Monday, September 26, 2011

~කාර්ඩ් cArd කාර්ඩ්ස්~


හයියා ෆෙන්ඩ්ස්....... ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්න ආවේ..මේ පෝස්ට් එක බලලා ඉතින් හිතන්න එපා මම ශෝ දානව කියල. අනේ එහෙම දෙයක් නෑ ලියන්න දෙයක් නැති කමට මේක හොදයි කියලා හිතුනා ඒකයි මේ... :P (පොඩ්ඩක් ඉතින් ශෝ 1ක් වගේ තමයි)


ඔන්න එහෙනම් මට මතක හැටියට මට වැටුන මුල්ම කාඩ් එක "වයිටා" අනේ මන්දා අපේ උන් මට කොහොමද වයිටා කිව්වෙ කියලා.. මට පොඩ්ඩක් හරි ඒක ගැලපෙනවනම් ඒ දත් ටිකකට තමයි :P
ඊට පස්සෙ ටිකක් කල් තිබ්බ කාඩ් එකක් වැටුනා "ස්කූබී" කියල.. ඒක 7 වසරෙ වගේ ඉදන් 8,9 වෙනකම්ම වගේ ඇදිලා ගියා..මට ඉතින් චුට්ටිත්තක් කන් හොලවන්න් පුලුවන් නිසා තමයි අපේ පන්තියෙ උන් මට ස්කුබී කිව්වෙ.....
ඔන්න ඉතින් 8 දි වගේ තා කාඩ් එකක් එලියට අවා "කලු කොල්ලා" කියලා... ඒකනම් වැඩිය ගියේ නැති වුනාට තාම සමර වුන් කියනවා ඒක. ඒක නම් මට ගැලපෙනවා නියමෙට.

ඉතින් අපි 10 ට වගේ ආවම ස්වර්නවාහිනියෙ කාර්ටුන් එකක් ගියා සෙන්පති අඩවිය කියලා. ෆට්ට කාර්ටුන් එක ඒක. කට්ටිය ඉතින් ඔන්න ටින් ටින් ගාලා ඒකෙ නම් දානවා ගෝලයන්ට.. මටත් වැටුනා 1ක් "සිනමාරිස්" කියලා :P. ඒ කාඩ් එකනම් ගොඩක් කල් කියන්නෙ තාමත් තියනවා :D

12 දි ඉන්ග්ලිශ් ඩේ එකට අපි නාට්ටියක් කලා.. මැක්සා කොමඩියක් ....... :v ඒක් මම ඇක්ට් කලේ සුසෙයි කියලා චරිතෙකට.. නාට්ටිය ඉවර වුනා විතරයි මුන් මට "සුසෙයි" කියන්න පටන් ගත්ත.. ඒත් එච්ච්ර ෆේමස් වුනේ නම් නෑ.. තාම තියනවා ඒත්.. :D

ඊළඟ කාඩ් එක වැටෙන්නෙ ෆේස් බුක් එකෙන් ඒක දැන් හැමෝම දන්න "ටිං ටිං" තමයි ඉතින්..... සේරම කාඩ් වලින් මම පණ වගේ ආදරේ ඒකට.. පොඩ්ඩක් වත් මට ගැළපෙන්නෙ නම් නෑ.. ඒත් ඒක දුන්න කෙනා නිසා ඒ කාඩ් එක විශේෂයි... :)

පොඩ්ඩක් ශෝ වගේ නේද සොරි වෙන්න ඕන හරී :)

1 comment:

  1. ටිං එකේ විශේෂත්වෙත් කිව්වනම් පට්ටනෙ...ජය වේවා!!!

    ReplyDelete

ඔබේ අදහස්

Related Posts Plugin for WordPress, Blogger...