අද පෝස්ට එක ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච් සිදුවීම් වගයක් ගැන. ඒ කියන්නෙ සාමාන්‍ය පෙළ විභාගය කිට්ටුව වෙච්චි දේවල් ටිකක්.
10 වසරෙදි අපිට විද්‍යාව උගන්වන්න හිටියෙ සර් කෙනෙක්. සර් ට අපි ආදරේට කිව්වෙ "බැටිස්ටා" කියල තමයි. මොකද එයාත් තනිකරම බැටිස්ට වගේ. කොණ්ඩෙත් නට්ටටම කපලා ඒකට තට්ටෙ කියන්නත් බෑ මොකද යාන්තමට වගේ කොණ්ඩ ගස් නටු ටිකත් පේන්න තිබ්බා.අපේ සර් හරිම සැරයි. පොඩි දේටත් දෙන්නෙ පැලෙන්න. වේවැල් පාරවල් කෑවහම කොල්ලන්ට වාඩි වෙන්නවත් බෑ. ඒ වගේම තමයි නිකන් ඉන්නකොටත් කම්මුල් පාරකට සූදානම් වෙලා තමයි ඉන්න ඕන. හැබැයි හරි හොදයි අපේ සර්. උගන්වන එකනම් බොක්කෙන්ම කරනව. කොච්ච්රද කිව්වොත් අනික් සර් ල මිස්ලගේ පීරියඩ් බලෙන් අරන්ම අපිට උගන්වනවා.
සර් විද්‍යාව ඉගැන්වුවේ අපේ පන්තිය ඒ කියන්නෙ D එකටයි අල්ලපු පන්තිය C එකටයි. C එකේ පන්ති බාර සර්ට තමයි. ඉතිං සාර් කරන්නෙ පන්ති දෙකම එකට දාගෙන පීරියඩ් 2ක 3ක් අරන් උගන්වනවා. උදේ පාන්දර අපේ පන්තිභාර සර් එන්න කලින්
"හා හා ඉක්මනට වරෙල්ල පුටුත් අරන් එහා පන්තියට"
කියල අපිව බලෙන්ම ඇදන් යනවා විද්යාව උගන්වන්න. අකමැත්තෙන් වුනත් අපිත් ඉතිං යනවා. ඇත්තටම අපේ කොල්ලන්ට හරිම හිරි හැරයි සර් ගෙන්. ගුටි ගහන එකමයි වැඩේ. සර් ට කවුරු හරි නෝට් උනොත් ඒකට හැමදාම ගුටි තමයි. ඉතිං මේ වගේ නෝට් වෙච්ච් අය ටික දෙනෙක් හිටියා. ටිකකක් කිව්වට ගොඩක්. ඒ වගේ අය ඉස්සරහ පේළිවලට තමයි වාඩි කරව ගන්නෙ. එහෙම අරන් පොඩි දේටත් කම්මුල් පාරක් තමයි ඉතිං.
මම ඉතිං ඒ වගේ නෝට් වුන කෙනෙකුත් නෙමෙයි. ඒ වගේම වැඩිය කැපිලා පෙනුන චරිතෙකුත් නෙමෙයි. ඔන්න දවසක් අපේ පන්ති දෙකම එකට දාලා සර් ඉගැන්නුවා. දෙවෙනි පීරියෙඩ් එකේ මැද විතර වෙද්දි මට ඔලුව කෙලින් තියන් ඉන්නම බෑ. ඉබේම ඇස් පිය වෙනවා. මන් ටිකක් දෙපැත්ත හැරිලා බැලූවාම් පේනව තා 1ක් 2න්නෙක් නිදි වගේ. අනේ ඉතිං උන්ට හොඳනම් මට මොකෝ කියල හිතුනා මට. එහෙම හිතුවට ෆුල් ට්‍රයි කලේ ඇස් ඇරගෙන ඉන්න.
විනාඩි 2ක් 3ක්.. නැත්නම් 5ක් 10ක් වෙන්න ඇති.
'පටාස්'
සද්දෙ මොකක්ද කියලා බලද්දි සර් මගේ ඉස්සරහා.