Sunday, January 30, 2011

නොතේරෙන ආදරය..!


නොදැක තිබුණත් කිසි දා
පෙමින් බැඳුනා ඔබ හා
හීන ලෝකෙක තනි වී
අද හඬයි මසිත සිතුවිලි!

ඔබේ රුව දුටු මුල්ම දිනයේ
කඩා වැටුනා මසිත සිතුවිලි!

බුද්ධිය පිළිගත්තද
සිත පිළිනොගනී තවමත්
සුර දුවක් නොලැබේ .....
කිසි දිනමා හට

නෙත - සිත දෙකම ඔබ සොයයි
සිතට වඩා නෙතු අසරණයි!
සිත ඔබ සොයා ආවත් ....
නෙතු කෙලෙසක පැමිණෙන්නද ?

No comments:

Post a Comment

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...