Saturday, March 19, 2011

මගේ මලයා .......

මගේ මලයා ..............වයසින් බාල උන නිසා මලයා වුනාට මූට ඇමතිය යුත්තේ සීයේ කියාය. අනේ ද කියන්නේ මම මේකා ගැන මොනවා ලියන්නද .........? ලියන්න ගියොත් මට බ්ලොග් මදි වෙයි.ඒ තරමට මේකාගේ ගුණ වර්ණනා කළ හැකිය.මොනා වුනත් මු හරි හිත හොද ඒකාය.එහෙම කියන්නේ අහල පහළ උන් මිස අපි නොවෙමු...ගෙදරට ඉරට්ටක් දෙකට කැඩෙන වැඩක් නොකරන නමුදු අහළ පහළ උන්ට නම් මු හරි ප්‍රයෝජනවත් එකෙකි..මන්ද යත් .. එවුන්ගේ තනි රැකිමට,වතු පිටි සුද්ධ කිරිමට,ගස් වල ගෙඩි කැඩීමට වැනි එදිනෙදා කටයුතු රාශියකට මු නැතුවම බැරිය ..... පාසල් නොමැති දිනයක්නම් උදෑසනම අහල පහල ගෙවල් වල සේවයට වාර්ථා කරන මේකා නැවත ගෙදරට වාර්තා කරනුයේ දිවා අහර සඳහාය.එම ආහාර වේල ලබාගත් විගස නැවත සේවයට වාර්තා කරයි..... මේකා වැඩ නිම වී ගෙදර පැමිණෙන්නේ හැන්දෑවේ 6.00 පසු වූ විටය..


අම්මා සහ තාත්තා කට කැඩෙනකම් කිවත් මු සිටිනේ නෑහුන ගානටය ... ඒ හේතුව නිසාදෝ අම්මට සහ තාත්තාට මූට කියලාම එපා වෙලාය.පිටට හොද එකා වුවද මූ ගෙදරට මහා හොරාය..සුත්තර කාරයෙකි...මගෝඩියෙකි.මේකා කෙසේ වුනත් හොද පුරුද්දක් ලෙස ගෙදර සියල්ලන්ටම කලියෙන් අවදි වෙයි.එය හොද පුරුද්දක් බව පාසල් පොතකද තිබුනා මට ලාවට මතකය.නමුදු මූනම් උදේම නැගිටිනුයේ වෙන කිසි කාරණාවකට නොව .. අපේ තාත්තාගේ සක්කුවට බැසගැනිම සදහාය.දිනක් හොර රහසේ තාත්තාගේ සාක්කුවට බහින විට මේකා තාත්තාගේ අතටම මාට්ටු විය.එදානම් ඇති වෙන්න සම්බුව මූට ලැබුණි.ඒ ලැබිලත් මූට මදිය.තවමත් සාක්කුවට බසී.........සම්බුවෙන් පසු මූ පුරුද්දක් ලෙස මගේ දුප්පත් සක්කුවටද විදියි.මේකාගේ වීරක්‍රියානම් බොහෝය.තාල වර්ගයේ ගස් වලට නැගිමට මූ තරම් හපනෙක අපේ ගමේ තියා අහල ගමකවත් ඉන්නවාය කියා මම අසා නොමැත.ඒ තරමට මු හොර කුරුම්බා කැඩීමෙහිලා හපනෙකි.දිනක් අප පිට්ටනියේ කොඩිගස් ගසමින් සිටියදී එක පාරටම මු මිසින්ග් විය.හවස ගෙදර යන විට පහළ ගෙදර කලු මාමා අපේ ගෙදර විත් මූගේ හපන් කමක් කියා දැම්මාය.අපේ අම්මට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇතයි මට තාමත් සිතෙයි.මූ කර ඇති හපන් කෙටියෙන් මෙසේය,


