Wednesday, February 2, 2011

සැඟවී ගිය ඔබ නිසා .....

මිතුරන් ඉදිරියේ
අමතක කළ බැව් පවසමින්
මතු පිටින් සිනහ වූවද
යටි සිත මගේ තව හඬයි
ඔබ නිසා ........

දින තුනක් ගිය තැන
නුදුටුවා නම් ඔබ ආ වඟ
වියළී ගිය කදුලක් නෙතු අඟ
නොරැදෙන්නට තිබුණා
ඔබ නිසා ........

හිතන්නට බැරි දුරක සිට
ළඟටම ආවත් මෙදා
සලකුණක් වත් නොතබා
සැඟවී ගියා දෑස් ඉදිරියේ

නොමකමි මගේ සිතුවිලි
ඔබ වෙනුවෙන් උපන්
සිනහ වෙමි කඳුල පිසදමා
දැන් සිනහ වන්නේ
ඔබ නිසා .........

No comments:

Post a Comment

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...