ම්ම්ම්ම් ගොඩක් දවසකට පස්සෙ පෝස්ට් එකක් දාන්න යන්නෙ......
ගොඩක් දේවල් නම් සිද්ධ වුනා ඒත් පෝස්ට් එකකට ගැලපෙන තරම් සුන්දර දේවල් නම් නෙමෙයි... චූටි ගැන පෝස්ට් එක දාලා දවස් දෙකයි ගියේ කාගෙද පූසෙක් ඇවිත් ඌවත් මැරුවා....
මෙන්න මේකයි සිද්ධිය.. මගේ නෑදෑ කෙනෙක් වෙන අයියා කෙනෙක්ට තමයි මේ ඇබැද්ධිය සිද්ධ වෙලා තීන්නෙ...එයාට අපි කියන්නේ සුදූ කියලා...

ඔන්න එදත් වෙනදා වගේම හවස 6 ට විතර වැඩ ඉවර වෙලා සුදූ මොටෝ සයිකල් එකෙන් ගෙදර යන්න ගියාලු. ප්‍රධාන පාරෙන් ගිහින් අලුත කොන්කිරිට් කරපු අතුරු පාරක ගොඩක් දුර යන්න ඕන එයාලගෙ ගෙදරට. ඉතින් මේ කොන්කිරිට් පාර දිගේ පිඹගෙන යද්දි තාත්තා කෙනෙක් පාරෙ දාගෙන පොඩි එකෙකුට හම්බානකට නෙළනවලු. සුදු කියන්නෙත් මේවා ඉවස ගන්න බැරි මිනිහනෙ ඒක නිසා බයික් එක නවත්තලා මූ ගිහින් අර තාත්තට අල්ලගෙන නෙළලා පොඩි උන්ට ගහනවා කියලා......
ඊට පස්සෙ තමයි වැඩේ කියන්නෙ ....... ගුටි කාපු අර මිනිහා අඬ අඬ පාර අයිනෙම තිබ්බ ඒ මිනිහගේ ගෙදරට ගිහින් ගහක් මුල තියල තිබ්බ වහ බෝතලයක් අතට ගත්තලු බොන්න කියලා...
වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලා ගොනත් ඇන්නයි කියලා සුදු අයියා බිරාන්ත වුනාලු....... :O
මේකෙන් ගැලවෙන්න ඕන නිසා සුදු අයියා අර මිනිහාගෙ පැත්තට කෑ ගහගෙන දිව්වලු... මේන්න බොලේ වැඩේ කියල අර මිනිහත් හිටු කියලා දන් දුවන්න ගත්තලු....... සුදුවත් ජෙට් එක වගේ පස්සෙන්ම එලවනවලු
වෙලක් දිගේ හිටු කියලා දුවපු මේ මිනිහා වෙලෙන් එහා පැත්තෙ තිබ්බ කැලේ කට පැනල කැලෙත් කාඩාගෙන දුවන්න ගත්තලු..... සුදුවත් පස්සෙන්මලු
ඔන්න ඉතින් හම්බ දුරක් දුවපු මේ මිනිහා නැවතුනාලු නැවතිලා වහ බෝතලේ අරගෙන මූඩිය ගැලෙව්වලු........................................................ ඒ ලගම තිබ්බ පාලු ළිඳක් ඇතුලට ඒක විසි කරාලු.............
හි හි හිහ් ...... හනේද කියන්නෙ මෙහෙමත් සමයං කියල සුදුවා අර මිනිහා අල්ලගෙන තා දෙක තුනක් ඇනල හති දාගෙන ගෙදර ආවලු......... :D
ප.ලි. :- සත්‍යය සිදු වීමකි... ෆනී ගතියක් නැත්නම් සොරි වෙන්න ඈ :)

No comments:
Post a Comment
ඔබේ අදහස්