයසේ ඇච්චො පැච්චො නම් ඕන තරම් ඉන්නවා.
ඒක වැඩක් නෑ දැන් මගේ යාලුවො දෙන්න ගැන කියන්නම් කෝ.. ගමේ කට්ටිටය නම් අපිට කිව්වෙ තුන් කට්ටුව කියල :D

එක්කෙනෙක්ගෙ නම ඉෂාර, එයා මට වඩා එක අවුරුද්දකින් වැඩුමල්, අනික් කෙනා සමීර මට වඩා අවුරුදු 2ක් විතර බාලයි. ඒත් ඉතින් අවුලක් නැතිව සම වයසේ යාලුවො වගේ තමයි අපි ආශ්‍රය කලේ... අපේ පිට්ටනියේ කිරිකට් සෙල්ලම් කලේ නැති දවසක් නම්.. නැත්නම් පායන කාලෙ කුබුරෙ එල්ලෙ ගහන්නෙ නැති දවසක් නම් අපි කලේ කොග්ගල ඔයේ නාන්න යන එක. නැත්නම් හොරෙන් ගිහින් මාලු අල්ලන එක හික්ස් :) ෆන් එකට මාලු ඇල්ලුවා මිස අපි මාලු කරයො නෙමේ හරිද :Dකොග්ගල ඔය ගැන කිව්වාම මං ඉන්න ප්ලේස් එක අහු වුනාද මන්දා o.O
ඉතිං මගේ ගමේ කොග්ගල ඔය අද්දරින්ම තියන හැම ඉඩමකම වගේ වවලා තියෙන්නෙ කුරුඳු තමයි, කුරුදු කිව්වට මේ වතු වල පොල් ගසුත් වවලා තියනවා.අපි සෙල්ලම් කරන පිට්ටනිය කිට්ටුව තියන පොල් ඉඩම් සේරම වගේ අයිති අපේ ගමේ ඉන්න 'හින්නි මහත්තයා' කියන කෙනා තමයි. ඉතිං අපි සෙල්ලම කරන්න ගිය හැමදාම එහෙම නැත්නම් ගඟේ නාන්න ගිය හැම දාකම හින්නි මහත්තයාගෙ පොල් ගස් වල තියන බම්බා ගෙඩි වලට බුදු සරණයි :P (බම්බා කිව්වමා උඩ බිම බලන්න එපා කුරුම්බා නැත්නම් වෑවර කියන්න ඒවට තමයි හික්ස්ස් )

ඔන්න එක දවසක් හවස සෙල්ලම් කරලා ඉවර වුනාම අපි ගියා හින්නි මහත්තයාගෙ වත්තක් පැත්තෙ. අපි කිව්වෙ මායි, ඉශාරයි, සමීරයි, සමීරගෙ අයියා කෙනෙකුයි. මට ඉතිං කොහොමත් තාල වර්ගයේ ගස් වලට නගින්නනම් බෑ. ඒත් දැන්නන්ම් පණුවා වගේ බඩාගාගෙන යන්තමට යා ගන්න පුලුවන්. ඉතිං එදා ගහකට නැග්ගෙ සමීරයා, එයානම් ටිකක් මහතයි. එයා ගහට නිගිද්දි වෙලාවකට අපිට හිතෙනවා මූ ගහට නගින්න කලින් ගහේ සේරම ගෙඩි ටික බිම තියේවි කියලත් :Pකොහොම හරි සමීරයා ගහේ මුදුනටම නැංගා අපි ඉතිං ගහ යට ඉදන් ඔත්තු බලනවා ඒත් කුරුදු ගස් නිසා අපිට වැඩි ඈතක් පේන්නෙ නෑ. ගෙඩි දෙක තුනක් කඩලා බිම දාදි අපිට ඇහුනා කවුරු හරි එන සද්දයක් ගස් එහා මෙහා වෙනවා..
හුටා හින්නි මහත්තයා............................................ අපිට ගහේ හිටපු එකා පවා අමතක වුනා. කොහේ ගියාද මන්දා කැලේ කඩාගෙන දිව්වා. සමීරයගෙ වෙලාවට හින්නි මහත්තයා ගස උඩ බලන් නැතිව පිහියකුත් අරන් අපි පස්සෙ පැන්නුවෙ :O එයා කොහෙද අපි අල්ලන්නෙ.. අපිට පේනවා මිනිහා වැටෙනවා නැගිටිනවා.. කොහොම හරි මිනහා මඟ ඇරෙනකම් දුර දිව්ව අපි නැවතිලා හති ඇරලා හිටපු තැනට එද්දි සමීරයා තාම ගහේ .. ගහෙන් බැහැපු ඌ අපිට වෙලේ ඉදන් ඉතිම් මව් භාෂාව දේසනා කෙරුවා.. දවස් ගානක්ම යනකම් :P

