සහෝදරයෙක්, සහෝදරියෙක්, හොඳ යාලුවෙක් , හිතවතෙක් , ඥාතියෙක් නැති ලෝකෙක ජීවත් වෙලා වැඩක් නැතිලු.ම්ම්ම්ම් ඉතිං මේ පෝස්ට් එක මගේ ගමේ හොදම යාලුවො දෙන්න එක්ක කරපු හපන් කම් ගැන... :)
ඒක වැඩක් නෑ දැන් මගේ යාලුවො දෙන්න ගැන කියන්නම් කෝ.. ගමේ කට්ටිටය නම් අපිට කිව්වෙ තුන් කට්ටුව කියල :D
එක්කෙනෙක්ගෙ නම ඉෂාර, එයා මට වඩා එක අවුරුද්දකින් වැඩුමල්, අනික් කෙනා සමීර මට වඩා අවුරුදු 2ක් විතර බාලයි. ඒත් ඉතින් අවුලක් නැතිව සම වයසේ යාලුවො වගේ තමයි අපි ආශ්‍රය කලේ... අපේ පිට්ටනියේ කිරිකට් සෙල්ලම් කලේ නැති දවසක් නම්.. නැත්නම් පායන කාලෙ කුබුරෙ එල්ලෙ ගහන්නෙ නැති දවසක් නම් අපි කලේ කොග්ගල ඔයේ නාන්න යන එක. නැත්නම් හොරෙන් ගිහින් මාලු අල්ලන එක හික්ස් :) ෆන් එකට මාලු ඇල්ලුවා මිස අපි මාලු කරයො නෙමේ හරිද :Dකොග්ගල ඔය ගැන කිව්වාම මං ඉන්න ප්ලේස් එක අහු වුනාද මන්දා o.O
ඉතිං මගේ ගමේ කොග්ගල ඔය අද්දරින්ම තියන හැම ඉඩමකම වගේ වවලා තියෙන්නෙ කුරුඳු තමයි, කුරුදු කිව්වට මේ වතු වල පොල් ගසුත් වවලා තියනවා.අපි සෙල්ලම් කරන පිට්ටනිය කිට්ටුව තියන පොල් ඉඩම් සේරම වගේ අයිති අපේ ගමේ ඉන්න 'හින්නි මහත්තයා' කියන කෙනා තමයි. ඉතිං අපි සෙල්ලම කරන්න ගිය හැමදාම එහෙම නැත්නම් ගඟේ නාන්න ගිය හැම දාකම හින්නි මහත්තයාගෙ පොල් ගස් වල තියන බම්බා ගෙඩි වලට බුදු සරණයි :P (බම්බා කිව්වමා උඩ බිම බලන්න එපා කුරුම්බා නැත්නම් වෑවර කියන්න ඒවට තමයි හික්ස්ස් )

ඔන්න එක දවසක් හවස සෙල්ලම් කරලා ඉවර වුනාම අපි ගියා හින්නි මහත්තයාගෙ වත්තක් පැත්තෙ. අපි කිව්වෙ මායි, ඉශාරයි, සමීරයි, සමීරගෙ අයියා කෙනෙකුයි. මට ඉතිං කොහොමත් තාල වර්ගයේ ගස් වලට නගින්නනම් බෑ. ඒත් දැන්නන්ම් පණුවා වගේ බඩාගාගෙන යන්තමට යා ගන්න පුලුවන්. ඉතිං එදා ගහකට නැග්ගෙ සමීරයා, එයානම් ටිකක් මහතයි. එයා ගහට නිගිද්දි වෙලාවකට අපිට හිතෙනවා මූ ගහට නගින්න කලින් ගහේ සේරම ගෙඩි ටික බිම තියේවි කියලත් :Pකොහොම හරි සමීරයා ගහේ මුදුනටම නැංගා අපි ඉතිං ගහ යට ඉදන් ඔත්තු බලනවා ඒත් කුරුදු ගස් නිසා අපිට වැඩි ඈතක් පේන්නෙ නෑ. ගෙඩි දෙක තුනක් කඩලා බිම දාදි අපිට ඇහුනා කවුරු හරි එන සද්දයක් ගස් එහා මෙහා වෙනවා..
හුටා හින්නි මහත්තයා............................................ අපිට ගහේ හිටපු එකා පවා අමතක වුනා. කොහේ ගියාද මන්දා කැලේ කඩාගෙන දිව්වා. සමීරයගෙ වෙලාවට හින්නි මහත්තයා ගස උඩ බලන් නැතිව පිහියකුත් අරන් අපි පස්සෙ පැන්නුවෙ :O එයා කොහෙද අපි අල්ලන්නෙ.. අපිට පේනවා මිනිහා වැටෙනවා නැගිටිනවා.. කොහොම හරි මිනහා මඟ ඇරෙනකම් දුර දිව්ව අපි නැවතිලා හති ඇරලා හිටපු තැනට එද්දි සමීරයා තාම ගහේ .. ගහෙන් බැහැපු ඌ අපිට වෙලේ ඉදන් ඉතිම් මව් භාෂාව දේසනා කෙරුවා.. දවස් ගානක්ම යනකම් :P
කොහොම වුනත් හැමදාම අනිත් දෙන්නටම ගස් නගින්න බැරි නිසා අපි තුන් දෙනා පොඩි ගිවිසුමක් ගැහුවා, ඒ තමයි එක දවසකට ග්ස් නගින්නෙ එක්කෙනයි ඊලග දවසෙ අනික් කෙනා ඊට පස්සෙ දවසෙ අනික් කෙනා :) කොහොම හරි මගේ දවස ආවම මං කරන්නෙ උඩ පැනල අතින් කඩන්න පුලුවන් තරමෙ ගස් වලට අමාරුව්න් බඩගාන එක. එහෙම දවසක මම ගෙදර එන්නෙ පස්සෙ දොරෙන්. හෙමීට ටි එකත් ගලෝලා වෙලේම දලා නා ගෙන ගානට මොකුත් නෑ ගෙට එනවා :P

