Wednesday, August 3, 2011

කණගාටුවට පත්ව ලියමි........:@@

ඇත්තටම මේ වගේ පෝස්ට් එකක් දාන්න වෙච්ච එක ගැන ගොඩාක් කණගාටුයි.
වැඩි කතා නැතුව මේ පෝස්ට් එක දාන්න මට හිතිච්ච මගෙයි මගේ හොඳම යාලුවගෙයි පොඩි SMS සංවාදයෙන් ටිකක් දාලම ඉන්නම් කෝ.....

"**** කොහොමද ඔයාට අද කොලේජ් ගියාද,
නිව් ෆෙන්ඩ්ස් ල එහෙම හම්බ වුනාද ආ... හි හි.."

"මම දැනුයි ගෙදර ආවේ.ගොඩාක් මහන්සියි.
ඔව් අලුත් යාලුවොනම් හම්බ වුනා.. ඒත් ඔයා වගේ හොඳ යාළුවෙක් නම් නෑ."


"හි හි ඔව් ඒකනම් ඇත්ත.මම වගේ 1යි මේ ලෝකෙටම ඉන්නේ."


"විහිලු නෙමෙයි *****.ඔයා වගේ කෙනෙක් මේ කොහෙවත් නෑ.
අද මම බස් එකේ එද්දි කොල්ලො සෙට් 1ක් මාව වට කරන් මට වද දුන්නා *****.
මම බස් එකෙන් බහින්න හැදුවෙ.එතකොට 1ක් කෙනෙක් මගේ අතින් ඇදලා ගත්තා.
මගේ කකුලත් මොකක්ද වුනා.මගේ නිය පොතු වලට ඒ බෝයි ගෙ අත තුවාලත් වුනා."

(**** දාලා තියෙන්නේ අපි දෙන්නගේ නම් වලට හොදේ...හි හි නැත්නම් බලයි මොනවත් මේ තරු කියල)
මෙතනින් එහා සංවාදේ ඕන නෑ......


ඇත්තට අද කාලේ තනියම කෙල්ලෙක්ට බස් එකක්ක යන්න නැති හැටි. සමහර කොල්ලනට නිකන් කෙල්ලො දකපු නැති උන් වගේ. මේවා වැඩිපුරම වෙන්නෙ කොල්ලො සෙට් 1ක් යන්කොට තමයි. මොකද එතනදි සමහර කොල්ලො කැපිලා පේන්න යි කාඩ් බොඩ් විරයො වෙන්නයි බස් වල තනියම යන කෙල්ලන්ට වද දීලා තිරිසන් සතුටක් ලබනවා.


මමත් සෙට් එක එක්ක යදිදි බස් එකේදි ඕන තරම් කෙල්ලන්ට විහිළු කරලා තියනවා.... ඒත් ජරා වැඩ ඒ කියන්නෙ කෙල්ලන්ට වදයක් වෙන විදියෙ තුච්ඡ , අධම වැඩනම් කරලා නෑ. කාන්තාවට ආරක්ෂාව දෙන්න ඕන පිරිමියම මේ වගේ තිරිසන් වැඩ කරදිදි ඒ පිරිමි කමෙන් ඇති වැඩේ මොකක්ද.ඒ වගේ තමයි බස් වල මේ වගේ වැඩ වෙද්දි වගකීමක් අරන් ඒ දේවලට විරුද්ධ වෙන්න පුලුවන් තරමෙ වැඩිහිටි පුද්ගලයොත් ඕන තරම් ඉන්නවා. ඒත් ඔවුනුත් මේ වගේ වෙලාවලට හැසිරෙන්නේ අන්ධයන්ටත් වඩා අන්ත විදිහෙට.

මේ වගේ තිරිසන් වැඩ කරන්නේ කොලු වයසෙම ඉන්න අය විතරක්ම නෙමෙයි.මගේ හොදම අත්දැකීම ඒ ගැන වයස 40ක් විතර වෙන වෙන පුද්ගලයෙක් ගැන. ඒ කාලේ මම පොඩි එකා . වැඩි තේරුමක් නෑ. හැබයි එදානම් මායි මගේ පන්තියෙ යාලුවෙක්ටයි සිද්ධ වෙන්න ගිය අධම වැඩේ නවත්තන්න පුලුවන් වුනා. ඒ අපි එතන හිටි අයියා කෙනෙක්ට ඒ ගැන කිව්ව නිසා. එදා ඒ අයියා නියම පිරිමියෙක් වගේ ඒ දේට එරෙහිව කතා කරපු හැටි තාමත් මතකයි. ඒක තම්යි නියම පිරිමි කම.

අද මේ වගේ සිද්ධියකට මුහුණ දුන්නෙ මගේ හොදම යාලුව.මට ඒ වෙලාවේ එයාව බේර ගන්න බැරි වුණා.ඒත් හෙට ඒ ඔයාලගේ යාලුවා, අක්කා, නංගී වෙන්නත් පුලුවන්........අපි එයාලාවත් බේර ගමු නේද................?
(අපේ නංගිට වුනානම් කරන වැඩේ දනී මං ඒ වසලයට)

මේ පොස්ට් එකේ භාවිතා කරන්න වුන වචන ගැන අතිශය කණගාටු වෙමි.

ටිං Tinගේ අවවාදය - ගෑණු ලමයි බස් එකේ යද්දි පුලුවන් තරම් ඉස්සරහට යන්න.බස් එකේ පිටි පස්සටනම් යන්න එපා

3 comments:

  1. අපිත් බස් වල නම් පිස්සු කෙලියා..... හැබැයි කටින් විතරයි.... කෙල්ලෝ බයිට් කලා... එහෙම බයිට් කරපු කෙල්ලො යළුවන්ගේ පෙම්වතියන් වෙච්ච අවස්ථාත් තියෙනවා... ඒ කාලේ කොලු කමට කරපු දේවල්.... හැබැයි ඒ ඔක්කොම කටින් විතරයි ස්පර්ශයෙන් බයිට් කරන්න ගිහින් නෑ... ඒක පාරක් කෙල්ලේක්ට හැම කෙනාගෙම බැග් දෙන්න ගිහින් එයා ඇඩුවා එදයින් පස්සේ ඒ වගේ විහිළු නෑ... අන්තිමට ඒ කෙල්ල අපේ සෙට් එකේ හොදම ෆිට් එකක් උනා...

    ReplyDelete
  2. යාලුවට හැට්ටකට්ටක් අරංයන්න කියාපිය! නැත්තං සේලයින් කට්ටක් අරං යන්න කියාපිය! ජැක්ගැහුවොත් චූ යන්න අනින්න කියාපිය

    ReplyDelete
  3. hmmmm... idala hitala athal ekak ganna one sahodaray a unata kello badu karanna hoda na habai baduwakata karadara kara keyala awlakuth na

    ReplyDelete

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...