කොහොම වුනත් හැමදාම අනිත් දෙන්නටම ගස් නගින්න බැරි නිසා අපි තුන් දෙනා පොඩි ගිවිසුමක් ගැහුවා, ඒ තමයි එක දවසකට ග්ස් නගින්නෙ එක්කෙනයි ඊලග දවසෙ අනික් කෙනා ඊට පස්සෙ දවසෙ අනික් කෙනා :) කොහොම හරි මගේ දවස ආවම මං කරන්නෙ උඩ පැනල අතින් කඩන්න පුලුවන් තරමෙ ගස් වලට අමාරුව්න් බඩගාන එක. එහෙම දවසක මම ගෙදර එන්නෙ පස්සෙ දොරෙන්. හෙමීට ටි එකත් ගලෝලා වෙලේම දලා නා ගෙන ගානට මොකුත් නෑ ගෙට එනවා :P

Monday, September 26, 2011

~කාර්ඩ් cArd කාර්ඩ්ස්~


හයියා ෆෙන්ඩ්ස්....... ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්න ආවේ..මේ පෝස්ට් එක බලලා ඉතින් හිතන්න එපා මම ශෝ දානව කියල. අනේ එහෙම දෙයක් නෑ ලියන්න දෙයක් නැති කමට මේක හොදයි කියලා හිතුනා ඒකයි මේ... :P (පොඩ්ඩක් ඉතින් ශෝ 1ක් වගේ තමයි)


ඔන්න එහෙනම් මට මතක හැටියට මට වැටුන මුල්ම කාඩ් එක "වයිටා" අනේ මන්දා අපේ උන් මට කොහොමද වයිටා කිව්වෙ කියලා.. මට පොඩ්ඩක් හරි ඒක ගැලපෙනවනම් ඒ දත් ටිකකට තමයි :P
ඊට පස්සෙ ටිකක් කල් තිබ්බ කාඩ් එකක් වැටුනා "ස්කූබී" කියල.. ඒක 7 වසරෙ වගේ ඉදන් 8,9 වෙනකම්ම වගේ ඇදිලා ගියා..මට ඉතින් චුට්ටිත්තක් කන් හොලවන්න් පුලුවන් නිසා තමයි අපේ පන්තියෙ උන් මට ස්කුබී කිව්වෙ.....
ඔන්න ඉතින් 8 දි වගේ තා කාඩ් එකක් එලියට අවා "කලු කොල්ලා" කියලා... ඒකනම් වැඩිය ගියේ නැති වුනාට තාම සමර වුන් කියනවා ඒක. ඒක නම් මට ගැලපෙනවා නියමෙට.

ඉතින් අපි 10 ට වගේ ආවම ස්වර්නවාහිනියෙ කාර්ටුන් එකක් ගියා සෙන්පති අඩවිය කියලා. ෆට්ට කාර්ටුන් එක ඒක. කට්ටිය ඉතින් ඔන්න ටින් ටින් ගාලා ඒකෙ නම් දානවා ගෝලයන්ට.. මටත් වැටුනා 1ක් "සිනමාරිස්" කියලා :P. ඒ කාඩ් එකනම් ගොඩක් කල් කියන්නෙ තාමත් තියනවා :D

12 දි ඉන්ග්ලිශ් ඩේ එකට අපි නාට්ටියක් කලා.. මැක්සා කොමඩියක් ....... :v ඒක් මම ඇක්ට් කලේ සුසෙයි කියලා චරිතෙකට.. නාට්ටිය ඉවර වුනා විතරයි මුන් මට "සුසෙයි" කියන්න පටන් ගත්ත.. ඒත් එච්ච්ර ෆේමස් වුනේ නම් නෑ.. තාම තියනවා ඒත්.. :D

ඊළඟ කාඩ් එක වැටෙන්නෙ ෆේස් බුක් එකෙන් ඒක දැන් හැමෝම දන්න "ටිං ටිං" තමයි ඉතින්..... සේරම කාඩ් වලින් මම පණ වගේ ආදරේ ඒකට.. පොඩ්ඩක් වත් මට ගැළපෙන්නෙ නම් නෑ.. ඒත් ඒක දුන්න කෙනා නිසා ඒ කාඩ් එක විශේෂයි... :)

පොඩ්ඩක් ශෝ වගේ නේද සොරි වෙන්න ඕන හරී :)

Wednesday, June 1, 2011

ඉංගිරීසි නම ....kjgjk

මූඩ් එක මොක උනත් මටත් ටික වෙන්න හිනා ගිය කතා වක් තම කියන්න යන්නෙ හරිය.කොයි තරම් හිනා යන කතාවක් උනත් මම කියන විදියට හිනා යන එකක් නම් නෑ.ඒත් කමක් නෑ කොහොම හරි හිනා වෙන්නකෝ ඈ.


මේ කතාවෙ කතා නායකයා අපේ තාත්තගෙ ගෝලයෙක් තමා.ගෝලයෙක් කිව්වට අපේ තාත්තා ගුරුවරයෙක්වත්,මැරයෙක්වත්,ලොක්කෙක්වත් නෙමෙ හරිද.
පොඩ්ඩක් විතර මගේ මලයත් සම්බන්දයි.

