Friday, November 4, 2011

මගේ ඔලුව රිදෙනවා සර් :(

අද පෝස්ට එක ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච් සිදුවීම් වගයක් ගැන. ඒ කියන්නෙ සාමාන්‍ය පෙළ විභාගය කිට්ටුව වෙච්චි දේවල් ටිකක්.

10 වසරෙදි අපිට විද්‍යාව උගන්වන්න හිටියෙ සර් කෙනෙක්. සර් ට අපි ආදරේට කිව්වෙ "බැටිස්ටා" කියල තමයි. මොකද එයාත් තනිකරම බැටිස්ට වගේ. කොණ්ඩෙත් නට්ටටම කපලා ඒකට තට්ටෙ කියන්නත් බෑ මොකද යාන්තමට වගේ කොණ්ඩ ගස් නටු ටිකත් පේන්න තිබ්බා.අපේ සර් හරිම සැරයි. පොඩි දේටත් දෙන්නෙ පැලෙන්න. වේවැල් පාරවල් කෑවහම කොල්ලන්ට වාඩි වෙන්නවත් බෑ. ඒ වගේම තමයි නිකන් ඉන්නකොටත් කම්මුල් පාරකට සූදානම් වෙලා තමයි ඉන්න ඕන. හැබැයි හරි හොදයි අපේ සර්. උගන්වන එකනම් බොක්කෙන්ම කරනව. කොච්ච්රද කිව්වොත් අනික් සර් ල මිස්ලගේ පීරියඩ් බලෙන් අරන්ම අපිට උගන්වනවා.

සර් විද්‍යාව ඉගැන්වුවේ අපේ පන්තිය ඒ කියන්නෙ D එකටයි අල්ලපු පන්තිය  C එකටයි. C එකේ පන්ති බාර සර්ට තමයි. ඉතිං සාර් කරන්නෙ පන්ති දෙකම එකට දාගෙන පීරියඩ් 2ක 3ක් අරන් උගන්වනවා. උදේ පාන්දර අපේ පන්තිභාර සර් එන්න කලින්
"හා හා ඉක්මනට වරෙල්ල පුටුත් අරන් එහා පන්තියට"
කියල අපිව බලෙන්ම ඇදන් යනවා විද්යාව උගන්වන්න. අකමැත්තෙන් වුනත් අපිත් ඉතිං යනවා. ඇත්තටම අපේ කොල්ලන්ට හරිම හිරි හැරයි සර් ගෙන්. ගුටි ගහන එකමයි වැඩේ. සර් ට කවුරු හරි නෝට් උනොත් ඒකට හැමදාම ගුටි තමයි. ඉතිං මේ වගේ නෝට් වෙච්ච් අය ටික දෙනෙක් හිටියා. ටිකකක් කිව්වට ගොඩක්. ඒ වගේ අය ඉස්සරහ පේළිවලට තමයි වාඩි කරව ගන්නෙ. එහෙම අරන් පොඩි දේටත් කම්මුල් පාරක් තමයි ඉතිං.




මම ඉතිං ඒ වගේ නෝට් වුන කෙනෙකුත් නෙමෙයි. ඒ වගේම වැඩිය කැපිලා පෙනුන චරිතෙකුත් නෙමෙයි. ඔන්න දවසක් අපේ පන්ති දෙකම එකට දාලා සර් ඉගැන්නුවා. දෙවෙනි පීරියෙඩ් එකේ මැද විතර වෙද්දි මට ඔලුව කෙලින් තියන් ඉන්නම බෑ. ඉබේම ඇස් පිය වෙනවා. මන් ටිකක් දෙපැත්ත හැරිලා බැලූවාම් පේනව තා 1ක් 2න්නෙක් නිදි වගේ. අනේ ඉතිං උන්ට හොඳනම් මට මොකෝ කියල හිතුනා මට. එහෙම හිතුවට ෆුල් ට්‍රයි කලේ ඇස් ඇරගෙන ඉන්න.
විනාඩි 2ක් 3ක්.. නැත්නම් 5ක් 10ක් වෙන්න ඇති.

'පටාස්'
සද්දෙ මොකක්ද කියලා බලද්දි සර් මගේ ඉස්සරහා.



