Wednesday, July 20, 2011

ICE බූරුවා....##



ඔයාලට කොහොම වේද දන්නෙ නෑ…..(මම ලියන විදිහ නිසා) ඒත් මටනම් ගොඩක් හිනා ගිය කතාවක් ගැන තමා මේ පෝස්ට් එක
මේ කතාව සිද්ධ වෙලා තියෙන්නෙ අපේ චූටි සීයට තමයි.ඇත්තටම සීයා කිව්වට එයාට ඒ තරම් වයසක් නෑ.නෑ කමට තමයි සීයා.අපේ තාත්තට වඩා ඕනනම් අවුරුදු 2ක් විතර වැඩි ඇති. අපි ඉතිං නිවාඩු පාඩුවෙ ඉන්න හැන්දෑ වෙලාවල් වලට චූටි සීයාලාගෙ ගෙදර යනවා පොඩි චැටක් දාන් ඉන්න..ඇත්තටම අපේ ගෙදර අය ගියාට මම යන්නෙ නෑ.පාඩම් කරන්න තියනවා කියලා නවතිනවා…..(බුකිය පාඩම් කරන්න)

පෙරේදා චූටි සීයලා අපේ ගෙදරා අවා.ඒයාගෙ පවුලයි.ඒ කියන්නෙ චූටි ආච්චියි,එයාලගෙ පුතයි.ඒ කියන්නෙ මගේ මාමායි හික්ස් මාමා කිව්වට මේකා අපේ මල්ලිටත් වඩා බාලයි. චූටි සීයා හරිම විනෝදයට යට බර කෙනෙක් තමයි.ඒයාට තියෙන්නෙ හරිම සුන්දර අතීතයක්,කට්ටිය එකතු වුනාම එයාගෙ අතීත අමතක නොවන සිද්ධි කියලා හැමෝම හිනස්සනවා.
පෙරේදදා රෑ අපේ ගෙදර ආ වෙලාවෙ කියපු ඒ වගේ සිද්ධියක් තමයි අද පෝස්ට් එක ඔන්න ඉතින් ඉස්කෝලෙ ගිහිල්ල ඉවර වුනාම අපේ චූටි සීයා එයාගෙ යාලුවෙක් එක්ක එක එක තැන් වල වැඩට ගියාලු.එයාගේ බලාපොරොත්තුව තිබ්බෙ රියදුරෙක් වෙන්නලු.කොහොම හරි ඒ බලාපොරොත්තුවනම් ඉෂ්ඨ වෙලා දැන් එයා ලංගමේ වැඩ.ඉතිං ඒ වැඩ කර කර ගිය කාලේම තම්යි කොග්ගල නිදහස් වෙළඳකාලාපය හදන්න පටන් අරන් තියෙනනෙ.ඒකෙ ගොඩක් වැඩ කරලා තියෙන්නෙ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන්.
අපේ සීයටයි එයාගෙ යාලුවටයිත් ඒකෙ රස්සාවක් සෙට් වෙලා.ඉතිං දෙන්නත් එක්ක හැම්දාම උදේට වැඩට යනවලු. එතන තට්ටු දෙකක බිල්ඩින් එකක් හද හද තිබ්බලු.දෙන්න අයිස් පාරක් ගහන් ඉන්නව දැක්ක ලොක්කෙක් මෙයාලව අර බිල්ඩන් එකේ වැඩට දැම්මලු.දෙන්නම ඉතින් හරි සතුටෙන් බිල්ඩින් එකේ උඩටම නැග්ගලු.මුහුදු හුළං පාරත් හොදට වැදි වැදි දෙන්නා උඩම තට්ටුවට වෙලා පච හල හල හිටියලු.

ලොක්කට පොඩි සැකයක් වගේ ඇති වෙච්චි නිසා එයා දෙන්නගෙ වැඩ බලන්න හිතන් උඩ තට්ටුවට ගියාලු.සීයගෙ යාලුවා ඒ කියන්නෙ රං මහත්තයා ලොක්ක එනවා දැක්කලු.පොර හෙනට කලබල වෙලා,
"අමල් ඔන්න බං ලොක්කෙක් උඩට එනවා,ඉක්මනට ඇවිත් මේක අල්ලපන්"
කියාගෙන දුවලා ගිහින් ලඟ තිබුණ බූරුවෙක්ගෙ පැත්තකින් ඇල්ලුවලු.අපේ සීයත් මෙලෝ සිහියක් නැතුව ගිහින් අනිත් පැත්තෙන් ඇල්ලුවලු.ලොක්කත් උඩට ඇවිත් සීන එක බලන් ඉද්දි දෙන්නත් එක්ක බූරුවා උස්සගෙන පහලට බැස්සලු.යටම තට්ටුවෙ කොනකින් බූරුව තියපු දෙන්න පැත්ත්කට ගිහින් ලොක්කට පේන්න බොරුවට එක එක වැඩ කරනවලු. ලොක්ක මොකුත් නොකිය සේරම බලන් ඉදලා දෙන්නටම අඩගැහුවලු,
"මේ තමුසෙලා දෙන්න මෙහාට එනවා,ඔය බූරුවා උස්සන් ගිය දෙන්න එනවා මෙහාට"
ගේම් ඕවර් කියලා හිතාගෙන දෙන්නම ලොක්ක ලඟට ගියාලු.එපාර ලොක්ක කිව්වලු,
"අයිසේ…...,මේච්ච්ර අමාරුවෙන් උඩට ගෙන්න ගත්තු බූරුවා…… තමුසෙලා දෙන්න එකතුවෙලා ආයිමත් පල්ළෙහාට ගිහින් දැම්මෙ කාගෙන අහලද ඕයි"
"හෙට ඉදන් දවස් තුනක් නිවාඩු ගන්නවා, දෙන්නම.දැන් ඉතින් මෙතන උගුඩුවො දෙන්න වගේ මගේ මූණ දිහා බලන් ඉන් නැතුව යනවා යන්න."

වැල් වටාරම් වැඩී වගේ තේරෙනවනම් සොරි හොදේ

Wednesday, July 6, 2011

සෘණ වීම....(-)




මුල්ම දවස් ටික......
දවසකට sms 50ක් 60ක්
සමහර විට ඊටත් වැඩි ඇති
මතකයි නේද

පස්සෙ පස්සෙ....
දවසකට sms 20ක් 30ක්
සමහර විට ඊටත් අඩු ඇති
මතකයි නේද

ඊටත් පස්සෙ කාලේ.....
දවසේ එක වරුවක විතරක්
sms 5ක් 10ක්
මතකයි නේද

අන්තිම ටිකේ.......
මගේ sms 3න 4කටම
එකම එක reply 1ක්
මතකයි නේද

ඒත් දැන්.........
දවස් 2ක 3කට පාරක් වත්
මම දාන sms 1ක්
delivered to 07########
ඒත් දවස් ගාණක් ගෙවුනත්
reply 1ක් වත් නෑ

ඉතිං දැන් මම
call 1ක් ගත්තාම
ට්‍රීං.... ට්‍රීං..... ට්‍රීං.......
User busy.......:''''(
පේනවා නේද ඔයාට
Related Posts Plugin for WordPress, Blogger...