ඉතිං ඔන්න පොඩි පොඩි ගස් ඉවර වෙලා දවස්ක් උස ගසුයි සාමාන්‍ය ප්‍රමානෙ ගසුයි විතරයි ඉතුරු එදා තිබ්බෙ මගේ වාරෙ.. මම ඉතින් නාහෙන් අඩ අඩ මුන් පස්සෙන් ගියා.. තිබ්බ ගස් වලින් උස අඩුම ගහ හොය හොය ගියා.. අන්තිමට උන් දෙන්නටත් එපා වුනාම මමම ගහක් පෙන්නල කිව්ව හරි අරකට නගින්නම් කියල.දැන් ඔන්න මම අමාරුවෙන් ගහෙන් භාගයක්ම නැංගා. යටම පොල් අතු වලට දැන් අතේ දුර.. මගේ මුලු ඇඟම නිකන් බර වෙනව වගේ මුලින්ම කකුල් දෙක ලොක් වුනා.. මට හෙලවෙන්නවත් බෑ දැන්.. ටිකකින් අත්දෙකත් ලොක් වුනා..... පුලුවන් තරම් හයියෙන් ගහ බදා ගත්තත් මට දැනෙන්නෙම මම වැටෙන්න යනව වගේ මට හීන් දාඩියත් දාල.. අමාරුවෙන් කකුල් දෙකෙන්මයි අත් දෙකෙන්මයි ගහ බදාගෙන හිටියෙ.. යට ඉන්න උන් ගෙ කෑ ගැහිල්ල තා අඩියනෙ බං කඩලම වරෙන් ලු... මට ඉතිං කියන්න හොද ඒවා කටට ආවා මගේ කටත් ලොක් වෙලා වගේ.. ටිකක් ඉදලා ආයිමත් අමාරුවෙන් කොහොම හරි අත්තක් අල්ලන් උඩටම නැංගා.. තිබ්බ තරහට නැත්නම් ඇති වෙච්ච බයටද මන්දා ගහේ තිබ්බ සේරම බම්බා ටික බිම. සේරම 30 ක් විතර අපි තුන් දෙනෙකුට :D ඇති වෙන්න බීලා බඩ පිම්බිලා බයිසිකලේ වත් පදින්න බෑ.. ඉතුරුවාත් එහෙම්ම තියලා අපි ගෙවල් වල ගියා. ගෙහ්ඩ්‍ර ගිහින් බත් කන්නත් බෑ සේරටම වඩා ගස් ගදේ බෑ :P
තව ලස්සන කතා ගොඩක් තියනවා අද ලියන්න කම්මැලී වගේ. මේ දැන් ලග්අ ගෙදරක අයියා කෙනෙක් එන්න කියල ගියා එයාගේ මැෂින් එක ඉබේම ඕෆ් වෙනව ඒක පොඩ්ඩක් බලන්න කියල. සෝ තා ටිකකින් එහෙත් යන්න ඕන... එපා වෙන වැඩ.
ඉතිරි වෙච්ච් රසවත් දේවලුත් ඉදිරි පෝස්ට් වලදි දාන්නම් :)

ela ela
ReplyDeleteමේකෙ මොකක්ද බං ලස්සන
ReplyDeleteඅඩේ බලං යද්දි උඹත් මම වගේ පොරක්නෙ. හික්ස්.. මටත් ඉන්නෙ යාලුවො 3න් දෙනෙක්.එල එල...
ReplyDelete