Monday, August 29, 2011

කවදාවත් යන්න එපා චූටී....

මේ පෝස්ට එක දාන්න හිතුනේ පෙරේදා වෙච්චි පොඩි සිද්ධියක් නිසා... ප්ලේස් එක ඉතින් අපේ ගෙදරම තම්යි... අදාල පුද්ගලයා... නමින් චූටි.. එයා ගිරා පැටියෙක්

අපි හැම අවුරුද්දෙම වෙසක් පෝය ට කතරගම යනවා.. ඉතින් මේ පාරත් ගියා. ගිහින් එද්දි මග ඒ කිව්වේ තංගල්ලට කිට්ටුව් කට්ට කඩුව කියලා ලස්සන ගමක තියන නෑ ගෙදරක ගියා.. ඒ ගෙදර තිබ්බ වත්ත වටේටම තිබ්බේ වැව..... මූණු සත පහ වගේ හදාගෙන කතරගම ගිය මටයි මලයටයි නම් දිවිය ලෝකේ වගේ...අපි දවස් දෙකක් එහේ හිටියා... දවස් දෙකේම මායි මගේ මලයයි හිටියේ වැවේමයි... ඇති තරම් පීනුවා.. ඇති තරම් ඔරු පැද්දා....
ඉතින් මේ ගෙදර පුංචි කූඩුවක හිටියා ගිරා පැටව් 3න් දෙනෙක්... අපේ මල්ලිත් ගිරවෙක් හදන්න ආසාවෙන් හිටි නිසා කොහොම හරි අඩලා අඩලා එක ගිරා පැටියෙක් ඉල්ලන් ආවා. හරි ආදරෙන් කවල පොවල ඒ පැටියව බලා ගත්තෙ අපේ මල්ලි තම්යි. ඒක නිසාද කොහෙද ඌ අපි කාත් එක්කවත් කතා කරන්නෑ. චෑස් චෑස් ගන්නෙත් මලය එක්ක විතරයි.අපේ මල්ලිත් ඌට පුදුම විදියට ආදරෙයි.ගෙදර හැමෝමත් ඌට හරිම ආදරේයි. ඒත් මටනම් ඌ ඒතරම් අල්ලන්නෙ නෑ මොකද ඌ මාව ගනන් ගන්නෙවත් නෑ. ඒ වුනාට මාත් ඌට ආදරෙයි. දැන් සතියකට විතර කලින් ඉදන් චූටියා පියාඹනවා. ටික ටික තමයි. අපේ මල්ලිත් පරවියෙක් වගේ ඌව උඩ දානවා. ඌත් අරහෙන් මෙහෙන් කපලා කොහොම හරි ගානට ලෑන්ඩ් කරනවා. අපි ඌව හදන්නේ කූඩු කරලා නෙමේ. ගේ ඇතුලෙ ඌට කැමති තැනක ඌ ඉන්නවා.

ඉතින් පෙරේදා මල්ලි චූටිත් එක්ක පාරට ගිහින් ගෙදර පැත්තට අත ඇරලා. ඌ පියාඹගෙන එද්දි එහා ගෙදර පූසා උගේ පස්සෙන් එලවලා. චූටි ගැම්ම් දාලා කැලේට පියාඹලා බේරිලා. ඒත් මල්ලිට ඌව හොයා ගන්න බැරි වෙලා.
අම්මේ චූටි ගියා කියාගෙන ගෙදර ඇවිත් සද්දයක් නැතුව වාඩි වෙලා හිටියා.
අම්ම ඉතින් බැන්න දැන් ඌව සතෙක් කාලා දාවි කියලා හරියට පියාඹන්නත් බැරි නිසා.මල්ලි කිසි සද්දයක් නෑ.හවස තාත්තා ගෙදර ආවා විතරයි මෙන්න මලයා ඉකි ගහ ගහ අඬනවා.ඒ මදිවට නංගත් අඬනව.
අම්මට තද වෙලා චූටි කෑ ගහන්නෙත් මල්ලිගෙ කට හඩට විතරක් නිසා ගිහින් කෑ ගහලා හොයපිය කියල යැව්වා. නංගියි මල්ලියි දෙන්නම ගියා ඌව හොයන්න. පහළ ගෙදර වත්තට.. ඒකෙ කුරුදු වවලා නිසා කැලේ වෙලා.. ඒ ගෙදර අය සුද්ද කරන්නෙත් නෑ..බලන් ඉදලා බැරි නිසා සයිමන්ව දම් වැලේ ගැට ගහන් මාත් ඔපරේෂන් චූටි එකට එන්ටර් වුනා...
වෙලාව හවස 6 ත් පහු වෙලා.කරුවලත් වැටිලා.. මෙන එක පාරටම මල්ලි චූටි කතා කරන සද්දේ අහුනා කියගෙන කැලේ ඇතුළටම දිව්වා. මේකට මොනා හරි වුනොත් කියලා සයිමන්වත් ඇදගෙන මාත් දිව්වා..