ඔන්න අපේ අම්මට නංගයි මලයයි යන පාසලෙන් කැදවීමක් ලැබිලා.නංගගේ ප්‍රගති වර්ථාව ගන්න කියලා.ඉතින් අම්ම ගියා කියමුකො.මලයට ඉංගිරීසිය උගන්වන ඉංගිරීසි මිසීට අම්ම මීට් වෙලා...........දවස් ගානක් තිස්සෙ කට පඩම කරන් උන්න අපේ මලයගෙ ගුණ කථනයක් අම්මට කියලා ..............(අපේ අම්ම වැඩිය ඉස්කෝලෙ පැත්තෙ නොයන්නෙ නොයන්නෙ ඇයි කියලා මටත් ගොනාට වගේ තේරුනා එදා)

කොහොම හරි අම්ම ගෙදර ආව කියමුකෝ ........
තත්තත් නිවාඩුවක් දාලා ගෙදර තමා හිටියෙ.. ගෝලයත් හවස් වෙලා අපේ ගෙවල් පැත්තෙ ආවා....මිසී කියපු විදියටම මලයගෙ ගුණ කථනයක් අම්මත් තාත්තට කිව්ව මේ වෙලාවෙ..........
"මම උත්සහා ගන්නෙ මේ ළමයට ඉංගිරීසියෙන් නම හරි ලියන්න පුරුදු කරන්න" කියල අම්මත් එක්ක මිසී කියලා.ඕකත් අපේ අම්ම කිව්වා.ඔන්න ඉතින් ඕක අර ගෝලයටත් ඇහුනා........
එයාගෙ නම බී.බී.චමින්ද ..... ඉතින් මෙයා කියනවා මටත් 10 යෙදි විතර ඉංගිරීසියෙන් නමවත් ලියන්න බැරිය කියලා.ඊළඟට තමයි කතාව .........

මෙයා 10 දි ඉංගිරිසි පේපරේ ලියලා නම ලියා ගන්න බැරිව දගල දගල ඉදලා තියෙන්නෙ ... ලග හිටපු යලුවෙකුට කියලා පොර කොහොම හරි චමින්ද කියන එක ඉංගිරිසියෙන් ලියවගෙන.
බී.බී.කියලා ඉංගිරීසියෙන් ලියන්න දන්න නිසා අර කොල්ල ලියපු එකට මුලින් B.B.කියලා දාල මිසීට දුන්නලු.

ඔන්න ලකුණු දෙන දවසත් ටික් ගාලා ආවලු.හැමෝගෙම නමයි ලකුණුයි මිසී කිව්වට මේ පොරගේ ලකුණු කියලා නෑ.පොරත් දැන් පුල් හොල්මන්ලු.
ඔන්න ඉතින් සේරගෙම ලකුණු කියලා ඉවර වෙලා ඉතුරු පේපර් එකේ නම කියලා මිසී කතා කරාලු
"කවුද මේ .......... 'B.B.Cricket'....... කියන්නෙ .........?"

Saturday, January 29, 2011

වලිය ......බොරුව........ සහ කටුව!


අද දවල් වෙච්ච සිරා සිද්ධියක් නිසා ආපු සිතුවිලි ටිකක් තමා මේ.පාසල් සමයේ කොල්ලො ඉතින් වලියක් දා ගන්න එක හරිම සාමාන්‍ය දෙයක් නෙ.අනික ගොඩක්ම වලි යන්නේ ගැහැණු පාර්ෂවය සම්බන්ධයෙන් කියලත් ගොඩක් අය සාමාන්‍යයෙන් දන්න දෙයක් නේ.මේ ලිපියත් ඒ දෙකටම අදාල දෙයක් තමා..........

ඔන්න ඉතින් අපි ඊයේ පාසලේ දි පොඩි පහේ බජව්වක් දා ගෙන තමා හිටියේ.මගේ එක යාලුවෙක් හොදටම වගේ මූඩ් ගහල හිටි බව අපේ සෙට් එකට තේරුනා.බලද්දි මෙන්න බොලේ සැර වලියක් සෙට් වෙලා.ඒකත් කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයකට.මොනා වුනත් අපේ එකානෙ කියලා කට්ටියම සෙට් උනා අද වලියට.මොකද අපේ එකාට ගේම දාපු උන් අද ප.ව.1.00 ට ගාල්ලේ ඔය වගේ වලි වලට බොහොම නමගිය තැනකට තමා එන්න කියලා තිබ්බේ.

මොකත් එකයි කියලා අපි අද සෙට් වෙන්න ඊයෙම කතා කරගත්තා.කොහොමින් කොහොම හරි දන්න කියන හැම එකාවම මේ වැඩේට සෙට් කරගන්න අපෙ සෙට් එකට පුලුවන් වුනා.
Related Posts Plugin for WordPress, Blogger...