Friday, February 4, 2011

පැරදුන ප්‍රේමය වෙනුවෙන් පළිගන්න එපා!!!!!!!!!!!


මේ සිතුවිලි ටික මගේ හිතට ආවේ මගේ යාලුවෙක් කිව්ව කතාවක් නිසා.
බ්‍රහස්පතින්දා දවසේ පාසලේ උදේ රැස්වීමෙ තමා අපි හිටියෙ.රැස්වීමේ වෙච්ච දේවලට කොච්චර අවදානයෙන් හිටියද කියනවනම් රැස්වීම ඉවර වෙන්න පාසල් ගීතය වාදනය වෙනකම් අපි දන්නේ නෑ.....(හික්ස් ඇත්තටම එච්චරම නෑ)කොහොම වුනත් උදේ රැස්වීමෙදි හැමදාම වගේ එක එක මතෘකා ඇදිලා ආවා කතා කරන්න.ටික වෙලාවක් ගියහම මතෘකාව කෙල්ලන්ගෙ පැත්තට මාරු වුනා....ඒ කිව්වේ ආදරය පැත්තට ..... සමහරු සමහරුන්ට එක එක කෙල්ලන්ගෙ නම් කියලා විහිළු තහළු එහෙමත් කර ගත්තා.අපේ කොල්ලන්ට වැදිච්ච බූට්,පස්සෙන් යන කෙල්ලන් ගැන එහෙමත් කතා වුනා.ඔය අතරෙ මගේ එක යාලුවෙක් කියපු කතාවක් මට දිරෙව්වෙ නෑ.මගේ යාලුවට බූට් පාරක් වැදිලා තමා තිබ්බේ.එයා කිව්වා .... "මට වුන දෙයින් පස්සෙ හිතෙන්නෙම කෙල්ලො දෙතුන් දෙනෙක් අඬවන්න."
මගේ යාලුවා වුනත් මම ඒ කිව්ව කතාවට තදින් විරුද්ධ වුනා.මොනා වුනත් මගේ යාලුවගෙ හිතේ තියන වේදනාව මට තේරෙනවා.(මොකද මාත් ඒ වගේ අත් දැකීමකට මුහුණ දීලා ඉන්න නිසා)හැබයි මම කාටවත් ඒ ගැන දොස් කියන්නෙවත්,කාගෙන්වත් පළිගන්නවත් හිතුවෙ නෑ......ඉදිරියට හිතන්නෙත් නෑ!!!...දැන් කස්ටිය හිතන්න එපා මම මහා ශෝ කරයෙක් කියලා..... කරන්න දෙයක් නෑ.මම කියන්නෙ මගේ අදහස් .. ඒවා අනිත් අයගේ ඒවට නොගැළපෙන්නත් පුලුවන්.කොහොම වුනත් මාත් එක්ක අමනාප නොවී මගේ අදහසුත් පොඩ්ඩක් බලන්න .........
මම කියන්න යන දේ ගොඩක්ම අදාල වෙන්නෙ කොල්ලන්ට තමයි.මම හිතන විදියට හිතට දුකක් ආවම විශේෂයෙන්ම ආදරේ නිසා අතිවෙන වේදනා දරාගන්න කෙල්ලන්ට වඩා ඉක්මනට කොල්ලන්ට පුලුවන්.මොකද කියනවනම් බහුතරයක් කොල්ලො හොඳට යාලුවො අශ්‍රය කරන සමාජයේ සැරිසරන අයනේ..... ඒ වුනාට කෙල්ල්න්ට එහෙම හිතුන හිතුන විදියට යාලුවෝ අශ්‍රය කරන්න එහෙම බැරි බව හැමෝම දන්න කතාවක්නේ.දැන් ඔයගොල්ලො බලනව ඇති මම මොකටද එහෙම කියන්නෙ කියලා.හිතට දුකක් අති වුනාම ඒක අපි හැමෝම ඉස්සෙල්ලම කියන්නෙ අපේ හොද යාලුවන්ට.......එහෙම වුනත් ඒකෙනුත් හිතේ තියන සමහර වේදනා තුනී වෙන්නෙ වෙන්නෙ නෑ.එහෙම වෙලාවට ගේ මුල්ලකට වෙලා මූණ හංගගෙන අඬන එක තමා ගොඩක් අය කරන්නේ.කොහොම වුනත් ඒකත් ගෙදර මිනිස්සු නිසා කරන්න වෙන්නෙ නෑ කියලත් හැමෝම දන්නවනේ.

මොනවා වුනත් කොච්චර මහා දුකක් හිතේ තද කරන් හිටියත් කොල්ලෙක් තමන්ගේ යලුවො අතරට ගියාම ඒ දුක ඉබේටම ටික මොහොතකට හරි අමතක වෙනවා.ඉතින් එහෙම ටික කාලයක් යන කොට සාපේක්ෂව ඉක්මනට කොල්ලෙක්ගෙ හිතේ තියන දුක මුලුමනින්ම නැති වුනත් තුනී වෙලා යනවා.ඒත් දෙයියනේ අපි වගේ නිතරම යලුවෝ අතරේ ගැවසෙමින් ඉන්නෙ නැති කෙල්ලෙක් මහා වේදනාවක් දරාගන්නේ කොහොමද?කොච්චර කල් යනව ඇතිද ඒ බිඳුන හිත ආයේ හදාගන්න?අන්න ඒ කාරනා නිසා තමයි මම කියන්නේ විශේෂයෙන්ම කොල්ලන්ට "තමන්ට ආදරේ අහිමි වුනා කියලා......කෙනෙක් තමන්ට දරා ගන්න අමාරු දුකක් දුන්නා කියලා,.......ඒකට කාගෙන්වත් පළිගන්න යන්න එපා!!!! තමන්ට ලැබිච්ච ඒ වේදනාව තව කෙනෙකුට උරුම කරලා දෙන්න හදන්න එපා!...."ඒක මහා පව් කාර වැඩක්.මොකද තමන්ට ලැබුන වේදනා ඒ තරම් දරුණු නම් තව කෙනෙක් ඒක දරා ගන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් හිතන්න.!!!!!!!!

4 comments:

  1. ඉතින්.. මං නම් මේ බ්ලොග් කලාවට අලුත් කෙනෙක්.හොයාගෙන යනකොට තමයි ඔයාගේ බ්ලොග් 1 දැක්කේ.මේ පොස්ට් එක විතරක් නෙමේ හැම එකකම තියෙන අයිඩියා මන් කියෙව්වා.හොද වැඩක්, දිගටම ලියන්න සහෝදරයා..

    ReplyDelete
  2. ela ela.... oka notherena una koi tharam innawada

    ReplyDelete
  3. හොද අදහසක් එත් මටනම් හිතෙන්නේ මෙහෙමයි අපි මේ අදහස තියාගෙන හිතිය කියමුකෝ කාටවත් දුකක් දෙන්නේ නෑ අපිට ලැබුණු දුක වෙන කෙනෙකුට දෙන්නේ නෑ කියල එත් අන්තිමට එක කොහොම හරි වෙනවා මල්ලි සාමාන්‍යයෙන් පලවෙනි ආදරේ නැතිවුණු ඇති මහත් බහුතරය තමන්ගේ දෙවැනි ආදරය නැතිකරගන්නවා ඔයා පොඩ්ඩක් හොයල බලන්න ඔයාගේ යාළුවො අතරේ ඕනේ තරම් ඇති එහෙම උණු එක වෙන්නේ අපේ හිතින්මය් මල්ලි

    ReplyDelete

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...