Friday, September 7, 2012

ෆ්ලැනන් ප්‍රදීපාගාරය : නොවිසදුනු අභිරහස - Unsolved Mysteries : Flannan Isles Lighthouse

ස්කොට්ලන්තයට වයඹ දෙසින් වූ 'අවුටර් හිබ්‍රිඩ්ස්' හි පිහිටා ඇති දූපත් සමූහක් වන ෆ්ලැනන් දූපත් වලට කිට්ටුම ගොඩබිම අයිස්ලන්තය වේ.ෆ්ලැනන් දූපත් සමූහයෙන් විශාලතම දූපත වනුයේ 'අයිලින් මෝර්' ය.ෆ්ලැනන් දූපත් සමූහය මිනිස් වාසයෙන් තොර පාළු මූසල අඩවියක් ලෙස සැලකෙයි.


Flannan Isles Lighthouse is a lighthouse near the highest point on Eilean Mòr, one of the Flannan Isles in the Outer Hebrides off the west coast of Scotland. It is best known for the mysterious disappearance of its keepers in 1900

1890 ගණන් වල බ්‍රිතාන්‍ය නාවික වෙළදාම විශාල ලෙස ව්‍යාප්ත වූ අතර ස්කැනේඩියානු වරායට යොමු වූ විශාල ප්‍රමාණයේ නෞකා වලට ෆ්ලැනන් දූපත් ඉසව්වෙන් යාත්‍රා කිරීමට සිදු විය.ෆ්ලැනන් දූපත් පිහිටා ඇති ස්කොට්ලන්ත වයඹදිග මුහුදේ නිතරම පාහේ තිබුණු ප්‍රචණ්ඩ ස්වභාවයත් හා විෂම කාලගුණයත් නිසාවෙන් මෙම නෞකා ෆ්ලැනන්හි ගල් පර වල දරුණු ලෙස ගැටී වැනසුණු අවස්ථා බහුල විය.මේ නිසා රාත්‍රි කාලයේදී නෞකා වලට මඟ පෙන්වීම සදහා අඩි 275ක් උසැති ප්‍රදීපාගාරයක් අයිලින් මෝර් දූපතෙහි ස්ථාපිත කිරීමට 1895 වසරේදී කටයුතු ආරම්භ කරන ලදි.වසර දෙකකින් ප්‍රදීපාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලා පොරොත්තු වුවත් දරුණු කුණාටු සහ අයහපත් කාලගුණයෙන් සිදු වූ බාධා නිසා වැඩ කටයුතු නිම කිරීම සඳහා වසර 4ක් ගත විය.නමුත් අවසානයේදී 1899 දෙසැම්බරයේදී ප්‍රදීපාගාරයේ වැඩ කටයුතු නිමාවට පත් විය.


Flannan Isles Lighthouse is a lighthouse near the highest point on Eilean Mòr, one of the Flannan Isles in the Outer Hebrides off the west coast of Scotland. It is best known for the mysterious disappearance of its keepers in 1900
අයිලින් මෝර්හි ප්‍රදීපාගාරය
ෆ්ලැනන් දූපත් ඉසව්වෙන් රාත්‍රී කාලයේ යාත්‍රා කල නෞකාවලට ආරක්ෂාව සපයමින් අයිලින් මෝර්හි ඉටිපන්දම් 140000 බලයකින් යුත් ප්‍රදීපය දීප්තිමත්ව බැබලුනේ එක් වසරක් පම්ණි.කිසිවෙකුට විසදිය නොහැකි මහා අභිරහසක් ඉතිරි කර 1900 දෙසැම්බර් මාසයේ දිනක එය නිවී ගියේය.

ප්‍රදීපාගාරය පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමික නාවිකයන් සිව් දෙනෙකු වාහාම සේවයේ යොදවනු ලැබුවේය.තෝමස් මාර්ශල්,ජේම්ස් ඩූකට්,ඩොනල් මැක් ආතර් සහ ජෝශප් මුවර් යනු නාවිකයන් සිව් දෙනාය.මොවුන් සේවයේ යෙදුනේ වරකට තිදෙනා බැගින් වූ සේවා මුර මාරු ක්‍රමයකටය.සෑම විටම තිදෙනෙකු සේවය කළ යුතු අතර එක අයෙකුට නිවාඩු ගැනීමේ අවස්ථාව මෙමගින් උදා විය.1900 දෙසැම්බර් 6 වෙනි දින තම සති දෙකක නිවාඩුව ජෝශප් මුවර් හට ලැබුණි.නමුත් නත්තලට ප්‍රථම තාමගේ නිවාඩුව ඉවර වීම පිළිබද කණස්සල්ලක් ඔහු තුළ වුවත් තමා පුදුමාකාර වාසනාවන්තයෙකු බව ඔහුට වැටහුනේ පසුවය.


1900 දෙසැම්බර්යේ 21 වන දින මුවර්ගේ නිවාඩුව අවසන් විය.නැවත අයිලින් මෝර් කරා යා යුත්තේ හෙස්පිරස් නැමති කුඩා නෞකාවෙනි.ප්‍රදීපාගාරයට අවෂ්‍ය සැපයුම් හා සේවකයන්ගේ ලියුම් ප්‍රවාහනය මෙම කුඩා නෞකාව මගින් සිදු කලේය.තම සඟයන්ගේ නත්තල් තෑගි සහ තැපෑලද භාර ගත් ජෝශප් මුවර් ප්‍රදීපාගරයට යාමට සූදානමින් පසු වූවත් ෆ්ලැනන් දූපත් ඉසව්වේ තිබූ අයහපත් කාලගුණය නිසා නාවික කටයුතු සදහා නුසුදුසු වතාවරනයක් ඇති කර තිබුණි.දෙසැම්බර් 26 වැනි දින රුදුරු වී තුබූ සයුර මදක් සන්සුන් වීම නිසා හෙස්පිරස් යත්‍රාවට දූපත කරා ගමන් කිරීමට අවසර ලැබුණි.නෞකාව දුපත කරා ළං වත්ම සයුරේ ප්‍රචණ්ඩ ස්වභාවය නැවත වර්ධනය විය.මහත් පරිශ්‍රමයක් යොදා හෙසිපිරස් නෞකාව කෙසේ හෝ දූපතේ නැගෙනහිර අතට යොමු කර ගැනීමට කපිතාන් වරයා සමත් විය.ෆ්ලැනන් ප්‍රදීපාගරයේ ප්‍රදීපය තව දුරටත් දැල්වෙමින් නොතිබුණි.හෙස්පිරස් නෞකාවෙන් නිකුත් කළ කිසිදු සංඥාවකට ප්‍රදීපාගාරයෙ මුදුන් තට්ටුවේ ජනේලයෙන් ප්‍රතිචාර නොලැබිණි.යම් කිසි වරදක් සිදු වී ඇති බව ජෝශප් මුවර්ට වැටහිනි.


Related Posts Plugin for WordPress, Blogger...