Saturday, January 29, 2011

වලිය ......බොරුව........ සහ කටුව!


අද දවල් වෙච්ච සිරා සිද්ධියක් නිසා ආපු සිතුවිලි ටිකක් තමා මේ.පාසල් සමයේ කොල්ලො ඉතින් වලියක් දා ගන්න එක හරිම සාමාන්‍ය දෙයක් නෙ.අනික ගොඩක්ම වලි යන්නේ ගැහැණු පාර්ෂවය සම්බන්ධයෙන් කියලත් ගොඩක් අය සාමාන්‍යයෙන් දන්න දෙයක් නේ.මේ ලිපියත් ඒ දෙකටම අදාල දෙයක් තමා..........

ඔන්න ඉතින් අපි ඊයේ පාසලේ දි පොඩි පහේ බජව්වක් දා ගෙන තමා හිටියේ.මගේ එක යාලුවෙක් හොදටම වගේ මූඩ් ගහල හිටි බව අපේ සෙට් එකට තේරුනා.බලද්දි මෙන්න බොලේ සැර වලියක් සෙට් වෙලා.ඒකත් කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයකට.මොනා වුනත් අපේ එකානෙ කියලා කට්ටියම සෙට් උනා අද වලියට.මොකද අපේ එකාට ගේම දාපු උන් අද ප.ව.1.00 ට ගාල්ලේ ඔය වගේ වලි වලට බොහොම නමගිය තැනකට තමා එන්න කියලා තිබ්බේ.

මොකත් එකයි කියලා අපි අද සෙට් වෙන්න ඊයෙම කතා කරගත්තා.කොහොමින් කොහොම හරි දන්න කියන හැම එකාවම මේ වැඩේට සෙට් කරගන්න අපෙ සෙට් එකට පුලුවන් වුනා.


ඔන්න ඉතින් අද දවස උදා උනා........ උදේ නැගිටලා බලද්දි අපේ එකාගෙන් මට කෙටි පණිවිඩයක්....
"Ada 1ta ........... gawata waren.................skl eka gawa.aniwaa waren.mage no 1a wada nathnam anith no ekata call ekak diyan"
මාත් ඉතින් වීරයා වගේ ඒ වෙලාවෙ ඇති වෙච්ච සිතුවිලි ටිකක් අපේ එකාට යැවුවා.උගේ බය නැති වෙන්න කියලා.

ඔන්න ඉතින් අද දවල් අමතර පන්තියත් 12.00 ට ඉවර වෙලා මම අපේ එකාට ඇමතුමක් ගත්තා.මොකද මම දැන් සෙට් එක එනක්න් තනියම 1.00 වෙනකන් ඉන්න එපයි!අපේ එකා කියාපි "මචෝ මම පන්තියේ උබ බස් නැවතුමේ ඉදපන්, අපි එතනට එන්නම්".මාත් ඉතින් කියපු තැනට වෙලා කට්ට කාගෙන පැයකට කිට්ටු වෙන්න එනකොටම ඔන්න එනව අපේ සෙට් එක.හරි දැන් වෙලාව කිට්ටුයිනෙ කියලා අපි අර චන්ඩියො ටික අපිට එන්න කියපු තැනට ගියා.යන අතර මගිනුත් අදුරන කියන ඈයෝ ටිකක් අහුල ගන්න අපිට පුලුවන් වුනා.ඔන්න එතනට යනකොට ඉන්නව 20 ක විතර සෙට් එකක්.නියමයි අනේ!!එතනත් උන්නේ අපි අදුරන සෙට් එකක්. ඕන දෙයක් කියලා ඒ සෙට් එකත් වැඩේට බැස්සා.දැන් ඉතින් කිසි බයක් නෑ!! මොකද දැන් ඉන්නවා 40ක විතර සෙට් එකක්..............

පොඩි බොරුවක් දෙකක් කියාගෙන,අව්වේ වේලි වේලි දැන් අපි ඉන්නවා චන්ඩි එනකම්..........................කොහෙද 1.10 යි,තාමත් නෑ.බැරිම තැන අපේ සෙට් එකෙන් ලොකු චන්ඩියට ඇමතුමක් ගත්තා.අනේ !!!!!!!!! පව් අප්පා.. ප්‍රතිචාර දක්වන්නේ චන්ඩියගෙ අම්මා...ඒ අම්ම කියනවා පුතා ගෙදර නෑ.කොහාටද ගියා... කියලා.අපේ උන්ට මලේ මල.!!!!!ඔන්න දිගටම අමතනකොට චන්ඩියා යාන්තම් ගෙදර ඇවිත් ප්‍රතිචාර දක්වනවා.......... තද වෙලා හිටි අපේ එකෙක් දු.ක. අතට අරන් හිතට ආ හොද සිතුවිලි ටිකක් වචන කරලා චන්ඩියාට දමලා ගැහුවා.චන්ඩියා එපාර ප.ව.1.30 ට අනිවා එනවා කියලා.අපේ අයට දැන් හරි සතුටුයි!!!!