කම්මුලත් රත් වෙනව වගේ. රිදෙන්නත් ගත්තා.
සාර්ගෙ මූණ දැක්කම තමයි මට වැඩේ මීටර් වුනේ. සර් ගෙ ඇස් නිකන් ගිනි බෝල වගේ තමයි පෙනුනෙ.
"මම මෙහේ කට කැඩෙනකං කෑ ගහල මුංට උගන්නවනවා, මූ මෙතන නිදි"
ඔන්න ඔහොමයි සර් ඒ වෙලාවෙ කිව්වෙ.
මට මොකුත් හිතා ගන්න බෑ. මගේ උපරිම නාට්‍ය හා රංගන කුසලතාවය එලියට දාලා, මුහුණෙන් හැගීම් ප්‍රකාශනයත් අධි සංවේදි වෙන විදියට හදාගෙන
"නෑ සර්, මගේ ඔලුව රිදෙනවා සර්" කියලා කිව්වා.
"ඔලුව රිදෙනවනම් ගිහින් පැනඩෝල් 2ක් බීලා වරෙං." ඒකපාරටම සර් කිව්වාම මම භීත වෙලා වගේ සර්ගෙ මූන දිහාම බලාගෙන ඉන්නවා.සර් ට දැන් මට වගේ
"සැරයක් කිව්වාම දුවපිය, තා කම්මුල් පාරක් නොකා"
ආයේ කතා ඔනෙ නෑ, සින් ගාලා පන්තියෙන් එළියට ඇවිත් කොරිඩෝ එක දිගේ දුවලා ගිහින් පඩි පෙල බැස්ස වේගෙ අදටත් මට හිතා ගන්න බෑ. ෆස්ට් ඒඩ් යුනිට් එකට ගියා ඒක වහලා සාජන් පන්තියට ගිහින්. කැන්ටිං එකට ගියා ඒකෙත් පැනඩොල් නෑ.
පස්සෙ පන්තියට යන්නත් බෑ බෑ වගේ. පස්සෙ මට හිතුනා ඇයි අඩේ මම පැනඩෝල් බොන්නෙ මගේ ඔලුව රිදුනෙ නෑ නෙ.ඒ වුනාට පන්තියට යන්න හිතකුත් නැති නිසා ඉන්ටර්වල් බෙල් එක ගහනකම් එහෙ මෙහෙ ඇවිදලා අන්තිමට පුස්තකාලෙට වෙලා හිටියා.කොහොම හරි මම ආයෙමත් පන්තියට නොගිහිපු එක එච්ච්ර දුර ඇදිල ගියේ නෑ.

ඉතිං මෙහෙම මාසයක් විතර ගියාම තව දවසක් සර් උගන්නනවා. එදානම් මට නින්ද ගියේ නෑ කියල මට හොදටම විස්වාසයි. ඒත් මම ඩෙස් එකේ මොකක් හරි කුරුටු ගගා තයි හිටියේ මූණත් පහළට හරෝගෙන. සර් ට වැරදි වැටහීමක් ඇති වෙලා එදත් කෑවා රතු වෙන්න කම්මුල් පාරක්. විනාඩි 10ක් විතර හිටගෙනත් හිටියා. පස්සෙ සර්ටම තේරිලා මට නින්ද ගිහින් නෑ කියලා ආයෙමත් වාඩි වෙන්න කිව්ව.

තව දවසක් උදේම පීරියඩ් එක සර් ට. සර් බෝඩ් එක දිහාට හැරිලා රුප සටහන් වගයක් අදිනව. උදේ එන ගමන් බුක් ෂොප් එකෙන් ගත්තු අලුත්ම මකනෙ තිබ්බ ඉටිකොලේ හේමිට ගලෝනව දැන් මම. ඒකෙන්,
'චිරි චිරි ච්රිස්' ගාලා සද්දයක් එනවා.
සර් ටත් ඒ සද්දෙ හොදට ඇහුනා.
"කරුණාකරලා කියන්නෙ ඔය සද්දෙ දාන එකා ඕක නවත්තපන් වහාම" සර් එහෙමයි කිව්වෙ.
ඒත් කොහොද මට මේක කොහොම හරි ගලෝල දාන්නමයි ඕන. මාත් ඉතින් කීප් ගොයින් කියලා ඉටිකොලේ ගැලෙව්ව. සර්ට මලේ මල කිව්ව දේ ඇහැව්වෙ නැති නිසා. ආව මගේ ඩෙස් එක ඉස්සරහට, ඉටි කවරේ මගේ ඩෙස් එක උඩ තියනව දැන්. සර් ගත්ත ඒක අතට
"කියන දේ අහන්නෙ නෑ නෙ, දැන් ඉතිං කාපං මේක" කියලා දැම්මෙ නැතෑ ඒක මගේ කටේ.
මොනා කරන්නද ඉල්ලන් කෑව කියලා මාත් ඉටිකොලේ හක්කෙ දත් වලට තියාන හැපුව ඉතිං.

මම මේක ලියපු විදිය නිසා කියවන අයට අපේ සර් මහා යක්ෂයෙක් වගේ පේනවද දන්නෙ නෑ. අනේ එහෙම නම් නෑ. සර් හරි හොදයි. කවදාවත් අපිත් එක්ක තරහින් නෙමෙයි අපිට දඩුවම් කලේ.ඒවා ඇත්තටම දඩුවමුත් කියල කියන්න බෑ, ඒවට පිටත් හිනා යනවා, සර් ටත් හිනා යනව. ඇත්තටම අපිත් එක්ක සර් කතේ කලේ යාලුවෙක් වගේ.' බං, වරෙන්, පලයන් ' මේ සර් ගෙ භාෂාව තමයි ඉතිං.අනික් සර්ලට වඩා අපි කිට්ටුවෙන් ආශ්‍රය කලේ අපේ විද්‍යාව සර්ව තමයි
.

3 comments:

  1. hekzz
    peththa gana kiwwata uba u ta peththa keyanawa keyala meke liyala na ne :P
    wadak naa

    ReplyDelete
  2. මං ගියපු ඉස්කෝලෙත් ඔය වගේ සර් කෙනෙක් හිටියා හැබැයි ඒ සර්ට ඔච්චර මලපනින්නේ නැ. :-D

    ReplyDelete
  3. වෙන නැත්තන් shoooooooooooooook

    ReplyDelete

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...