මෙන්න වැඩක් චූටිවත් අරගෙන මල්ලි එනවා. මාර සතුටක් දැනුනෙ.. අපේ මල්ලිට සතුට වැඩි කමට කදුලුත් ඇවිත්. චූටිත් තුරුළු කරන් ගෙදර දිව්වා.. ගිහිපු ගමන් පළතුරු පිගානක්ම ලෑස්ති කරලා දුන්නා චූටිට වළදන්න.. අප්පේ මොකුත් වුනේ නෑ වගේ මෙන්න මේකා කාගෙන කාගෙන යන හැටි... හැමෝම සතුටෙන් බලන් හිටියා.
පෙරේදායින් පස්සෙ ඉදන් තාමත් අපේ මල්ලි චූටිව පියාඹන්න පුරුදු කරන්න කියලා එලියේ එක්කන් ගියේනම් නෑ.


පහළ ෆොටෝ එක ගත්තේ චූටි මුලින්ම ඉදපු ගෙදරදි.. ඒකේ ඔලුව හංගගෙන අන්තිමට ඉන්නෙ අපේ චූටියා.


Wednesday, August 3, 2011

කණගාටුවට පත්ව ලියමි........:@@

ඇත්තටම මේ වගේ පෝස්ට් එකක් දාන්න වෙච්ච එක ගැන ගොඩාක් කණගාටුයි.
වැඩි කතා නැතුව මේ පෝස්ට් එක දාන්න මට හිතිච්ච මගෙයි මගේ හොඳම යාලුවගෙයි පොඩි SMS සංවාදයෙන් ටිකක් දාලම ඉන්නම් කෝ.....

"**** කොහොමද ඔයාට අද කොලේජ් ගියාද,
නිව් ෆෙන්ඩ්ස් ල එහෙම හම්බ වුනාද ආ... හි හි.."

"මම දැනුයි ගෙදර ආවේ.ගොඩාක් මහන්සියි.
ඔව් අලුත් යාලුවොනම් හම්බ වුනා.. ඒත් ඔයා වගේ හොඳ යාළුවෙක් නම් නෑ."


"හි හි ඔව් ඒකනම් ඇත්ත.මම වගේ 1යි මේ ලෝකෙටම ඉන්නේ."


"විහිලු නෙමෙයි *****.ඔයා වගේ කෙනෙක් මේ කොහෙවත් නෑ.
අද මම බස් එකේ එද්දි කොල්ලො සෙට් 1ක් මාව වට කරන් මට වද දුන්නා *****.
මම බස් එකෙන් බහින්න හැදුවෙ.එතකොට 1ක් කෙනෙක් මගේ අතින් ඇදලා ගත්තා.
මගේ කකුලත් මොකක්ද වුනා.මගේ නිය පොතු වලට ඒ බෝයි ගෙ අත තුවාලත් වුනා."

(**** දාලා තියෙන්නේ අපි දෙන්නගේ නම් වලට හොදේ...හි හි නැත්නම් බලයි මොනවත් මේ තරු කියල)
මෙතනින් එහා සංවාදේ ඕන නෑ......


ඇත්තට අද කාලේ තනියම කෙල්ලෙක්ට බස් එකක්ක යන්න නැති හැටි. සමහර කොල්ලනට නිකන් කෙල්ලො දකපු නැති උන් වගේ. මේවා වැඩිපුරම වෙන්නෙ කොල්ලො සෙට් 1ක් යන්කොට තමයි. මොකද එතනදි සමහර කොල්ලො කැපිලා පේන්න යි කාඩ් බොඩ් විරයො වෙන්නයි බස් වල තනියම යන කෙල්ලන්ට වද දීලා තිරිසන් සතුටක් ලබනවා.

Related Posts Plugin for WordPress, Blogger...