1890 ගණන් වල බ්‍රිතාන්‍ය නාවික වෙළදාම විශාල ලෙස ව්‍යාප්ත වූ අතර ස්කැනේඩියානු වරායට යොමු වූ විශාල ප්‍රමාණයේ නෞකා වලට ෆ්ලැනන් දූපත් ඉසව්වෙන් යාත්‍රා කිරීමට සිදු විය.ෆ්ලැනන් දූපත් පිහිටා ඇති ස්කොට්ලන්ත වයඹදිග මුහුදේ නිතරම පාහේ තිබුණු ප්රචණ්ඩ ස්වභාවයත් හා විෂම කාලගුණයත් නිසාවෙන් මෙම නෞකා ෆ්ලැනන්හි ගල් පර වල දරුණු ලෙස ගැටී වැනසුණු අවස්ථා බහුල විය.මේ නිසා රාත්‍රි කාලයේදී නෞකා වලට මඟ පෙන්වීම සදහා අඩි 275ක් උසැති ප්‍රදීපාගාරයක් අයිලින් මෝර් දූපතෙහි ස්ථාපිත කිරීමට 1895 වසරේදී කටයුතු ආරම්භ කරන ලදි.වසර දෙකකින් ප්‍රදීපාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලා පොරොත්තු වුවත් දරුණු කුණාටු සහ අයහපත් කාලගුණයෙන් සිදු වූ බාධා නිසා වැඩ කටයුතු නිම කිරීම සඳහා වසර 4ක් ගත විය.නමුත් අවසානයේදී 1899 දෙසැම්බරයේදී ප්‍රදීපාගාරයේ වැඩ කටයුතු නිමාවට පත් විය.
![]() |
අයිලින් මෝර්හි ප්‍රදීපාගාරය |
ප්‍රදීපාගාරය පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමික නාවිකයන් සිව් දෙනෙකු වාහාම සේවයේ යොදවනු ලැබුවේය.තෝමස් මාර්ශල්,ජේම්ස් ඩූකට්,ඩොනල් මැක් ආතර් සහ ජෝශප් මුවර් යනු නාවිකයන් සිව් දෙනාය.මොවුන් සේවයේ යෙදුනේ වරකට තිදෙනා බැගින් වූ සේවා මුර මාරු ක්රමයකටය.සෑම විටම තිදෙනෙකු සේවය කළ යුතු අතර එක අයෙකුට නිවාඩු ගැනීමේ අවස්ථාව මෙමගින් උදා විය.1900 දෙසැම්බර් 6 වෙනි දින තම සති දෙකක නිවාඩුව ජෝශප් මුවර් හට ලැබුණි.නමුත් නත්තලට ප්‍රථම තාමගේ නිවාඩුව ඉවර වීම පිළිබද කණස්සල්ලක් ඔහු තුළ වුවත් තමා පුදුමාකාර වාසනාවන්තයෙකු බව ඔහුට වැටහුනේ පසුවය.