පහළ ගෙදර කලු මාමාට අපි සෙල්ලම් කරන පිට්ටනියට එහා පැත්තේ වත්තක් ඇත.ඒ වත්තේ පිට්ටනිය පැත්තට වන්නට හොඳට ගෙඩි පිරිනණු තැඹිලි ගසක් ඇත,කිසිම කොල්ලෙක් තියා බල්ලෙක්වත් ඒ වත්තේ ගස් වලට අත තියන්නේ නැත.මන්ද යත් කලු මාමාලාගේ ගෙදරට එක එල්ලේම මේ වත්තේ ගස් දැක ගත හැකිය.කෙසේ වෙතත් අපේ එකා මා කලින් සඳහන් කරන ලද ගසට ගොඩ වී සිටියදී කලු මාමාගේ අතටම මාට්ටු වි ඇත.කලු මාමා "මොකද ගහේ නැගන් කරන්නේ....?" යැයි ඇසු කල මූ කියා ඇත්තේ "අපේ අයියලත් එක්ක හැංගිමුත්තම් සෙල්ලම් කරනෝ..මේකෙ ගෙඩි වලට වැහුනම පේන්නෙ නැති නිසා මම මෙතන හැංගුනා" යයි කියාලාය.අනේ ඉතින් මුගේ කට කන්න එපයි.......










දැන් අපේ මලයා 10 වසරේ ඉගනුම ලබයි.ඒත් තාමත් හරියකට පොතක් කියවන්නනම් බැරිය.ලියන්නෙත් අකුරු අඩුවෙන්ය .... මූ ලියන ඒවා කියවීමට පරණවිතාරනටවත් බැරිය.මට ඒ ගැන මාරම දුකය.......කෙසේ වෙතත් මේකා නියම වැඩක් ලගදි පසලේදි කර ඇත.අනේද කියන්නේ හරියකට අකුරක්වත් ලියන්න බැරි මූ කෙල්ලෙකුට පෙම් හසුනක් ලියලා.......මුගේ තියන ලැජ්ජාව කියන්නේ මූ ලියුම දීපු ගමන් කැලේ පැනලා හැංගිලා.........ඔය සිද්ධිය අපි දැන ගත්තේ මූම ඇවිත් අම්මට කියපු වෙලාවේ.........."අනේ අම්මේ මට අයේ ඉස්කෝලෙ යන්න බෑ.. මම කෙල්ලෙකුට ලියුමක් දිලා මිස්ට අහු වුනා!".....අපේ අම්මට කට උත්තර නැති විය.යකෝ මුගේ තරමට නෙමෙයි වැඩ ................මටවත් තාම කෙල්ලෙකුට ලියුමක් දීගන්න බැරි වුනානෙ.........කොහොමින් කොහොම හරි වැඩේ ශේප් වෙලා ගියා..ගමේ උන් මේවා දන්නේ නැත.දැන ගත්තානම් පරේ බැහැලා ගිහින් හමාරය......


මේකා මෙතරම්ම පිට මිනිස්සුන්ට වැඩ කරන්නේ අනාගතයේ ඡන්දෙවත් ඉල්ලන්දැයි වෙලාවකට මට සිතෙයි.එහෙම ඉල්ලුවොත් මූ අනිවා දිනනවාමයි.හැබයි කවුරු මුට ඡන්දේ දුන්නත් අපේ ගෙදරින් සහ පොල් වතු අයිති කාරයන්ගෙන්නම් මූට ලැබෙන මනාපයක් නැත.


මොනා උනත් මූ හොද එකා බව මම දනිමි.මූ ඒ තරමට හොදින් මට සලකයි.කොයි තරම්ද කියතොත් රෑට මගේ දු.ක. භාවිතා කිරීමට පවා ඉඩක් නොතබයි.එසේ කරනුයේ මම කෙල්ලන් එක්ක මල් කඩා මගේ ඉගෙනුම අඩාල කර ගනීවියැයි බියෙන් මිස....ගෙදර අයගෙන් මටත් සම්බුවක් ඉල්ලා දිමේ යටි අදහසකින් නොවන බව මම දනිමි.


මොනා උනත් මගේ මලයා මට හොදය.කෙදිනකවත් මූව මම තනි කරන්නේ නැත.මුට මම හෙන ආදරේය.මූත් එහෙම බව මම දනිමි.අම්මා ගෙදරින්ම වැඩිපුර ආදරේ කාටදැයි ඇසූ විට මූ නිතරම පවසන්න්නේ අයියාට බවයි.මම ඒක නිසා මූට ගොඩාක් ආදරේය.

1 comment:

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...