තද අව්ව තිබුණත් අපිට දැනුනේ නෑ.මොකද අපි හැමෝම හිටියේ ඔරලෝසු දිහා වගේම පාර දිහාත් බලාගෙන.......ප.ව.1.40 යි......... චන්ඩියා එන පාටක් නැත.ඔහුගේ දු.ක. ද ප්‍රතිචාර නොදක්වයි...අපේ සෙට් එකෙනුත් එකා දෙන්නා බැහින් හැලී ගියෝය.මටත් තව දුරටත් බලා සිටිය නොහැක.මන්ද 12.00 ට පන්ති ඉවර වූ එකා කොහෙ ගියා දැයි,අපේ අම්මා වුවද කලබල විය හැක.මදැයි චන්ඩි එනකම් බලා උන්නා යැයි පවසමින් අපේ උන් ආපසු හැරී ගියෝය.මාද මා යන පැත්තටම යන සෙට් එකත් සමග යන්නට ආවේය......


වේගයෙන් පැමිණි කොළඹ - මාතර බසයක ගොඩ වුන මට ටික වේලාවකින් වාඩි වීමට අසුනක් ලැබුණි.අසුනට බර වුන මා සිතට අනේක විද සිතුවිලි ගලා ආවේය........
                චික් කියන දේ නොකරන මුන් ඇත්තට කොල්ලොද?දෙයක් කිව්වනම් ඒ දේ වෙලාවට නියම තැනදි වෙන්න ඕන.මම මේ කියන සිද්ධියට සම්බන්ධ චන්ඩියො ටික ගාල්ලේ ප්‍රසිද්ධම බාලක පාසලට අයත් උදවිය ටිකක් තමා.අනේ අනේ ඒ පාසලටත් ලැජ්ජයි මෙහෙම උන් නිසා..... 


ප.ලි.- කොලුකමට කියල පාසල් සමයේ වලි දාගෙන කොල්ලො තරහ කර ගන්නවට මම නම් පොඩ්ඩක් වත් කැමති නැත.නමුත් මගේ යලුවාට සිද්ධ වුන ඇබැද්දියේ තරමට වලියක් නැතුවම බැරි විය. මන්ද යත් මා යහළුවාගේ කෙල්ලට ඒ කෙල්ලටත් වඩා වයසින් බාල කොල්ලෙක් කරදර කර තිබිණි.කොටින්ම කියතොත් ආදරය ඉල්ලමින් පස්සෙන් ඇවිත් තිබෙන්ණෙ ඈ මගේ යාළුවාගේ පෙම්වතිය බව දැන දැනමයි.එම චන්ඩි පුංචි ආදර වන්තයා ඇයට පවසා ඇත්තේ ඔහුට අකමැතිනම් අපේ එකා මරණ බවයි.ඉන් නොනැවතුන එම චන්ඩියා අපේ එකා සමඟ නිතරම සිටින හිතවතුන් පිරිසකටද හොඳටම තලා අපේ එකාටත් මා කලින් කී තැඅනට එන මෙන් අභියෝගයක් ද එල්ල කර ගොස් තිබිණ.ඉතින් අපේ එකා එය බාරගත්තේය ................................................................ නමුත් චන්ඩියා .......... ඔබ කොහිද?????? 

2 comments:

  1. ඉස්කොලේ යද්දි සෙට් වෙන වලි ගෑන නම් කතා කරලා වෑඩක් නෑ මචන්.මමත් ගල්ලේ class ගිය එකෙක්.ඒත් දෑන් තම තේරෙන්නේ ඒව මහ ගොන් වෑඩ කියලා..

    ReplyDelete
  2. ;););););) Machan mamath issara wali case ekak hebei oya genu wali nam newei oya fun 1kata thmai kare , hebei godak wali api katha karala wisada gaththa , e wali wala hambaune cardboard chandiyo , athtama oya kello issaraha power eka pennanna thamai kattiya inne ;););););)

    ReplyDelete

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...