Sunday, April 15, 2018

කවුද කූපර්? කොහෙද කූපර්? : නොවිසදුනු අභිරහස් - Unsolved Mysteries : Who (and where) is DB Cooper?

වර්ෂ 1971 නොවෙම්බර් මස 24 දිනය, නොර්ත් වෙස්ට් ගුවන් සමාගමට අයත් අංක 305 ගුවන් යානය පෝර්ට්ලන්ඩ් ගුවන් තොටුපළෙන් පිටත් වූයේ විනාඩි 30 ක ගුවන් කාලයක් නිමා කර සියෙටැල් ගුවන් තොටට ලගා වීමටයි. අප කථාවේ කථා නායකයා වන ඩැන් කූපර්ද මෙම ගුවන් ගමනට සහභාහී වී සිටියේය, මැදි වයසේ පසු වෙන මිනිසෙකු වූ කූපර් එදින අදුරු පැහැ ඇදුමකින් සැරසී කලුපැහැති ටයි පටියක් පැලද සිටියේය. පහසුවෙන් ඔහුට අයත් අසුනට බර වූ කූපර් සිගෙරෙට්ටුවක් දල්වා ගත්තේය. ඉතා මිත්‍රශීලීව ගුවන් සේවිකාව ඇමතූ ඔහු බර්බන් එකක් හා සෝඩා බෝතලයක් ඇණවුම් කර ගෙන්වගත්තේ එවෙලේම මුදල් ගෙවාය. අවුරුදු 23ක් වූ පමන වයස වූ රූමත් ගුවන් සේවිකාවක් ඇමතූ කූපර් ඇය අත මත යමක් කුරුටු ගෑ කඩදාසියක් තැබුවේය. එහි ඇත්තේ ඔහුගේ දුරකතන අංකයයි සැක සිතූ ගුවන් සේවිකාව එය ප්‍රතික්ෂේප කලාය.
During the flight he ordered a glass of bourbon before asking a flight attendant to write a note: 'I HAVE A BOMB IN MY BRIEFCASE. I WILL USE IT IF NECESSARY. I WANT YOU TO SIT NEXT TO ME. YOU ARE BING (sic) HIJACKED.'
FBI සතු කූපර්ගේ සිතුවමක්

ඇගේ මුහුණ දෙස එක එල්ලේ බැලූ කූපර් "මෙනෙවිය, ඔබ ඔය ලියමන බැලුවානම් වඩා හොදයි" යනුවෙන් පවසා මදකින් "මා සතුව බෝම්බයක් තිබෙනවා" යි ද පැවසුවේය.


ඒ ලියමනේ සටහන්ව තිබූ දෑද මෙම අභිරහසේම කොටසක් විය. ගුවන් සේවිකාව සටහන කියවීමෙන් අනතුරුව කූපර් නැවතත් එම ලියමන තමා සතු කර ගත්තේය. ගුවන් යානය පැහැරගත් කූපර්ගේ ඉල්ලීම් වූයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක්, පැරිෂුට 4ක් සහ ගුවන් යානය නැවත පිරවීමට ඉන්ධන පිරවූ බවුසරයක් සියෙටැල් ගුවන්තොටුපලේ නවතා තබන ලෙසයි. ගුවන් සේවිකාව විසින් කූපර්ගේ මෙම ඉල්ලීම් ගුවන් යානයේ කපිතාන් වෙත ගෙනයන ලදි. ගුවන් සමගමේ සභාපති වරයා හා සකච්ඡා කල කපිතාන් වරයා කූපර්ගේ ඉල්ලීම් ලබාදීමට තීරණය කලේය. සිදුවීම් මෙසේ සිදු වුවත් ගුවන් මගීන් මේ කිසිවක් නොදැන සිටියහ. කපිතාන්වරයා ඔවුන් අමතා පැවසුවේ මතු වී ඇති කාර්මික දෝශයක් හේතුවෙන් ගුවන් යානය ගොඩබැසීමට මදක් ප්‍රමාද වන බවයි.

වේලාව පස්වරු 5.39 යි, අංක 305 ගුවන් යානය සියෙටැල් ගුවන්තොටුපලට ගොඩබැස්සේය. ගුවන් සමාගමේ සේවකයෙක් කූපර් ඉල්ලා සිටි මුදල් ප්‍රාමණය ඇතුලත් ගමන් මල්ලක් සහ පැරිෂුට 4ක් ඔහුට බාර දුන්නේය. සියෙටැල් ගුවන්තොටේ ගුවන් යානය නැවත් ඉන්ධන පුරවන අතරතුර සියලුම ගුවන් මගීන්ට සහ ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පමනක් යානයෙන් බැසීමට අවසර දුන්නේය. මේ අතරතුර කූපර් ඔහුට යා යුතු මාර්ගය ගුවන් නියමුවාට පැහැදිලි කර දුන්නේ ඔහුට නෙවාඩා හරහා මෙක්සිකෝව වෙත යාමට අවෂ්‍ය බවයි. නමුදු නැවත ඉන්ධන ලබාගැනීමට නෙවාඩා ගුවන් තොටට ගොඩබැසීම නොකරන ලෙස කූපර් විසින් අණ කරන ලදි. පැය දෙකක පමණ ගුවන් ගමනික් පසුව ගුවන් යානය රේනූ ගුවන් තොටුපලට ගොඩබැස්සවූවේය.

නමුත් ගුවන් යානය තුල කූපර් නොසිටියේය. එදිනින් පසුව කූපර් ගැන කිසිදු හෝඩුවාවක් නොවීය, එකදු පැරිෂුටයක්වත් සොයාගැනීමට නොහැකිවිය. කප්පම් මුදලින් එක නෝට්ටුවක් හෝ අද වෙන තුරුත් භාවිතා කර නැත.
කූපර් පැලද සිටි ටයි පටිය
වසර 1980 දී තම දෙමාපියන් සමග නිවාඩුවක් ගතකිරීමට ඔරිගන් වෙත ගිය කුඩා දරුවෙකුට කූපර් හට කප්පම් ලෙස ලබා දුන් මුදල් වලින් මිටි කිහිපයක් හමු විය. මුදල් නෝට්ටුවල කාන්ඩ අංකය පිරික්සීමෙන් ඒවා කූපර්ට ලබාදුන් මුදල් බවට තවුරු විය. රහස් පොලීසීය අදාල ප්‍රෙදේශය විශේෂ පරීක්ෂාවකට ලක් කලේ කූපර් හෝ අවම වශයෙන් කූපර්ගේ භශ්මාවශෙෂයක්වත් සොයා ගැනීමේ අරමුණෙනි. නමුත් ඒ සියලුම පරීක්ෂණ කටයුතු සාරථකත්වක් නොලබාම අවසන් විය.

Was the hijacker who leapt from plane with $200,000 in 1971 a missing grocery store manager? His daughter wants to know
කුඩා දරුවා විසින් සොයාගත් මුදල් නෝට්ටු වලින් කිහිපයක්
මෑතකදී කූපර් පැරිෂුටයෙන් ගොඩ බැස්සායි සැක කල හැකි ප්‍රදේශයෙන් පෑරිෂුටයක එක  පටියක් සොයගන්නා ලදි. කෙසේ නමුදු අද වන තෙක්ම කූපර් යනු කවුරුද ? කූපර්ට කුමක් වූවාද? යන්න විසදාගත නොහැකි අභිරහසකි. 

තොරතුරු - අන්තර්ජාලය ඇසුරෙනි

No comments:

Post a Comment

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...