මෙම නොමග යැවීම නිසා කනස්සල්ලට හා කෝපයට පත් විලියම් නැවත් සිය නිවෙස කරා පිය මැන්නේය. නිවෙසට ඇතුලු වූ ඔහු දුටු දසුනෙන් වික්ශිප්ත වී ගියේය. ඔහුගේ ආදරණිය ජූලියා ලේ විලක් මැද මියගොස් සිටියාය.
![]() |
ලේ විලක් මැද මියැදුන ජූලියා |
ජූලියාගී ඝාතණයෙන් සති දෙකක් ඉක්ම යත්ම විලියම් පොලිස් අත්තඩංගුවට පත්විය. පොලිසිය ඔහුට එරෙහිව ජුලියාගේ ඝාතනය සම්බන්දයෙන් ඡෝදනා කරන ලදි. සියලුම පොලිස් සාක්ෂි විලියම්ට විරුද්ධව විය. ව්‍යාජ ලිපිනයක් පවසමින් විලියම්ට ලැබුන දුරකතන පනිවිඩය ඔහු චෙස් තරගයට සහභාගී වූ ස්ථානයේ සිට මීටර 100ක් ඇතුලත පිහිටි දුරකතනයකින් ලබාගත් එකක් බවට සොයා ගැනිනි. මේ නිසා පොලීසිය ඡෝදනා කරේ උක්ත ව්‍යාජ ලිපිනයක් පැවසූ දුරකතන ඇමතුම විලියම් විසින්ම සලසුම් කල ලබා දුන් එකක් බවයි. සියලුම සාක්ෂි සලකා බැලූ විනිසුරුවන් විලියම්ට මරණීය දන්ඩය නියම කලහ.
![]() |
පොලිස් අත්තඩංගුවට පත් විලියම් |
පසුව විලියම්ගේ නඩුව අපරාධ උසාවිය හරහා නැවත සලකා බැලීමට තීරණා කෙරුනි. ඉතා සූක්ෂමව සාක්ෂි විමසා බැලූ අධිකරනයට විලියම්ට එරෙහිව ඔප්පු කල හැකි ප්‍රබල සාක්ෂියක් නොලැබිනි. සාක්ෂි මදි කම නිසාවෙන් විලියම්ට ලැබුනු තීන්දුව වෙනස් කර ඔහු නිදොස් කොට නිදහස් කෙරුනි.
අද වන තුරුත් ජූලියාගේ ඝාතනය සම්න්ධයෙන් වෙනත් කිසිවෙකු අත්තඩංගුවට ගැනීමට හෝ ප්‍රබල සාක්ෂියක් සොයා ගැනීමට පොලීසියට නොහැකි විය. අදටත් ජූලියාගේ ඝාතණය විසදාගත නොහැකිව ඇති අභිරහසකි.
තොරතුරු - අන්තර්ජාලය ඇසුරෙනි.
No comments:
Post a Comment
ඔබේ අදහස්